IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


NDB බැංකුවේ බදු පෙර ලාබය රුපියල් බිලියන 4.0ක්

  • සියයට 168කින් ඉහළ ගිය රුපියල් බිලියන 1.9ක බදු වලට පසු ලාබයක්
  • ඉපැයුම් ප්‍රතිලාභය (ROE) සියයට 10.03 ක්
  • සමස්ත වත්කම් වර්ධනය රුපියල් බිලියන 852.4 කට සියයට 7 න් ඉහළට

NDB බැංකුව 2025 මාර්තු 31 වන දිනෙන් අවසන් වූ මාස තුන සඳහා (2025 පළමු කාර්තුව) මුල්‍ය කාර්ය සාධන වාර්තාව පසුගිය දා කොළඹ කොටස් 

වෙෙළඳපොළ වෙත නිකුත් කළ අතර, එය ආර්ථික ක්‍රියාකාරකම්වල නැවත පිබිදීම සහ පෞද්ගලික අංශයේ ණය ඉල්ලුම ඉහළ යාමත් සමග ශක්තිමත් වර්ධනයක් පිළිබිඹු කර තිබුණි.

2025 වසරේ පළමු කාර්තුවේ කාර්යසධනය පිළිබඳ අදහස් දක්වමින් අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී කැලුම් එදිරිසිංහ මහතා මෙසේ ප්‍රකාශ කර සිටියේය. “2024 වසර NDB බැංකු ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ ඉහළම ලාභය සනිටුහන් කරමින් අප වසරේ ශක්තිමත් ආරම්භයක් ලබා ගත්තෙමු. අපගේ ප්‍රමුඛතාවලට අනුකූලව 2025 වසර සහ ඉන් ඉදිරියට අපගේ අභිලාෂය උපායමාර්ගික වර්ධනය වේගවත් කිරීම සහ අපගේ සුවිශේෂී හැකියාව විවර කරලීම සඳහා අවශ්‍ය ක්‍රියාකාරී සැලසුම් දැනටමත් සකස් කර ඇත. කොටස් හිමියන්ගේ වටිනාකම ඉහළ නැංවීම, තිරසාර ප්‍රතිලාභ ලබාදීම, අපගේ ගනුදෙනුකරුවන්ට විශිෂ්ට සේවා ලබා දෙමින් රටේ ආර්ථික වර්ධනයට ධනාත්මක බලපෑමක් ඇති කරවන ආකාරයේ දායකත්වයක් ලබාදීම අපගේ අරමුණයි.

“සංවර්ධනය වන ආර්ථික පරිසරයක් තුළ අපගේ ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ මුල්‍ය දියුණුව අත්පත් කර ගැනීමේදී නව ණය පහසුකම් සඳහා ඉල්ලුමක් අපි දකින්නෙමු. අපගේ ගනුදෙනුකරුවන්ට වඩාත් පහසු, බුද්ධිමත් සහ වඩාත් ඉක්මන් බැංකුකරණ විසඳුම්, විශේෂඥ නිෂ්පාදන උපදේශන සේවා, ඩිජිටල් පහසුකම් සහ සුවිශේෂී පාරිභෝගික සේවා ලබා දෙමින් සත්‍ය වශයෙන් ප්‍රතිලාභදායී බැංකුකරණ අත්දැකීමක් ලබා දීම සඳහා NDB බැංකුව මනාව සැදී පැහැදී සිටියි.

ආදායම සහ ලාබය පිළිබඳ විශ්ලේෂණය බැංකුවේ සමස්ත මෙහෙයුම් අදායම, 2025 මාර්තු 31න් අවසන් වන මාස තුන සඳහා (සමාලෝචනයට භාජනය වන කාල පරිච්ඡේදය) 2024 වසරේ එම කාල පරිච්ඡේදයට සාපේක්ෂව (වසරින් වසර) සියයට 5කින් වර්ධනය වී රුපියල් බිලියන 10.6 ක් විය. සමස්ත මෙහෙයුම් අදායම සඳහා බහුතර දායකත්වය සැපයූ ශුද්ධ පොලී ආදායම (N), රුපියල් බිලියන 8.0 ක් වූ අතර එය වාර්ෂිකව සියයට 1ක් සුළු පහත වැටීමකි. මෙම පහත වැටීමට ප්‍රධාන වශයෙන් හේතු වූයේ පෙර වසරේ සමාලෝචනයට භාජනය වූ කාල පරිච්ඡේදය තුළ පැවති අඩු පොලී අනුපාත වන අතර, එය මාසික AWPR පදනම මත 270bps අඩු විය. තැන්පතු පොලී අනුපාත නිසි කලට සකස් කිරීම, ප්‍රතිලාභ වැඩි කර ගැනීම සඳහා වඩා හොඳ ආයෝජන තේරීම් කෙරෙහි අවධානය යොමු කිරීම සහ අරමුදල් කළමනාකරණය කරන ආකාරය වැඩිදියුණු කිරීම මගින් බැංකුවට පොලී ආදායම පවත්වා ගැනීමට සහ එමගින් ශුද්ධ පොලී ආන්තිකය (NIM) මත පීඩනය අඩු කිරීමට උපකාරී විය. එහි ප්‍රතිඵලයක් ලෙස 2025 පළමු කාර්තුව සඳහා ශුද්ධ පොලී ආන්තිකය (NIM) සියයට 3.92ක් විය. මෙම කාලපරිච්ඡේදය සඳහා ශුද්ධ ගාස්තු සහ කොමිස් ආදායම රුපියල් බිලියන 1.8 වූ අතර නැවතත් එය වාර්ෂිකව සියයට 2 ක සුළු පහත වැටීමකි. ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් ගාස්තු ආදායම මන්දගාමී තත්වයක පැවතුනද, විද්‍යුත් ගනුදෙනු සහ මෙහෙයුම් සේවා ඇතුළු විකල්ප මාර්ග වලින් ලැබෙන අදායම ධනාත්මක ලෙස වාර්ෂික වර්ධනයක් පෙන්නුම් කළේය. අනෙකුත් සියලූම කාණ්ඩ වල අදායම රුපියල් මිලියන 842.4 ක් උපයාගත් අතර මෙහෙයුම් ආදායම් ශක්තිමත් කරමින් එය සංසන්දනාත්මක කාල පරිච්ඡේදයට සාපේක්ෂව සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කළේය.

හානිපූරණය සම්බන්ධයෙන් ගත් කල, බැංකුව රුපියල් බිලියන 2.6 ක මුළු හානිපූරණ ගාස්තුවක් වාර්තා කළ අතර, එය පසුගිය වසරේ අදාළ කාලයට වඩා සියයට 40 ක සැලකිය යුතු අඩු වීමකි. මෙයට අමතරව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී වෙන් කරන ලද ආරම්භක අලාභයෙන් කොටසක් ආපසු හැරවීමෙන් 2025 පළමු කාර්තුවේදී බැංකුව රුපියල් මිලියන 457.5 ක ලාබයක් වාර්තා කළේය. 2025 පළමු කාර්තුව සඳහා ණය සහ අත්තිකාරම් සඳහා වන හානිපූරණ ගාස්තුව වසරින් වසර සියයට 22 ක අඩුවීමක් දක්නට ලැබුණි. පසුගිය වසරේ එම කාර්තුවට සාපේක්ෂව ණය වර්ගීකරණය වැඩිදියුණු වී තිබීම දිරිගන්වන සුළු වන අතර, වත්කම් වල ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම සඳහා බැංකුව දරන උත්සාහයේ ධනාත්මක බලපෑම පෙන්නුම් කරයි. ණය හානිපූරණ (අදියර 3) මුළු ණයවලට අනුපාතය සියයට 5.53 ක් වූ අතර, එය 2024 දී සියයට 5.18 සිට ඉහළ ගොස් ඇති අතර, මෙම හානිපූරණ ණය සඳහා ප්‍රතිපාදන ආවරණය සියයට 53.26 ක් වූ අතර, එය 2024 දී සියයට 54.48 සිට සුළු වශයෙන් අඩු වී ඇත.

2025 පළමු කාර්තුව සඳහා රුපියල් බිලියන 4.4 ක ශුද්ධ මෙහෙයුම් වියදම් වාර්ථා වූ අතර, එය සියයට 13 ක වාර්ෂික වැඩිවීමකි. මෙම වැඩිවීමට ප්‍රධාන වශයෙන් හේතු වූයේ ශාඛා පරිශ්‍ර සහ ආයතනික වියදම් සහ අනෙකුත් මෙහෙයුම් වියදම් ඉහළ යාමයි. ශක්තිමත් පිරිවැය විනය සහ ඵලදායී පිරිවැය කළමනාකරණය මඟින් පිරිවැය අපේක්ෂිත මට්ටම් තුළ තබා ගැනීමට හැකි වී තිබේ.



අදහස් (0)

NDB බැංකුවේ බදු පෙර ලාබය රුපියල් බිලියන 4.0ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 688 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17828 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 758 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site