භානුක අමරසිංහ
මෙරට ප්‍රමුඛතම ඇසුරුම් නිෂ්පාදන සමාගමක් වන JF Packaging Limited සමාගම මූලික මහජන කොටස් නිකුතුවක් හරහා සිය සාමාන්‍ය ඡන්ද හිමි කොටස් ප්‍රමාණයක් කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත කිරිමට සූදානමින් සිටින බව වාර්තා වෙයි.
ඒ සඳහා එම සමාගම ඉදිරිපත් කර තිබූ ඉල්ලීම කොළඹ කොටස් හුවමාරුව මගින් අනුමත කර තිබේ. ඒ අනුව මෙහිදී සමාගමේ සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 51,724,144ක් මිලදී ගැනීම සඳහා නිකුත් කිරීමට නියමිතව ඇති අතර, එහිදී කොටසක මිල රුපියල් 11.60ක් ලෙස සඳහන් කර තිබේ. නිකුතුවේ වටිනාකම රු.මිලියන 600කි.
මෙම මහජන කොටස් නිකුතුව ලබන ඔක්තෝබර් 30 වැනිදා විවෘත කිරිමට නියමිතව ඇති අතර, ඒ සඳහා හිමිවන දායකත්වයත් සමගින්ම එම කොටස් සිය ප්‍රධාන පුවරුවේ හෝ දිරිසවි පුවරුවේ ලැයිස්තුගත කෙරෙන බවත් කොළඹ කොටස් හුවමාරුව පවසයි.
JF Packaging Limited සමාගම 1987 වසරේදී පවුලේ ව්‍යාපාරයක් ලෙස ආරම්භ කෙරී ඇති අතර, 2015 වසරේදී එය ලංකෙම් සිලෝන් පීඑල්සී සමාගම යටතට පත්විය.
2025 දෙසැම්බර් මස 04
591
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
503
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
429
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
JF Packaging සමාගමෙන් මූලික මහජන කොටස් නිකුතුවක්