ඕනෑම නව පාරිභෝගික නිෂ්පාදනයක ආගමනය බලාපොරොත්තුව සහ බලපෑම ගෙන එයි. දැනට ශ්‍රී ලංකාව තුළ නීති විරෝධී ඊ-සිගරට් සහ දුම්කොළ රහිත නිකොටින්පැසි ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතී. පසුගිය ඔක්තෝබර් මාසයේදී මොණරාගල ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු පාසල් සිසුන්ට පමණක් ඊ-සිගරට් අලෙවි කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට පත්විය. ඔහු එක් ‘දුම් උගුරක්‘ සඳහා සිසුන්ගෙන් රුපියල් 50 බැගින් අය කර හසු වුණි.
දුම්පානය කරන වැඩිහිටියන්ට මෙම ඊ-සිගරට් දුම් රහිත, හානිය අඩු විකල්පයක් ලෙස වුවද, එහි නිසි නීතිමය පද්ධතියක් නොමැතිවීම නිසා වෙළෙඳපොළේ බරපතළ අවදානමක් නිර්මාණය වී තිබීම ද දක්නට ලැබේ. ඒ නිසා තමන් මිලදී ගන්නා දේ නියමිත ප්‍රමිතියට අනූකූලවද යන්න දැන ගැනීමට පාරිභෝගිකයාට නිසි ක්‍රමයක් නොමැතිවීම ගැටලුකාරි තත්වයකි. එසේම නියාමනයක් නොමැති විට වගකීම් විරහිත පුද්ගලයන් ප්‍රමිතියෙන් තොර නිෂ්පාදන වෙළෙඳපොළට මුදාහැරීම කරනු ලබයි. මෙයද කිසිසේත්ම අනුමත කළ නොහැකි ක්‍රියාවලියකි.
නියාමනයක් නොමැති භාණ්ඩ, පාරිභෝගිකයාගේ අතට ලබාදීම ඉතා භයානක ක්‍රියාවකි. මේවායෙන් පීඩා විඳින්නේ වැඩිහිටි පාරිභෝගිකයන්ය. පරීක්ෂාවට ලක් නොකළ, නීති විරෝධී ද්‍රව්‍ය අඩංගු නිෂ්පාදන නිසා ඔවුන්ගේ සොඛ්‍ය තත්වය අනතුරේ වැටීමට වැඩි ඉඩකඩක් පවතී. එසේම, එක් අයෙක් සිදුකරනු ලබන වැරැද්දක් නිසා සමස්ත ක්ෂේත්‍රය කෙරෙහිම ඇති මහජන විශ්වාසය පළුදු විය හැකිය. ප්‍රමිතියෙන් යුතුව ව්‍යාපාර කරන ආයතනවලට, බාල බඩු විකුණන අය සමග තරග කිරීමට සිදුවීමද අසාධාරණ කරුණකි.
විසඳුම, ආරක්ෂිත වෙළෙඳපොළක් සඳහා මූලික නීති ශ්‍රී ලංකාව තුළ මෙවැනි නිෂ්පාදන සඳහා වහාම ක්‍රියාත්මක වන ශක්තිමත් නීති පද්ධතියක් අවශ්‍ය වේ. මෙහිදී ප්‍රධාන කරුණු තුනක් (3) වැදගත්ය. ඒ අනුව නිසි ප්‍රමිතියට නිෂ්පාදනයට යොදන ද්‍රව්‍ය, එහි ගුණාත්මකභාවය සහ අඩංගු විය හැකි නිකොටින් ප්‍රමාණය පිළිබඳ පැහැදිලි සීමා තිබිය යුතුය.
පැහැදිලි තොරතුරු, නිෂ්පාදනයේ අඩංගු දේ, එහි ප්‍රබලත්ව ප්‍රමාණය සහ සෞඛ්‍ය අවවාද දේශීය භාෂාවලින් ලේබලයේ සඳහන් විය යුතුය. එවිට පාරිභෝගිකයාට නිවැරදි තීරණ ගත හැකිය. වගකීම් සහිත අලෙවිය, වයස අවුරුදු 21න් පහළ පුද්ගලයන්ට මේවා විකිණීම සපුරා තහනම් කළ යුතු අතර, එම නීතිය කඩ කරන අයට දැඩි දඬුවම් දිය යුතුය.
ප්‍රශ්නයක් ඇති වන තෙක් බලා නොසිට, දැන්ම මෙවැනි විධිමත් නීතිමය රාමුවක් සකස් කිරීම රජයේ සහ බලධාරීන්ගේ වගකීමක් වන අතරම එමගින් දරුවන් ආරක්ෂා කරමින් දුම්පානය කරන වැඩිහිටියන්ට ද හානිය අවම කරන විකල්ප ලබා දිය හැකිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd