IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


LTL හෝලඩිංග්ස් මූලික මහජන කොටස් නිකුතුව ඉවත් කර ගනී

සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 1,379,310,400ක් නිකුත් කිරීමට සැලසුම් කර තිබුණා


භානුක අමරසිංහ


මෙරට විශාලතම මූලික මහජන කොටස් නිකුතුව ලෙස LTL හෝල්ඩිංග්ස් ලිමිටඩ් සමාගම කොළඹ කොටස් හුවමාරුවේ සිදු කිරීමට සැලසුම් කළ මූලික මහජන කොටස් නිකුතුවට අදාළ ඉල්ලු‍ම්පත්‍රය ඉවත් කරගන්නා බව එම සමාගම පවසයි. 
පෙරේදා (16) එම සමාගම මගින් කොළඹ කොටස් හුවමාරුවේ ප්‍රධාන නියාමන නිලධාරිනී නිලු‍පා පෙරේරා මහත්මිය වෙත ලිපියක් මගින් මේ පිළිබදව දැනුම් දී තිබේ. පසුගිය ජූනි 26 වැනිදා රැස් වුණු LTL හෝල්ඩිංග්ස් ලිමිටඩ්හි අධ්‍යක්ෂ මණ්ඩලය මෙම තීරණය ගත් බව සමාගම පවසයි.
සමාගම මගින් මෙම මූලික මහජන කොටස් නිකුතුවේදී සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 1,379,310,400ක් නිකුත් කිරීමට සැලසුම් කළ අතර, එහිදී කොටසක වටිනාකම රුපියල් 14.50ක් විය. ඒ අනුව සමස්ත නිකුතුවේ වටිනාකම රුපියල් බිලියන 20ක් ලෙස සටහන් විය. මෙය එතෙක් මෙතෙක් මෙරට තුළ සැලසුම් කළ විශාලතම මූලික මහජන කොටස් නිකුතුව ලෙසින්ද සැලකුණි.
කෙසේ වෙතත් විවිධ කාරණා හේතුවෙන් මෙම නිකුතුව ඉදිරිපත් කිරීම සඳහා කල් ගතවීම පිළිබදව සලකමින් මෙම තීරණය ගත් බව සමාගම පවසයි. 

 

 



අදහස් (0)

LTL හෝලඩිංග්ස් මූලික මහජන කොටස් නිකුතුව ඉවත් කර ගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 558 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site