
NDB බැංකුව, ශ්‍රී ලංකා වනසත්ව හා ස්වභාව ආරක්ෂක සංගමයේ (WNPS) තරුණ අංශය සමග එක්ව,ිසංරක්ෂණය සඳහා අධ්‍යාපනය’ ව්‍යාපෘතියේ අවසාන පරිච්ජේදය සාර්ථකව අවසන් කළේය 2025 අප්‍රේල් 1 සිට 3 දක්වා රූනකන්ද වැසි වනාන්තර මධ්‍යයේ දී පැවත්වුණු මෙම වටිනා පුරවැසි විද්‍යා ක්ෂේත‍්‍ර වැඩමුළුව, පරිසර හිතකාමී තරුණ පරම්පරාවක් පෝෂණය කිරීමේ අරමුණින් සංවිධානය කර තිබිණි.
බදුරලිය මහා විද්‍යාලය, දික්හේන කනිෂ්ඨ විද්‍යාලය, කඹුරාවල මහා විද්‍යාලය, ඉඟුරුදළුව කනිෂ්ඨ විද්‍යාලය සහ හැඩිගල්ල ශ‍්‍රී විපුලසිරි කනිෂ්ඨ විද්‍යාලය ඇතුළු බදුරලිය ප‍්‍රදේශයේ පාසැල් 05ක සිසුන් සහ ගුරුවරුන් 150 කට අධික පිරිසක් මෙම සුවිශේෂී අත්දැකීම බෙදා හදා ගැනීමට එක්වූහ. මෙම වැඩමුළුව හුදු අධ්‍යාපනික විනෝද චාරිකාවක් ලෙස පමණක් නොව, ක්ෂේත‍්‍ර දැනුම පාදක කරගත් විද්‍යාත්මක නිරීක්ෂණ හරහා පරිසර සංරක්ෂණය සඳහා ක්‍රියාකාරී පුරවැසියන් බවට පත්වීමට සහභාගිවූ පිරිසට අවස්ථාව හිමිකර දුන් ආකර්ශණීය ගවේෂණයක් විය.
ජෛව විවිධත්වය, පරිසර පද්ධති පිළිබඳ දැනුවත්භාවය සහ විද්‍යාත්මක ලියකියවිලි පිළිබඳ මූලික මූලධර්ම පිළිබඳව වැඩසටහන සඳහා සහභාගී වූ සිසුන්ට මනා දැනුමක් ලබාදුන් අතර, වැසි වනාන්තරවල ඇති ශාක හා සත්ව විශේෂ නිරීක්ෂණය කිරීමේ සහ ඒවා වාර්තා කිරීමේ අත්දැකීමද ලබාදෙන ලදී. මෙම අත්දැකීම් සහිත අධ්‍යාපනයක් ලබාගන්නා අතරතුර එම සිසුන් ඔවුන්ගේ ප‍්‍රජාව තුළ සොබාදහම සුරැකීම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කරන පුරවැසියන් පිරිසක් බවට ද පරිවර්තනය කළේය.
මෙම වැඩසටහන අතරතුර සුවිශේෂී අවස්ථාවක් ලෙස WNPS තරුණ අංශය විසින් වන සංරක්ෂණ අධ්‍යාපනයේ ජාතික වටිනාකමක් සහිත ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම පුරවැසි විද්‍යා මෙවලම් කට්ටලය නිල වශයෙන් දියත් කිරීම සිදුවිය. මෙම මෙවලම් කට්ටලය සමස්ත ප‍්‍රජාවට සහ පාසල් වලට විද්‍යාත්මක දත්ත රැස් කිරීම සඳහා සහභාගී වීමට හැකියාව ලබා දෙන අතර, සංරක්ෂණය අධ්‍යයන පන්තිකාමරයේ අධ්‍යාපනයෙන් ඔබ්බට යන වගකීමක් බවට පත් කරයි.
2025 දෙසැම්බර් මස 18
533
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
270
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
NDB බැංකුව සහ WNPS තරුණ අංශය එකතුවෙන් ‘සංරක්ෂණය සඳහා අධ්‍යාපනය’ පුරවැසි විද්‍යා වැඩමුළුවක්