
රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සන්නාමයක් වන Janashakthi Life පසුගියදා සිය 32 වැනි සංවත්සරය සැමරීය. ඒ වෙනුවෙන් විශේෂ උත්සවයක් ජනශක්ති සමූහයේ නිර්මාතෘ සහ සම්මානිත සභාපති (Chairman Emeritus) සී.ටී.ඒ. ෂාෆ්ටර් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. දශක තුනක් පුරා පරම්පරා ගණනාවක ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිතවලට රැකවරණය දෙමින් ඔවුන්ගේ නොසැලෙන විශ්වාසය දිනාගැනීමට Janashakthi Life සමත් වී තිබේ.
1994 වසරේදී ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ වෙනුවෙන්ම වෙන් වූ ප්‍රථම රක්ෂණ සමාගම ලෙස ආරම්භ වූ Janashakthi Life, එතැන් පටන් දශක තුනකට වැඩි කාලයක් පුරා සිය ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා සහ කාලීන ප්‍රවණතා අනුව නව්‍ය රක්ෂණ විසඳුම් හඳුන්වා දෙමින්, ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රයේ අනභිභවනීය සන්නාමයක් බවට පත්වීමට සමත් විය.
විශේෂිත රක්ෂණ විසඳුම් හඳුන්වාදීම සම්බන්ධ පුරෝගාමියකු ලෙස කීර්තියක් දිනා ඇති Janashakthi Life මේ වන විට COVID ආවරණය, AIDS ආවරණය සහ හමුදා ආවරණය වැනි නව්‍ය රක්ෂණ ආවරණ රැසක් හඳුන්වා දී තිබේ. එමෙන්ම මෙරට ප්‍රථම වරට වයස අවුරුදු 70 සහ ඊට වැඩි ගනුදෙනුකරුවන් සඳහා ද ජීවිත රක්ෂණ ආවරණ ලබාගැනීමේ අවස්ථාව උදාකර දෙමින්, ජීවිත රක්ෂණයේ උපරිම සීමාව වයස අවුරුදු 80 දක්වා දීර්ඝ කිරීමට ද සමාගම කටයුතු කළේය.
අද වන විට Janashakthi Life සමාගමේ සමස්ත වත්කම් වටිනාකම රුපියල් බිලියන 41.1 ඉක්මවන අතර, සමාගමේ මූල්‍ය ශක්තිය සහ ස්ථාවරත්වය පිළිබිඹු කරමින් Lanka Rating Agency ආයතනය එම සමාගමට A- ශ්‍රේණිගත කිරීමක්ද පිරිනමා තිබේ. තවද රුපියල් බිලියන 16.7ක කොටස් හිමිකම් පදනමක් පවත්වාගෙන යාම හේතුවෙන්, රක්ෂණ ඔප්පු හිමියන් සම්බන්ධව ඇති දිගුකාලීන වගකීම් නොපිරිහෙළා ඉටු කිරීම සඳහා සමාගම සතු හැකියාව තවදුරටත් ශක්තිමත් වී ඇත.
Janashakthi Life සමාගමේ සාර්ථකත්වය වෙනුවෙන් 2026 වසරේදී සමාගමට සම්මාන හා ඇගයුම් රැසක් හිමි විය. Sri Lanka’s 50 Best Workplaces, Top 20 Women-Friendly Workplaces සහ Sri Lanka’s 20 Great Workplaces for Young Talent යන ඇගයීම් ඒ අතරින් ප්‍රධාන තැනක් ගනී. එමෙන්ම ශ්‍රී ලංකාවේ වඩාත්ම ආදරය දිනාගත් ජීවිත රක්ෂණ සන්නාම 5 අතරට එක් වී සිටින Janashakthi Life, Brand Finance විසින් ශ්‍රී ලංකාවේ වටිනාම සන්නාම 100 අතරට ද නම් කර තිබේ.
දශක තුනකට වැඩි කාලයක් පුරා ගනුදෙනුකරුවන්ගේ වෙනස් වන අවශ්‍යතා සැලකිල්ලට ගනිමින්, විශ්වාසය මත පදනම් වූ සම්බන්ධතා ඔස්සේ ජීවිතවලට නොසැලෙන රැකවරණයක් ලබා දීමට Janashakthi Life සමත් වී ඇත. එහි තිස් දෙවසරක ගමන්මග, පරම්පරා ගණනාවක ශ්‍රී ලාංකිකයන් Janashakthi Life සන්නාමය කෙරෙහි තබා ඇති විශ්වාසය කෙතරම්ද යන්න මැනවින් පිළිබිඹු කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd