HUTCH විසින් පසුගියදා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යා පීඨය සමග එක් වී එම විශ්වවිද්‍යාලයේ තෙවැනි වසරේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් විශේෂ දැනුම් හුවමාරු සැසියක් පවත්වන ලදි. එය නවීන තාක්ෂණයත් සමග ගනුදෙනු කිරීමට අනාගත පරපුර සූදානම් කරවීම ඉලක්ක කරගත් Future Connect’ ’ වැඩසටහනෙහි එක් පියවරක් විය’ විශ්වවිද්‍යාලයීය අධ්‍යාපනය සහ ප්‍රායෝගික භාවිතාව අතර පරතරය අවම කිරීම අරමුණු කරගත් මෙම වැඩසටහන, තරුණ පරපුරට අනාගත ඩිජිටල් ලෝකය ජයගැනීමට අත්වැලක් වීම සඳහා HUTCH දක්වන උනන්දුව හා කැපවීම මැනැවින් නිරූපණය කළ අවස්ථාවකි.
මෙම සැසියේදී ක්ෂේත්‍රයට අදාළ ප්‍රධාන පෙළේ කරුණු රැසක් සාකච්ඡාවට බඳුන් වියData communication, Networking, Network Traffic Analysis, Troubleshooting සහ Optimizing for real-time applications ඇතුළු මාතෘකා රාශියක් එහිදී සාකච්ඡා කරන ලදි, එමෙන්ම දත්ත සන්නිවේදනයේ නීතිමය සහ සදාචාරාත්මක පැතිමාන සහ ජාල කාර්යසාධනය තක්සේරු කිරීමේ ක්‍රමෝපාය පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය.
විශ්වවිද්‍යාල අධ්‍යාපනය සහ රැකියා ක්ෂේත්‍රය අතර පරතරය අවම කිරීම අරමුණු කරගත් මෙම දැනුම් හුවමාරු කරගැනීමේ සැසිය (Knowledge-Sharing Session) පැවැත්වීම සඳහා HUTCH සමග අත්වැල් බැඳගැනීමට හැකි වීම පිළිබඳව අප බෙහෙවින් සතුටුවනවා. මෙය ව්‍යාපාර ක්ෂේත්‍රයේ භාවිතය පිළිබඳව ශිෂ්‍ය ශිෂ්‍යාවන් දැනුවත් කිරීමට අමතරවල වේගයෙන් දියුණු වන තාක්ෂණ ක්ෂේත්‍රයේ නවෝත්පාදන කිරීමට ඔවුන් දිරිගැන්වූ වැඩසටහනක් ලෙස හැඳින්වීමට පුළුවන්. ශ්‍රී ලංකාවේ පරිගණක වෘත්තිකයන්ගේ අනාගතය හැඩගැස්වීම සඳහා මෙවැනි සැසි මගින් කේන්ද්‍රීය කාර්යභාරයක් ඉටුවනවා.” ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පරිගණක විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය ප්‍රසාද් එම්. ජයවීර මහතා පැවසීය.
ඩිජිටල් තාක්ෂණයට මුල් තැන හිමි වන ලෝකයක සාර්ථකත්වය ළඟා කරගැනීමට අවශ්‍ය දැනුම හා මෙවලම් අනාගත පරපුර වෙත නොපමාව ලබා දිය යුතු බව අප විශ්වාස කරනවා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සමග අත්වැල් බැඳගැනීමෙන් ක්ෂේත්‍රය සම්බන්ධයෙන් අප සතු දැනුම එම විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සමග බෙදාගැනීමටත්, ඒ ඔස්සේ ඔවුන් තුළ ශ්‍රී ලංකාවේ තාක්ෂණික දියුණුවට මහෝපකාරී වන කුසලතා වර්ධනය කරමින් නවෝත්පාදන චින්තනය දිරිගැන්වීමටත් අපට හැකියාව ලැබුණා. මේ ආකාරයට රටේ තාක්ෂණ ක්ෂේත්‍රයේ අනාගත නායකයන් නිර්මාණය කිරීමට දායක වීමට හැකි වීම අපට මහත් සතුටක් HUTCH Sri Lanka ප්‍රධාන විධායක නිලධාරී සෞමිත්‍ර ගුප්තා මහතා පැවසීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
HUTCH-ජපුර විශ්වවිද්‍යාලය එකතුවෙන් විශේෂ අධ්‍යාපනික වැඩසටහන් මාලාවක්