
ශ්රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA), ප්‍රයිස්වෝටර්හවුස් කූපර්ස් (පුද්.) සමාගම (PWC ශ්‍රී ලංකාව) සමග එක්ව තාක්ෂණික සමාගම් සඳහා අවම ඇපකරයක් සහිත ණය පහසුකම් ලබා ගැනීමේදී අනුගමනය කළ යුතු ණය ඇගයීම් වැඩසටහනක් හඳුන්වා දී තිබේ.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපති මහාචාර්ය ලලිත් ගමගේ, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ප්‍රධාන විධායක නිලධාරී මහින්ද බී. හේරත්, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ප්‍රධාන ඩිජිටල් ආර්ථික නිලධාරී අනුර ද අල්විස්, ප්‍රයිස්වෝටර්හවුස් කූපර්ස් (පුද්.) සමාගමේ ගනුදෙනු සේවා අධ්‍යක්ෂ කාවින්ද වීරකෝන්, ඩී.එෆ්.සී.සී. බැංකුවේ ප්‍රධාන අවදානම් නිලධාරී අශෝක් ගුණසේකර, එන්.ඩී.බී. බැංකුවේ මධ්‍යම වෙළෙඳපොළ හා ව්‍යාපාර බැංකුකරණයේ උප සභාපති ඉන්දික රණවීර, පේමීඩියා (පුද්.) සමාගමේ නිර්මාතෘ / ප්‍රධාන විධායක නිලධාරී කනිෂ්ක වීරමුන්ද යන මහත්වරු සහභාගී වූහ.
තාක්ෂණික සමාගම් ව්‍යාප්ත කිරීමේදී දුෂ්කරතා රැසකට මුහුණ දීමට සිදු වේ.
විශේෂයෙන් සාම්ප්‍රදායික ණය ඇගයීමේ ක්‍රම මගින් නිශ්චිත ණය ප්‍රමාණයක් ලබා ගැනීමට හෝ ව්‍යාපාර ණයක් සඳහා සුදුසුකම් ලැබීමට භෞතික ඇපකර ඉදිරිපත් කිරීමට අවශ්‍ය වේ.
සීමාසහිත කැල්සි ටෙක්නොලොජීස් (පුද්.) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මංගල කරුණාරත්න මහතා සහ ලංකා ඒන්ජල් නෙට්වර්ක් හි ප්‍රධාන විධායක නිලධාරී චලින්ද අබේකෝන්, එන්.ඩී.බී. ඉන්වෙස්ට්මන්ට් බෑන්ක් ලිමිටඩ් හි ප්‍රධාන ආයතනික උපදේශක නිලධාරී නිලේන්ද්‍ර වීරසිංහ මහතා, සිමෙක්ස් (පුද්.) සමාගමේ අධ්‍යක්ෂ වෙලිංටන් පෙරේරා සහ සී මැසෙන්ජර් (පුද්.) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිනී ජයෝමි ලොකුලියන යන අයගෙන් සමන්විත මෙහෙයුම් කමිටුවක නිසි සහයෝගය හා උපදේශනය සමගින් මෙම වැඩසටහන සකස් කර ඇත.
යාන්ත්‍රණය තවදුරටත් විධිමත් කිරීම සඳහා බැංකු කිහිපයක ණය ඇගයීම් නිලධාරීන්ගේ නිර්දේශ සමග වැඩසටහන සැලසුම් කර තිබීම විශේෂත්වයකි. ණය ක්‍රියාවලිය සඳහා තාක්‍ෂණ සමාගම් තක්සේරු කිරීමේදී නව වැඩසටහන සලකා බැලීමට සෙලාන් බැංකුව, ඩී.එෆ්.සී.සී. බැංකුව, යුනියන් බැංකුව සහ එන්.ඩී.බී. බැංකුව මේ වනවිටත් සහයෝගය ලබා දී ඇත.
2025 දෙසැම්බර් මස 18
209
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
167
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ICTA සහ PWCඑක්වීමෙන් ණය ඇගයීම් නව වැඩසටහනක්