ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ තොරතුරු තාක්ෂණය (ICT) බෙදාහැරීමේ සමාගමක් වන Technocity පුද්ගලික සමාගම, Lenovo සමාගම විසින් පවත්වන ලද “Lenovo 360 Accelerate...” කලාපීය උත්සවයේ දී 2025-26 වසර සඳහා ශ්‍රී ලංකාවේ හොඳම බෙදාහැරීමේ සහකරු (Partner Excellence Award for Distribution) සම්මානය දිනා ගැනීමට සමත් විය.
ඒ අනුව එය, Technocity සමාගම විසින් Lenovo ජාත්‍යන්තර සමාගම සමග වසර 15ක් පවත්වාගෙන ආ අබණ්ඩ හවුල්කාරිත්වයට, Lenovo විසින් පිරිනමන ලද කලාපීය මට්ටමේ ඉහළම ඇගයීමක් ද විය.
කොළඹ ITC Ratnadipa හෝටලයේ පැවති මෙම අති උත්කර්ෂවත් අවස්ථාවට ශ්‍රී ලංකාව, ඉන්දියාව, නේපාලය සහ බංග්ලාදේශය නියෝජනය කරමින් ප්‍රමුඛ පෙළේ හවුල්කාර ආයතන නියෝජිතයන් 260කට අධික පිරිසක් එක්ව සිටියහ.
Lenovo සමාගමේ ඉන්දීය විකුණුම් කලාපයේ විදේශ ව්‍යාපාර අධ්‍යක්ෂ නවීන් කෙජ්රිවාල් මහතා විසින් Technocity සමාගමේ සභාපති ෆාමි ඉස්මයිල් මහතා වෙත මෙම ගෞරව සම්මානය පිරිනමන ලද අතර, එම අවස්ථාවට Lenovo බෙදා හැරීමේ ප්‍රධානී, මින්හාජ් ෆාරුක්, නාළිකා ප්‍රවර්ධන කළමනාකරු දමිත් දහනායක සහ Lenovo ඉන්දියාවේ විදේශ ව්‍යාපාර කලාපීය ප්‍රධානී, ශේකර් කර්මකාර් යන මහත්වරු ද එක්ව සිටිය හ.
2011 වසරේ සිට Lenovo සමාගමේ බෙදාහැරීමේ හවුල්කරුවකු ලෙස කටයුතු කරන Technocity සමාගම, ගෙවී ගිය වසර 15ක කාලය තුළ ශ්‍රී ලංකාව පුරා Lenovo නිෂ්පාදන සහ තාක්ෂණික නවෝත්පාදන ජනතාවට සමීප කරවීමට විශාල දායකත්වයක් ලබා දී තිබේ.
මෙම ජයග්‍රහණය පිළිබඳ අදහස් දක්වමින් Technocity සභාපති ෆාමි ඉස්මයිල් මහතා පැවසූයේ, මෙම සම්මානය සමාගමේ කාර්ය මණ්ඩලය, අලෙවි නියෝජිත ජාලය සහ Lenovo සමාගමේ සහයෝගය එක්ව ලබා ගත් සාමූහික ජයග්‍රහණයක් බවයි. ඉදිරියේදීත් ශ්‍රී ලංකාව තුළ අධ්‍යාපන, ව්‍යාපාර, කෘත්‍රිම බුද්ධිය (AI) සහ ඩිජිටල් සම්බන්ධතා ක්ෂේත්‍රවල සංවර්ධනයට දායක වන නවීන තාක්ෂණික විසඳුම් සැපයීමට සහ නවීන තාක්ෂණය රට පුරා ව්‍යාප්ත කිරීමට තම සමාගම කැපවී කටයුතු කරන බවද ඔහු සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd