IMG-LOGO

2025 ඔක්තෝබර් මස 24 වන සිකුරාදා


NDB බැංකුව තුන් වතාවක් ‘Great Place To Work CertifiedTM’ සම්මානය දිනාගනී

2025 වසරේ ජූලි සිට 2026 වසරේ ජූලි දක්වා කාලසීමාව සඳහා ‘Great Place to Work CertifiedTM’ යන පිළිගැනීම නැවත වරක් හිමිකරගත් බව NDB බැංකුව නිවේදනය කළේය. එලෙසම ප‍්‍රමුඛ පෙළේ සේවායෝජකයකු ලෙස සහ මෙම ගෞරවනීය ඇගයීම 3 වතාවක් හිමිකරගත් ශ‍්‍රී ලංකාවේ එකම දේශීය බැංකුව බවට පත්වෙමින් ඔවුන්ගේ ඇති විශිෂ්ටත්වය මෙමගින් තහවුරු කරයි.

මෙම සුවිශේෂී ඇගයීම පදනම් වී ඇත්තේ සේවා ස්ථානයේ සංස්කෘතිය සහ විශ්වාසය පිළිබඳ සේවක අත්දැකීම් තක්සේරු කරන ගෝලීය වශයෙන් ප‍්‍රමිතිගත නිර්ණායක භාවිත කරමින්, ස්වාධීන පාර්ශ්වයක් වන Great Place To Work® Sri Lanka විසින් පුළුල් ලෙස සිදුකරන ලද සේවක සමීක්ෂණ ඇගයීමක් හරහා එකතු කරන ලද තොරතුරු මගිනි.

NDB බැංකුව Great Place To Work® Culture AuditTM ඇගයීමට ද සම්බන්ධ වූ අතර එයට මානව කළමනාකරණ මුලපිරීම් පිළිබඳ පුළුල් විගණනයක් ඇතුළත් විය. එහි මූලික අරමුණ වූයේ සියලු දෙනා ඇතුළත් සේවා පරිසරයක්, සේවක අරමුණු සාක්ෂාත් කරගැනීම සහ ඔවුන්ගේ අඛණ්ඩ සංවර්ධනයට ප‍්‍රමුඛත්වය දෙන සේවා ස්ථාන සංස්කෘතියක් පෝෂණය කිරීමේදී පුද්ගල භාවිතාවන්හි කාර්යක්ෂමතාව මැන බැලීමයි.

මෙම සුවිශේෂී ඇගයීම පිළිබඳ අදහස් දක්වමින් NDB බැංකුවේ අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිලධාරී කැලුම් එදිරිසිංහ මහතා මෙසේ ප‍්‍රකාශ කළේය. “නැවත වරක් Great Place To Work CertifiedTM ඇගයීම හිමිවීම පිළිබඳව අපි ඉතා ආඩම්බර වෙනවා. ඒ වගේම තුන් වතාවක් මෙම ගෞරවය ලැබූ පළමු දේශීය බැංකුව වීම පිළිබඳව ද අපි සතුටු වෙනවා. NDB බැංකුවේ අපගේ සියලු සාර්ථකත්වයේ හදවත අපගේ සේවක කණ්ඩායම බව අපි විශ්වාස කරනවා. සහයෝගීතාව, විශ්වාසය, විවිධත්වය සහ ගෞරවය සෑම සේවකයකුටම සමෘද්ධිමත් වීමට සවිබල ගන්වන සේවා සංස්කෘතියක් වර්ධනය කිරීම සඳහා අපගේ ඇති නොසැලෙන කැපවීම මෙම ඇගයීමෙන් තහවුරු කරනවා. එය හුදු සේවා ස්ථානයකින් ඔබ්බට යමින්, සේවක සාමාජිකයන්ගේ සංවර්ධනය වන, ඔවුන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත වන සහ ඒ වෙනුවෙන් ප‍්‍රමුඛත්වය ලබා දෙන ආයතනයක් බවට තහවුරු කරනවා.”

NDB බැංකුවේ සේවක අත්දැකීම් හැඩගස්වා ඇත්තේ විවෘත සංවාද කුසලතා මත පදනම් කරගත් සේවක ප‍්‍රගතිය, පෞද්ගලික යහපැවැත්ම සහ සියලු දෙනා ඇතුළත් නායකත්වය දිරිමත් කරන සංස්කෘතියක් මගිනි. 



අදහස් (0)

NDB බැංකුව තුන් වතාවක් ‘Great Place To Work CertifiedTM’ සම්මානය දිනාගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1313 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1241 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 454 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site