ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් ලිමිටඩ් (SLIC General) විසින්, 2026 සැප්තැම්බර් මස 21 දින සිට එහි වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී ලෙස ආසිරි වික්‍රමාරච්චි මහතා FCII (UK), පත් කර තිබේ.
රක්ෂණ ක්ෂේත්‍රයේ වසර 19 කට අධික සේවා පළපුරුද්දක් සතු වික්‍රමාරච්චි මහතා, ප්‍රමුඛ පෙළේ දේශීය හා බහුජාතික රක්ෂණ සමාගම් රැසක සේවය කර ඇති අතර, ඔහු අවදානම් තක්සේරුකරණය, රක්ෂණ හිමිකම්, ප්‍රතිරක්ෂණ සහ තාක්ෂණික මෙහෙයුම් යන ක්ෂේත්‍ර ගණනාවක විශේෂඥ දැනුමක් සහිත නිලධාරියෙකි. SLIC General හි වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී තනතුරට පත්වීමට ප්‍රථමයෙන් ඒ මහතා, එහි සාමාන්‍ය රක්ෂණ අංශයේ ප්‍රධාන නිලධාරියා ලෙස ප්‍රධාන තාක්ෂණික මෙහෙයුම් කටයුතු අධීක්ෂණය කළේය.
ඒ මහතා රක්ෂණ ක්ෂේත්‍රයේ ඉහළම වෘත්තීය සුදුසුකම ලෙස පිළිගනු ලබන එක්සත් රාජධානියේ වරලත් රක්ෂණ ආයතනය මගින් පිරිනමනු ලබන ගෞරව සාමාජිකත්වය ද (Fellow of the Chartered Insurance Institute - FCII) හිමි කර ගෙන ඇත. 2011 වසරේදී ඔහු වරලත් රක්ෂණ ආයතනයේ සහකාර සාමාජිකත්වය (Associate of the Chartered Insurance Institute - ACII) සහ වරලත් රක්ෂණකරු) යන සුදුසුකම් ද හිමි කර ගත් අතර, එම සුදුසුකම් අත්කර ගනු ලැබූ ලාබාලතම ලාංකිකයන්ගෙන් එක් අයකු වීමද ඔහුගේ විශේෂත්වයකි. ඉන් අනතුරුව 2011 වසරේ ඉහළම දක්ෂතා දැක්වූ ACII සුදුසුකම් ලත් පුද්ගලයා වෙනුවෙන් පිරිනමන විශිෂ්ටතම ශිෂ්‍යයාට හිමි සම්මානය 2012 වසරේ කොළඹදී පැවැත්වුණු රක්ෂණ සමුළුවේදී ඒ මහතා වෙත පිරිනමන ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd