IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


SDB බැංකුවෙන් ස්ථාවර තැන්පතුවලට ඉහළ පොලියක්

ගනුදෙනුකරුවන් වෙනුවෙන් නිරන්තරයෙන්ම උපරිම ප්‍රතිලාභ ලබාදෙන SDB බැංකුව 2025 වසර සඳහා සිය ස්ථාවර තැන්පතු සඳහා ප්‍රවර්ධන වැඩසටහන දියත් කරමින් පස් අවුරුදු ස්ථාවර තැන්පතු සඳහා හොඳම පොලී අනුපාතයක් හඳුන්වාදීමට කටයුතු කර ඇත. 
මෙම ප්‍රවර්ධන වැඩසටහන පාරිභෝගිකයන්ට සුරක්ෂිත සහ හොඳම ප්‍රතිලාභ ලබා දෙන ආයෝජනයක් සඳහා දොරටු විවර කරන අතර ඔවුන්ට ඒ හරහා සිය මූල්‍ය ඉලක්ක විශ්වාසයෙන් යුතුව සාර්ථකව සපුරා ගැනීම සඳහා අවස්ථාව උදා වනු ඇත.
මේ විශේෂ ප්‍රවර්ධන සමය තුළ SDB බැංකුව පසු අවුරුදු ස්ථාවර තැන්පතු සැලසුම් සඳහා මාසික පොලිය ලබා ගන්නේ නම් සියයට 9.75 ක වාර්ෂික පොලී අනුපාතයකුත් කල් පිරීමේදී සියයට 13 ක පොලී අනුපාතයකුත් ලබා දෙනු ඇත. ගනුදෙනුකරුවන්ට සිය ආයෝජනයන් සැලකිය යුතු අන්දමින් වර්ධනය කරගැනීමට අවස්ථාව සලසන මෙම අනුපාතයන් වෙනත් බොහෝ ආයතන විසින් ලබා දෙන අනුපාතවලට වඩා ඉහළ වන අතර SDB බැංකුව දීර්ඝ කාලීන ආයෝජන සඳහා හොඳම තේරීම ලෙසින් ස්ථානගත කරයි. අනාගත සුරක්ෂිත බව, දරුවන්ගේ අධ්‍යාපන අවස්ථා, සුවපහසු විශ්‍රාම දිවියක් ආදී කුමන අවශ්‍යතාවක් වෙනුවෙන් ඔබ මුදල් ඉතිරි කළත් ඒ සඳහා හොඳම අවස්ථාව දැන් ඔබට SDB බැංකුවේ ස්ථාවර තැන්පතු ක්‍රමය හරහා ලැබී ඇත.


“අපේ පස් අවුරුදු ස්ථාවර තැන්පතු සැලසුම් ගනුදෙනුකරුවන්ට ආරක්ෂිත සහ වෙළඳපොළේ පවතින හොඳම පොලී අනුපාත හරහා හොඳම ප්‍රතිලාභ ලබා දෙන අනගි ආයෝජන අවස්ථාවක්. මේ සියල්ලටම අමතරව දිවයින පුරා SDB බැංකු ශාඛාවල සේවයේ නිරත, පාරිභෝගික සේවය වෙනුවෙන් කැපවුණු අපේ කාර්ය මණ්ඩලය ඔබේ මූල්‍ය ඉලක්ක ජයගැනීමට ලබා දිය හැකි සියලු සහය ලබා දීමට සැදී පැහැදී සිටිනවා. ඔබේ ළඟම පිහිටි SDB බැංකු ශාඛාවට පිවිස හෝ සතියේ දින 7 ම පැය 24 පුරාම ක්‍රියාත්මක අපේ පාරිභෝගික සේවා මධ්‍යස්ථානය අමතා අපේ පස් අවුරුදු ස්ථාවර තැන්පතු ක්‍රමය පිළිබඳව වැඩිදුර තොරතුරු ලබා ගැනීමට අපි ඔබට ආරාධනා කර සිටිනවා” යැයි මේ පිළිබඳව වැඩිදුර අදහස් දක්වමින් SDB බැංකුවේ ප්‍රධාන ව්‍යාපාර නිලධාරි චිත්‍රාල් ද සිල්වා මහතා පැවසීය.
ශ්‍රී ලාංකික ප්‍රජාව සමූපකාර සංවිධාන, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ඇතුළු සියලු ආකාරයේ  ශ්‍රී ලාංකිකයන් සහ ආයතන සවිබල ගන්වන SDB බැංකුව සමඟ ස්ථාවර තැන්පතු ඇරඹීම ඔබේ ආයෝජනයට උපරිම ප්‍රතිලාභ ලබා දෙන අතරම ඔබට රටේ දියුණුවේ කොටස්කරුවෙක් වීමටද අවස්ථාව සලසනු ඇත. 

 



අදහස් (0)

SDB බැංකුවෙන් ස්ථාවර තැන්පතුවලට ඉහළ පොලියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 703 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site