IMG-LOGO

JAT ජාතික ව්‍යාපාර විශිෂ්ටතා රන් සම්මාන ලබයි

JAT හෝල්ඩින්ග්ස් සමාගම නැවත වරක් ක්ෂේත්‍රයේ ඉහළින්ම සිය සන්නාමය සනිටුහන් කරමින්  ජාතික වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන 2021 (NBEA) හි දී වෙළඳ අංශ කාණ්ඩයේ රන් සම්මානයත් මහාපරිමාණ ව්‍යාපාර කාණ්ඩයේ කුසලතා සම්මානත් දිනාගැනීමට සමත් විය.

JAT හෝල්ඩින්ග්ස් සමාගම ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා ලෙස සිය ස්ථාවරය යළි තහවුරු කරමින් අඛණ්ඩව සිව්වන වසරටත් වෙළෙඳ අංශයේ රන් සම්මානයේ ගෞරවය මෙන්ම, සිය සමාගමේ විශිෂ්ට කාර්ය සාධනය, ආර්ථික සමෘද්ධිය උදෙසා දක්වන සැලකිය යුතු දායකත්වය හා පාරිසරික තිරසාරභාවය සඳහා වූ අඛණ්ඩ කැපවීම පිළිබඳ වටිනාකම් ද වඩාත් ඉහළ නංවා ගැනීමට සමත් විය.

JAT හෝල්ඩින්ග්ස් හි විධායක අධ්‍යක්ෂ, ප්‍රධාන විධායක නිලධාරී නිශාල් ප්‍රදිනාන්දු මහතා මේ පිළිබඳ අදහස් දක්වමින් මෙසේ පැවසීය. “පසුගිය වසර කිහිපය තුළ අපට ක්‍රියාත්මක වීමට සිදු වූ අභියෝගාත්මක ව්‍යාපාරික පරිසරය කුමක් වුවත්, JAT Holdings අපගේ වටිනාකම්, ක්‍රියාවලීන් සහ අපගේ ප්‍රජාව වඩාත් ආරක්ෂා කිරීමට කැපවී සිටියා. එය අද අපට මෙම ජයග්‍රහණය අත්කර ගැනීමට මෙය විශාල වශයෙන් උපකාර වී තිබෙනවා. මෙවැනි සම්මාන උළෙලකදී ඉහළ කීර්තියක් ලබා ගැනීමට හැකියාව ලැබීම සැබවින්ම ගෞරවයක් වන අතර, ඉදිරි වසරවලදී එම හැකියාවන් අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට අපි බලාපොරොත්තු වනවා.”

-සටහන- චමින්ද මුණසිංහ



අදහස් (0)

JAT ජාතික ව්‍යාපාර විශිෂ්ටතා රන් සම්මාන ලබයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 23 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1559 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1687 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

Our Group Site