
මුහුදේ තෙල් කාන්දුවක් ඇතිවුවහොත් ඊට කඩිනමින් හා නිසි සමායෝජනයෙන් මුහුණදීමට හම්බන්තොට දිස්ත්‍රික්කය සතු හැකියාව වඩාත් ශක්තිමත් කිරීම සඳහා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය (MEPA) විසින් මෙහෙය වූ වැඩමුළුවක් පසුගියදා හම්බන්තොට ජාත්‍යන්තර වරායේදී පැවැත්විණි.
වරායේ සත්කාරකත්වයෙන් පැවැති මෙම වැඩමුළුවට රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතන රැසක් නියෝජනය කරමින් සියයකට ආසන්න පිරිසක් සහභාගි වූහ.
ශ්‍රී ලංකාවේ ජාතික තෙල් කාන්දුවීම් හදිසි ප්‍රතිචාර සැලැස්මට අනුව MEPA වැඩසටහන සංවිධානය කර තිබිණි. තෙල් කාන්දුවක් සිදුවූ විට අදාළ ආයතන එක්ව ක්‍රියා කළ යුතු ආකාරය, ඒ ඒ ආයතනවල වගකීම් සහ තිබෙන උපකරණ හා සම්පත් කඩිනමින් යොදාගන්නා ආකාරය පිළිබඳව මෙහිදී කරුණු පැහැදිලි කෙරිණි.
ශ්‍රී ලංකා වරාය අධිකාරිය, සිනොපෙක්, නාවික හමුදාව, යුද හමුදාව, ගුවන් හමුදාව, වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව සහ පොලිසිය මෙම වැඩමුළුවට සහභාගි වූහ. හම්බන්තොට දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ පළාත් සභාව ද නියෝජනය විය.
ධීවර දෙපාර්තමේන්තුව, ජාතික ජලජ සම්පත් පර්‌යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය (NARA), ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලය, ධීවර වරායන්, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය, ලංකා විදුලිබල මණ්ඩලය, ශ්‍රී ලංකා ටෙලිකොම්, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ නියෝජිතයෝ ද ඊට එක්ව සිටියහ. හම්බන්තොට ජාත්‍යන්තර වරාය (HIP) සහ MEPA නිලධාරීන් ද වැඩමුළුවට සහභාගි වූහ.
තෙල් කාන්දුවක් වැනි හදිසි අවස්ථාවකට සාර්ථකව මුහුණදීමට උපකරණ පමණක් ප්‍රමාණවත් නොවන බවHIPS ප්‍රධාන විධායක නිලධාරී විල්සන් ෂූ මහතා පැවසීය. “මෙවැනි අවස්ථාවක ඉක්මනින් හා නිවැරදිව ක්‍රියා කිරීමට පුහුණු පිරිසක්, පැහැදිලි වගකීම් සහ සියලු ආයතන අතර හොඳ සමායෝජනයක් අවශ්‍යයි. තාක්ෂණික දැනුම සහ ප්‍රායෝගික පුහුණුව එකට එක්කිරීමෙන් අපට වඩාත් සාර්ථක ප්‍රතිචාරයක් ලබාදිය හැකියි. හම්බන්තොට සමුද්‍රීය පරිසරය ආරක්ෂා කරමින්, ජාතික හදිසි ප්‍රතිචාර වැඩපිළිවෙළට සහාය දීමටHIP අඛණ්ඩව කටයුතු කරනවා,” ඔහු තවදුරටත් සඳහන් කළේය.
වැඩමුළුවේ පෙරවරු සැසියේ දේශන MEPA දිස්ත්‍රික් සමුද්‍රීය පරිසර නිලධාරී මධුර දෙල්පචිත්‍ර, MEPA මෙහෙයුම් කළමනාකරු නිලන්ත පියදාස සහ සහකාර මෙහෙයුම් කළමනාකරු ප්‍රභාත් අමරණායක යන මහත්වරුන් විසින් පවත්වන ලදී. වරාය වෙනුවෙන් HIPS ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරී කපිතාන් මියුරු ගුණසේකර මහතා සහභාගි වූවන් ඇමතීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd