IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


NSBM සියපත්සිය උදානය 2025 හරිත කිරුළ මංගල්‍යය

NSBM හරිත සරසවියේ පශ්චාත් උපාධි අධ්‍යයන පීඨයේ පීඨාධිපතිනිය ආචාර්ය පියුමි වික්‍රමසිංහ, විද්‍යා පීඨයේ පීඨාධිපතිනිය ආචාර්ය නුවන්ති කටුවාවිල සහ ව්‍යාපාර පීඨයේ පීඨාධිපතිනිය තිළිණි ද සිල්වා මහත්මිය සමඟ රාජා ජුවලර්ස් හි අධ්‍යක්ෂ ආචාර්ය තරංග පෙරේරා, කළමනාකරු සදීව රොෂාන් මහතා සහ ජ්‍යෙෂ්ඨ නිර්මාණකරු අරුණ ශාන්ත මහතා සමඟ කිරුළ එළිදැක්වීමේ අවස්ථාවට එක්ව සිිටි අයුරු.


 

 

NSBM හරිත සරසවිය සිංහල දෙමළ අලුත් අවුරුදු සැමරුම මුල් කර ගනිමින් වාර්ෂිකව සංවිධානය කරන ‘‘සියපත්සිය උදානය” අලුත් අවුරුදු උත්සවය අප්‍රේල් මාසයේදී හෝමාගම හරිත සරසවි පරිශ්‍රයේ දී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට කටයුතු සුදානම් වෙමින් පවතී.

මෙම අලුත් අවුරුදු උත්සවයේ වඩාත් ආකර්ෂණීය අංගය වන ‘‘සියපත්සිය උදානය අවුරුදු කුමරා සහ කුමරිය” තරගය මෙවරත් විශේෂයෙන්ම සංවිධානය කර තිබේ. එහි මූලික වටයේ තෝරාගැනීමේ තරගය වට තුනක් යටතේ මේ වන විටද අවසන් කර ඇති අතර, NSBM සිසු සිසුවියෝ තුන්සීයයකට අධික සංඛ්‍යාවක් ඒ සඳහා ඉදිරිපත් වූහ. එයින් පිරිමි සහ කාන්තා යන කාණ්ඩ යටතේ තේරී පත්වූ තරගකරුවෝ සියයක් අවසන් පූර්ව වටයට තේරීපත්ව සිටිති. ඒ අතරින් කුමර කුමරියන් 24 දෙනකු අවසන් වටය සඳහා තරඟ කරනු ඇත. 2012 වර්ෂයේ සිට පවත්වන ලද මෙම අවුරුදු කුමරා කුමරිය තරගයේ ජයග්‍රහණය කළ සහ ඊට ඉදිරිපත්වූ රුවැති කුමරියන් මෙන්ම කඩවසම් කුමරුවන් බොහෝ දෙනෙක් මේ වන විට රංගන සහ නිරූපණ ක්ෂේත්‍රවල බැබළෙන තරු බවට පත්වී තිබීම විශේෂත්වයකි.

 ‘‘සියපත්සිය උදානය අවුරුදු කුමරා සහ කුමරිය 2025” තරගයේ අංග අතරට ප්‍රථම වරට එක් කළ සුවිශේෂ අංගයක් ලෙස මෙවර සියපත්සිය උදානය අවුරුදු කුමරිය අභිෂේක ගන්වන රන් මිණි කිරුළ එළිදැක්වීමේ ‘‘හරිත කිරුළ මංගල්‍යය” (Crown Launching Ceremony) මාර්තු 27 වැනි දින හරිත සරසවි ශ්‍රවණාගාරයේදී මහත් උත්සවශ්‍රීයෙන් පැවැත්විණි. මෙරට දැවැන්තම ස්වර්ණාභරණ අලෙවි ජාලයක් වන රාජා ජුවලර්ස්හි අනුග්‍රාහකත්වය යටතේ ලබාදී ඇති මෙම කිරුළ වටිනා මැණික් ඔබ්බවා රනින් කළ මිලියන සියයක වටිනාකමකින් යුතු වේ.

NSBM හරිත සරසවියෙහි උපකුලපති වන මහාචාර්ය ඊ.ඒ. වීරසිංහ මහතාගේ මූලිකත්වයෙන් සංවිධානය වූ මෙම සුවිශේෂ අංගයය NSBM කාර්ය මණ්ඩලය, ආරාධිතයන්, අනුග්‍රාහක භවතුන්, සිසුන් සහ ආදි සිසුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ. මෙම උත්සවයේ විචිත්‍රවත් බව තව තවත් ඔප්නනවමින් පෙර වර්ෂයන්ගේ ‘‘සියපත්සිය උදානය අවුරුදු කුමරා සහ කුමරිය” තරගය ජයග්‍රහණය කර හෝ ඊට ඉදිරිපත්ව පසුව රංගන සහ නිරූපන ක්ෂේත්‍රවලට ප්‍රවේශ වූ මාෂි සිරිවර්ධන, එමාෂා සෙනෙවිරත්න, පෙෂානි ඒකනායක, මලින්ද ගමාරච්චි වැනි NSBM තරු රැසක්ද මීට එක්ව සිටියහ.

හරිත කිරුළ මංගල්‍යයට සමගාමීව ‘‘සියපත්සිය උදානය අවුරුදු කුමරා සහ කුමරිය” තරගයේ අවසන් පූර්ව වටය ද එදිනම පැවැත්විණි. ඒ අනුව තරගයේ අවසන් මහා තරගය සඳහා තේරී පත්වූ කුමර කුමරියන් 24 දෙනා ප්‍රකාශයට පත් කිරීමද උත්සවය අතරතුර සිදු කළේය.



අදහස් (0)

NSBM සියපත්සිය උදානය 2025 හරිත කිරුළ මංගල්‍යය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 179 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2066 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1585 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site