John Keells Properties  සමාගම සිය නවතම නේවාසික සංවර්ධන ව්‍යාපෘතිය වන Vauxhall DSTRCT සඳහා විකුණුම් ප්‍රදර්ශනාගාරය සහ ආදර්ශ නිවාසය විවෘත කර ඇති අතර, එමගින් අනාගත ගැනුම්කරුවන්ට ව්‍යාපෘතිය සජීවීව දැකගැනීමට අවස්ථාව සලසා දෙයි. 

කොළඹ 02, වොක්ෂෝල් වීදියේ අංක 148 දැක්වෙන ස්ථානයේ පිහිටි මෙම නව මධ්‍යස්ථානයෙන්, කොළඹ නගරයේ ඉහළම ආකර්ෂණයක් දිනූ Vauxhall DSTRCT  නේවාසික ව්‍යාපෘතියේ සැලසුම්, නිර්මාණකරණය සහ එහි ඇති ජීවන රටා පහසුකම පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබාගත හැක.

Vauxhall DSTRCT  ආරම්භයේ සිටම ලැබුණු ඉහළ පාරිභෝගික ප්‍රතිචාරයත් සමග එහි ඉදිරි දැක්ම ප්‍රායෝගික තලයට ගෙන ඒමේ සුවිශේෂී පියවරක් ලෙස මෙම විවෘත කිරීම හැඳින්විය හැක. ව්‍යාපෘතියට අනන්‍ය වූ උසස් ගුණාත්මකභාවය සහ කාර්යක්ෂමතාව මැනවින් පිළිබිඹු කරන මෙම ආදර්ශ නිවාස ඒකකය, නූතන නාගරික ජීවිතයට අවශ්‍ය පහසුව සලසාදීමට සෑම නිවසක්ම සැලසුම් කර ඇති ආකාරය පැහැදිලිව දැකගැනීමට පැමිණෙන්නන්ට අවස්ථාව සලසයි.

මෙම විවෘත කිරීම පිළිබඳ අදහස් දක්වමින්,John Keells Holdings  හි Property Group  ප්‍රධාන වාණිජ නිලධාරී සහ ජ්‍යෙෂ්ඨ උප සභාපති නදීම් ෂම්ස් මහතා මෙසේ පැවසීය.

“Vauxhall DSTRCT  විකුණුම් ප්‍රදර්ශනාගාරය සහ ආදර්ශ නිවාස ඒකකය මගින්, සැලසුම් සහ රූපරාමුවලින් ඔබ්බට ගොස් ව්‍යාපෘතිය සජීවීව අත්විඳීමට පාරිභෝගිකයන්ට අවස්ථාව සලසනවා. නිවාසවල සැලසුම් රටාවේ සිට සෑම නිර්මාණාත්මක අංගයක්ම වඩාත් පහසු සහ තාක්ෂණයෙන් එකිනෙකට සම්බන්ධ වූ ජීවන රටාවකට පදනම දමන ආකාරය මෙයින් පැහැදිලි කෙරෙනවා. 

මෙය පාරිභෝගිකයන්ට තම මිලදී ගැනීමේ තීරණ නිවැරදිව ගැනීමටත්, නිෂ්පාදනය සමග සෘජුවම සම්බන්ධ වීමටත් ලැබෙන හොඳම අවස්ථාවක්.”‍

කොළඹ නගරයට ඉහළින් මහල් 60ක් දක්වා ඉදිවන Vauxhall DSTRCT, නිවාස 753කින් සමන්විත වන අතර, කොළඹ 02 නගර මධ්‍යයේ පිහිටි සුවිශේෂී ස්ථානයක සැලසුම් කර ඇත. 

එහි මධ්‍යගත පිහිටීම හරහා ප්‍රධාන වාණිජ, සංචාරක සහ විනෝදාස්වාද මධ්‍යස්ථාන වෙත පහසු සම්බන්ධතාවක් ලබා දෙයි. සුපිරි වෙළෙඳසල්, සාප්පු සංකීර්ණ, විනෝදාස්වාද පහසුකම්, රෝහල්, බැංකු, පාසල් සහ ප්‍රධාන ව්‍යාපාරික මධ්‍යස්ථාන සියල්ල වෙත පහසුවෙන් ළඟා විය හැකි අයුරින් පිහිටා ඇත. මෙම ව්‍යාපෘතිය නිදන කාමර එකක්, දෙකක්, තුනක් සහ හතරක් සහිත මහල් නිවාසවලින් සමන්විත වන අතර, සම්පූර්ණ ජීවන අත්දැකීමක් නිර්මාණය කිරීම සඳහා සොබාදහමෙන් අලංකෘත වූ උද්‍යාන, විනෝදාස්වාද අවකාශයන් සහ ඉහළම මහලේ (Rooftop)  විවිධ පහසුකම්වලින්ද සමන්විත වේ.