IMG-LOGO

2025 ඔක්තෝබර් මස 15 වන බදාදා


Industry Expo 2025 ප්‍රදර්ශනයේදී කඳුරට කුඩ වෙතින් තේ වතු කර්මාන්තයට විප්ලවීය හඳුන්වාදීමක්

කඳුරට කුඩ ඉන්ඩස්ට්‍රීස් පෞද්ගලික සමාගම සිය නවතම නවෝත්පාදනය වූ තේ දලු‍ නෙළීමේ කූඩයක් සහිත ද්විත්ව නැමුම් කුඩය සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ පැවැති Industry Expo 2025 වෙළෙඳ ප්‍රදර්ශනයේදී එළි දැක්වීය. 
ගම්පොළ පිහිටි සිය කර්මාන්තශාලාව අනපේක්ෂිත ලෙස ගින්නකට හසුවී විනාශවීමෙන් මාසයකට පසුව අගෝස්තු 29 වැනිදා නිල වශයෙන් සිය නිෂ්පාදන මෙහෙයුම් යළි ආරම්භ කිරීමෙන් අනතුරුව Industry Expo 2025 ප්‍රදර්ශනයට සහභාගි වූ කඳුරට කුඩ ඉන්ඩස්ට්‍රීස් ප්‍රදර්ශනය කරනු ලැබූ සිය නවතම නිෂ්පාදනය මෙරට තේ වතු කර්මාන්තයේ විප්ලවීය වෙනසක් සිදු කරනු ඇත. 
පෙන්ගුයින් සන්නාමය යටතේ උසස් තත්වයෙන් යුතු කුඩ නිෂ්පාදනය සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ආයතනය විසින් මෙරට තේ වතු ක්ෂේත්‍රය සඳහා නියම විසඳුමක් ගෙන දෙන ප්‍රායෝගික හා කාලෝචිත නවෝත්පාදනයක් ලෙස නව නිෂ්පාදනය ඉදිරිපත් කරනු ලැබීය. 
කූඩ සඳහා යොදා ගනු ලබන කල් පවතින ද්‍රව්‍යවලින් නිපදවනු ලැබූ කාර්යක්ෂමභාවයෙන් යුතු වැඩි ඉඩකඩක් සහිතිකඳුරට කුඩ‘ ඉන්ඩස්ට්‍රීස් නවතම නිෂ්පාදනය තේ දලු‍ නෙළන්නියන් විසින් දිගු කාලයක් පුරා මුහුණ දුන් ගැටලු‍වකට අංගසම්පූර්ණ විසඳුමක් සපයමින් සම්ප්‍රදායික කූඩය වෙනුවට භාවිත කළ හැකි අයුරින් වැසි, සුළං සහ අධික උෂ්ණත්වය ඇතුළු ඕනෑම කාලගුණයකට ඔරොත්තු දෙන ආකාරයේ කුඩයක් සහිතව නිර්මාණය කර තිබේ. 
මදුරු දැල්, වැසි කබා, මේස්, ඇඳුම් වියළන රාක්ක, පාවහන් රඳවන රාක්ක, කොසු ඉදල් මිට සහ සියලු‍ කොටස් සහිත කුඩ රාමු ඇතුළු විවිධාකාරයේ කුඩ වර්ග රැසකින් සමන්විත කඳුරට කුඩ ඉන්ඩස්ට්‍රීස් නිෂ්පාදන පෙළ දින 4ක් පුරා පැවැති Industry Expo 2025 ප්‍රදර්ශන භූමියේ ශාලා අංක B-02  හීදී ප්‍රදර්ශනය කරනු ලැබීය. 
Industry Expo 2025 ප්‍රදර්ශනයට නිල වශයෙන් සහභාගි වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කඳුරට කුඩ ප්‍රදර්ශන කුටියට ද පැමිණි අතර, එහිදී මෙරට ආර්ථිකයට සහ ජන සමාජයට එම නිෂ්පාදන තුළින් ලබාදෙන විශිෂ්ට සේවය සහ දායකත්වය පැසසුමට ලක් කළේය. 
වසර 1977 දී ආරම්භ වූ කඳුරට සමාගම කුඩ නිෂ්පාදන සඳහා පමණක් නොව මදුරු දැල්, වැසි කබා, මේස්, ඇඳුම් වියළන රාක්ක, පාවහන් රඳවන රාක්ක, කොසු ඉදල් මිට සහ කුඩ රාමු හා සෙසු උපාංග වැනි පුළුල් නිෂ්පාදන පෙළක් ද පිරිනමමින් ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිතවල කොටසක් බවට පත්වී සිටී.



අදහස් (0)

Industry Expo 2025 ප්‍රදර්ශනයේදී කඳුරට කුඩ වෙතින් තේ වතු කර්මාන්තයට විප්ලවීය හඳුන්වාදීමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 747 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 903 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 375 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site