IMG-LOGO

2025 ඔක්තෝබර් මස 26 වන ඉරිදා


GPV ඉලෙක්ට්‍රොනික්ස් නව කර්මාන්ත ශාලාවකට මුල්ගල තබයි

1986 වසරේ සිට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන, ජාත්‍යන්තර වශයෙන් කීර්තිමත් ඉලෙක්ට්‍රොනික නිෂ්පාදකයකු වන GPV ඉලෙක්ට්‍රොනික්ස් ආයතනය නව  කර්මාන්ත ශාලාවක් ඉදිකිරීම සඳහා මුල්ගල් තබමින්, තම සාර්ථක ගමන් මගේ තවත් එක් සුවිශේෂී සන්ධිස්ථානයක් පසු කිරීමට සමත් විය.

2023 වසරේ පළමු කාර්තුවේ දී ඉදිකිරීම් කටයුතු නිම කිරීමට බලාපොරොත්තු වන එම නව කර්මාන්තශාලාවෙහි මුළු වපසරිය වර්ග මීටර 11,300 ක් වන අතර, නවීන නිෂ්පාදන පහසුකම් වලින් සමන්විත එම කර්මාන්ත ශාලාව මගින් තම නිෂ්පාදන ධාරිතාව වර්තමාන නිෂ්පාදන ධාරිතාව මෙන් දෙගුණයක් කිරීමට GPV ඉලෙක්ට්‍රොනික්ස් ආයතනය අරමුණු කරයි.

මෙම සුවිශේෂී අවස්ථාවේ දී නව කර්මාන්තශාලා පරිශ්‍රයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම සඳහා පළමු පස් පිඬැල්ල කැපීම සිදු කළේ GPV ඉලෙක්ට්‍රොනික්ස් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කරන චන්දන දිසානායක මහතායි. එම අවස්ථාවේ දී මෙම සුවිශේෂී ජයග්‍රහණය පිළිබඳව දිසානායක මහතා මෙසේ පැවසීය.

“ඇත්ත වශයෙන් ම මෙය අපට ඉතා විශේෂ අවස්ථාවක්. අපි වසර කිහිපයක් තිස්සේ මෙම ව්‍යාපෘතිය සැළසුම් කළත්, කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම දිනෙන් දින ම ප්‍රමාද වුණා. අපගේ මෙම නව කර්මාන්ත ශාලාව මගින් ලෝකයේ භාවිත වන නවීන තාක්ෂණය යොදාගනිමින් ඉලෙක්ට්‍රොනික උපකරණ නිෂ්පාදනය කිරීමට අරමුණු කරනවා. ඒ වගේ ම ඉදිරියේ දී මෙම නිෂ්පාදනාගාරය මගින් cable-harness නිෂ්පාදනය කිරීමටත් අපි බලාපොරොත්තු වෙනවා. අපගේ සේවකයන් පවා මෙම නවීකරණය කෙරුණු කර්මාන්තශාලාවේ වැඩ කිරීමට නොඉවසිල්ලෙන් බලා සිටිනවා.”

GPV ඉලෙක්ට්‍රොනික්ස් ආයතනයේ සංවර්ධන සැලසුම් තව තවත් ශක්තිමත් කරමින් පවත්වාගෙන යන බව එම ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී බෝ ලිබෙක් මහතා අවධාරණය කළේය.

“කොරෝනා වසංගතය සහ එහි ප්‍රතිවිපාක පිළිබඳව පැහැදිලි දැක්මකින් යුක්තව, කෙටි කාලීනව හා දිගු කාලීනව අපගේ නිෂ්පාදන ධාරිතාව පුළුල් කිරීම සඳහා අවශ්‍ය සියලු‍ම පියවර අපි ගෙන තිබෙනවා. එමගින් ඉදිරියේ දී ඉතා සුරක්ෂිත ආයතනික පදනමක් සහිතව ඉදිරියට යාමට අපි බලාපොරොත්තු වෙනවා. ආසියානු මහාද්වීපය තුළ ශක්තිමත් ආයතනයක් විදියට ගොඩනැගී තිබෙන දේශීය ආයතනයක් වන GPV ඉලෙක්ට්‍රොනික්ස් ආයතනය ISO 9001/14001/45001 යන තත්ත්ව සහතික ලබාගෙන තිබෙනවා.



අදහස් (0)

GPV ඉලෙක්ට්‍රොනික්ස් නව කර්මාන්ත ශාලාවකට මුල්ගල තබයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1438 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1303 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 470 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site