IMG-LOGO

2025 ඔක්තෝබර් මස 13 වන සඳුදා


LB ෆිනෑන්ස් වෙතින් රු.බි. 10 බැගින් ණයකර නිකුතු දෙකක්

 


භානුක අමරසිංහ


කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත LB ෆිනෑන්ස් පීඑල්සී සමාගම රුපියල් බිලියන 10ක් බැගින් වටිනාකමින් යුත් ණයකර නිකුතු දෙකක් හරහා රුපියල් බිලියන 20ක මුදලක් රැස් කර ගැනීමට සැලසුම් කර ඇතැයි පවසයි. සමාගමෙහි අධ්‍යක්ෂ මණ්ඩලය විසින් පසුගියදා මෙම ණයකර නිකුතු දෙක සඳහා අනුමැතිය ලබා දී තිබේ.

ඒ අනුව මේ අතරින් එක් නිකුතුවක් ලැයිස්තුගත, වර්ගකෙරුණු, ජ්‍යෙෂ්ඨ, සුරක්ෂිත නොවූ, පිරිමුදවා ගත හැකි ණයකර කොටස් 50,000,000ක් ලෙස සිදු කෙරේ. ඒ සඳහා හිමිවන අධිදායකත්වයත් සමගින් තවත් ණයකර කොටස් 30,000,000ක් සහ තවත් ණයකර කොටස් 20,000,000ක් නිකුත් කෙරෙන බව සමාගම පවසයි. ඒ අනුව නිකුත් කෙරෙන සමස්ත ණයකර කොටස් සංඛ්‍යාව 100,000,000ක් වන අතර, එක් කොටසක් රුපියල් 100ක් බැගින් නිකුතුවෙහි වටිනාකම රුපියල් බිලියන 10කි. 

එසේම අනෙකුත් නිකුතුව ලෙස ලැයිස්තුගත, වර්ගකෙරුණු, අප්‍රධාන, සුරක්ෂිත නොවූ, පිරිමුදවාගත හැකි ණයකර කොටස් 50,000,000ක් නිකුත් කරන බව සමාගම පවසයි. ඊට හිමිවන අධිදායකත්වයත් සමගින් තවත් ණයකර කොටස් 30,000,000ක් සහ තවත් ණයකර කොටස් 20,000,000ක් නිකුත් කෙරෙන බව සමාගම පවසයි. ඒ අනුව නිකුත් කෙරෙන සමස්ත ණයකර කොටස් සංඛ්‍යාව 100,000,000ක් වන අතර, එක් කොටසක් රුපියල් 100ක් බැගින් නිකුතුවෙහි වටිනාකම රුපියල් බිලියන 10කි.



අදහස් (0)

LB ෆිනෑන්ස් වෙතින් රු.බි. 10 බැගින් ණයකර නිකුතු දෙකක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 547 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 792 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 339 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site