
Prime සමූහයේ Condominium අංශය වන Prime Lands Residencies PLC සමාගම, The Colombo Border ව්‍යාපෘතිය ප්‍රධාන ව්‍යුහයන්හි ඉදිකිරීම් අවසන් කළ බව පසුගියදා නිවේදනය කළේය. මෙය එම ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතුවල වැදගත් සන්ධිස්ථානයකි. මීට පෙර Tower Cosmos හි ප්‍රධාන ව්‍යුහයේ ඉදිකිරීම් අවසන් වී තිබුණු අතර, දැන් එම ව්‍යාපෘතියේ Towers සියල්ලෙහිම ප්‍රධාන ව්‍යුහයේ ඉදිකිරීම් අවසන් වී ඇත. ව්‍යාපෘතියේ සංකීර්ණතම අදියර වන මෙය සම්පූර්ණ වී ඇත්තේ ඉලක්කගත කලසීමාවලටත් පෙර වීම විශේෂත්වයකි.
Prime Lands Residencies PLC සමාගම ක්‍රියාවට නංවන The Colombo Border ව්‍යාපෘතිය, කොළඹ නාගරික ජීවන රටාව යළි අර්ථකථනය කරන සුවිශේෂී නේවාසික සංවර්ධන ව්‍යාපෘතියකි. ශීඝ්‍රයෙන් සංවර්ධනය වෙමින් පවතින පෑලියගොඩ ප්‍රදේශයේ ඉදි වන මෙම ව්‍යාපෘතිය, සුවපහසුව, තිරසාරත්වය සහ සාමූහිකත්වය එක්තැන් කරන පරිපූර්ණ ජීවන අත්දැකීමක් නිවැසියන් වෙත ලබාදීමේ අරමුණින් සැලසුම් කර තිබේ.
අක්කර 6.5 කට ආසන්න භූමි ප්‍රමාණයක් ආවරණය The Colombo Border ව්‍යාපෘතිය, Brielle, Cosmos සහAmaa යන නේවාසික towers තුනකින් සමන්විත වේ. නවීන ගෘහ නිර්මාණ සැලසුම්වලින් යුත් නිදන කාමර දෙක සහ තුන බැගින් වන නිවාස මෙන්ම, නිදන කාමර හතරකින් යුත් Penthouse වර්ගයේ නිවාස කිහිපයක්ද මීට ඇතුළත්ය. නිවැසියන්ට සොබාදහමට සමීපව, සිතේ සැහැල්ලුවෙන් යුතුව, වඩාත් සමබර ජීවන රටාවක් ගතකිරීමට අවස්ථාව සලසා දීමේ අරමුණින් මෙම ව්‍යාපෘතියේ අක්කර 5 ක පමණ භූමි ප්‍රමාණයක් උද්‍යාන, විනෝදාස්වාද පහසුකම් සහ විවෘත හරිත අවකාශ සඳහා වෙන් කර තිබේ. කොළඹ නගරයේ විශාලතම ඒකාබද්ධ නේවාසික සංවර්ධන ව්‍යාපෘති අතරින් එකක් වන The Colombo Border ව්‍යාපෘතියේ නිවාස ඒවායෙහි හිමිකරුවන් වෙත භාරදීමේ ක්‍රියාවලිය 2027 වසරේ මැද භාගයේදී ආරම්භ කිරීමට නියමිතය.
සාර්ථක ඉදිකිරීම් සැලසුම්කරණය මෙන්ම, ඉදිකිරීම් කටයුතු සිදුකරන විශේෂඥ ඉංජිනේරු කණ්ඩායම් දෙකක් අතර සම්බන්ධීකරණය සාර්ථක ලෙස පවත්වාගෙන යාමට හැකි වීම හේතුවෙන් ව්‍යාපෘතිය මෙතරම් කාර්යක්ෂම ලෙස ක්‍රියාවට නැංවීමට හැකි වී ඇත. Prime සමූහයේ ඉදිකිරීම් අංශය වන Prime Construction (Pvt) Ltd විසින් මෙහි Towers දෙකක් ඉදිකිරීම් කටයුතු මෙහෙයවන අතර, අනෙක් කුලුනේ ඉදිකිරීම් කටයුතු Sanken Lanka (Pvt) Ltd විසින් මෙහෙයවනු ලබයි.
මේ ආකාරයට ඉදිකිරීම් කණ්ඩායම් දෙකක් ක්‍රියාත්මක වන The Colombo Border ව්‍යාපෘතියේ Towers තුනෙහිම ප්‍රධාන ව්‍යුහයන් ඉදිකිරීමේ කටයුතු නියමිත කාලයටත් පෙර අවසන් කිරීමට හැකි වීම, Prime Lands Residenciesසමාගමේ සාර්ථක සැලසුම්කරණය සහ විශිෂ්ට ඉංජිනේරු හැකියාව මැනැවින් පිළිබිඹු කරයි.
ශ්‍රී ලංකාවේ නවීන නිවාස කලාවට නව අරුතක් ලබාදෙන සුවිශේෂී ව්‍යාපෘතියක් වන The Colombo Border, එහි පිහිටීම, පරිසර හිතකාමීත්වය, උසස්ම තලයේ පහසුකම්, තිරසාර සැලසුම්කරණය සහ සාමූහිකත්වයේ හැඟීමෙන් පදිංචිකරුවන්ට සුවිශේෂී ජීවන අත්දැකීමක් ලබා දෙන සුඛෝපභෝගී නිවාස එකතුවකි. ඉතා කෙටි කාලයක් තුළ මෙරට නිවාස ගැනුම්කරුවන්ගේ සහ ආයෝජකයන්ගේ විශ්වාසය දිනාගැනීමට මෙම ව්‍යාපෘතිය සමත් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd