IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


Hemas Manufacturing සමාගමට ශ්‍රී ලංකා රේගුවෙන් කීර්තිමත් වෙළෙඳ අනුකූලතා සහතිකය


Hemas Manufacturing සමාගමේ මෙහෙයුම් විශිෂ්ටත්වය සහ ගෝලීය වෙළෙඳ අනුකූලතාව අගයමින් ශ්‍රී ලංකා රේගුව විසින් බලයලත් ආර්ථික ක්‍රියාකරු සඳහා (AEO) පිරිනමන Tier 1 සහතිකය’ පසුගියදා පිරිනමන ලදී.  අනුකූලතාව, මෙහෙයුම් කාර්යක්ෂමතාව සහ ගෝලීය වෙළෙඳ පහසුකම් සැපයීමේ ප්‍රමුඛයා  ලෙස Hemas Manufacturing සමාගම ගොඩනගා ගත් ස්ථාවරත්වය මේ ඔස්සේ තවදුරටත් සවිමත් විය. ගෝලීය වශයෙන් පිළිගත් මෙම සහතිකය ලබාගත් ශ්‍රී ලාංකික සමාගම් 48 අතරට Hemas Manufacturing  සමාගමද මෙම ජයග්‍රහණය ඔස්සේ එකතු වන අතර විශිෂ්ට  වෙළෙඳ හා සැපයුම් දාම කළමනාකරණය සඳහා ඔවුන් දක්වන කැපවීම මෙමඟින් මැනවින් අවධාරණය කරයි. 

ලෝක රේගු සංවිධානය (WCO) මඟින් ක්‍රියාත්මක කරන AEO Tier වැඩසටහන‘ අන්තර්ජාතික වශයෙන් ඉහළ පිළිගැනීමක් සහිත රාමුවකී. දේශසීමා වෙළෙඳාමේ ඉහළම ආරක්ෂාව, අනුකූලතාව සහ කාර්යක්ෂමතාව යන  ප්‍රමිති පිළිබඳ මෙහිදී අවධානය යොමු කරන අතර ශ්‍රී ලංකා රේගුවේ දැඩි පරික්ෂාවෙන් අනතුරුව  වලංගුතා සහතිකය පිරිනමනු ලැබේ. මෙම වලංගුතාව හිමි කරගනු ලැබූ සමාගම් දැඩි ජාත්‍යන්තර වෙළෙඳ අවශ්‍යතා සපුරාලන බව සහතික කරයි.

මෙම ජයග්‍රහණය  පිළිබඳ අදහස් දක්වමින් Hemas Consumer Brands කළමනාකරණ අධ්‍යක්ෂිකා සබ්‍රිනා එසුෆලී මහත්මිය මෙසේ සඳහන් කළාය.  ‘කාර්යක්ෂමතාව සහ ගෝලීය වෙළෙඳ විශිෂ්ටත්වය සඳහා අපගේ නොසැලෙන කැපවීම පිළිබඳ කදිම සාක්ෂියක් ලෙස මෙම AEO Tier 1 අනුකූලතා සහතිකය හැඳින්විය හැකියි. සැමවිටම මෙහෙයුම්වල අඛණ්ඩතාව සහ පාරිභෝගික තෘප්තිය කෙරෙහි ප්‍රමුඛස්ථානය ලබා දෙන සමාගමක් ලෙස ලොව පුරා සිටින අපගේ හවුල්කරුවන් වෙත බාධාවකින් තොරව මෙන්ම වඩාත් විශ්වසනීයත්වයෙන් යුතු සේවාවක් සැපයීම සඳහා අපගේ හැකියාවන් මෙමඟින් වැඩි දියුණු කරනවා.”‍

කඩිනම් රේගු නිෂ්කාෂණ සේවය, මෙහෙයුම් කටයුතු පිළිබඳ  අවදානම අවම කිරීම සහ වැඩිදියුණු කළ වෙළෙඳ පහසුකම් ඇතුළු උපායමාර්ගික වාසි රැසක් මෙම AEO Tier 1 සහතිකය සමඟ AEO Tier 1 වෙත හිමි වේ. මේ ඔස්සේ ආනයන හා අපනයන ක්‍රියාවලි ද වඩාත් විධිමත් කරන අතර එම සහතිකය VIP හෝ හරිත ප්‍රවේශයක් ලෙස ක්‍රියාකිරීම මඟින් වේගවත් හා කාර්යක්ෂම ලෙස භාණ්ඩ ප්‍රවාහනයද  සහතික කෙරේ. ගෝලීය වෙළෙඳාම තුළ විශ්වාසදායක සහ කාර්යක්ෂම හවුල්කරුවකු ලෙස Hemas විසින් ගොඩනගා ගෙන සිටින කීර්තිනාමය මෙම සුවිශේෂ සන්ධිස්ථානය ඔස්සේ තවදුරටත් ඉහළ නංවයි. 

Hemas Consumer Brandsහි ප්‍රසම්පාදන ප්‍රධානී අරුණ සුමනතිලක මහතා ඒ සම්බන්ධයෙන් සිය අදහස් එකතු කළේ මෙසේය. ”‍මෙම සන්ධිස්ථානය ඔස්සේ ජාත්‍යන්තර වෙළෙඳ  ප්‍රමිති ආරක්ෂා කිරීම සඳහා අපගේ කණ්ඩායම් දක්වන කැපවීම සහ ඔවුන්ගේ වෙහෙස මහන්සිය මැනවින්  පිළිබිඹු වෙනවා.



අදහස් (0)

Hemas Manufacturing සමාගමට ශ්‍රී ලංකා රේගුවෙන් කීර්තිමත් වෙළෙඳ අනුකූලතා සහතිකය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 274 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 802 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1214 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site