දෛනික ගුවන් මෙහෙයුම් දෙසැම්බර් 15 සිට


මෙරට පළමුවැනි පෞද්ගලික හිමිකාරීත්වයක් සහිත ගුවන් සමාගම වන FitsAir ගුවන් සේවය කොළඹ සිට චෙන්නායි දක්වා වන සිය ගුවන් මෙහෙයුම් නැවතත් ලබන දෙසැම්බර් 15 වැනිදා සිට ආරම්භ කිරීමට සූදානමින් සිටින බව පවසයි. 

ඒ අනුව දිනපතා සිදු කරන මෙහෙයුම් ලෙස මෙම ගුවන් ගමන් නැවත ආරම්භ කිරීම සැලසුම වී තිබේ. මෙම ගුවන් ගමන් වෙන්කරවා ගැනීම් දැන් සිදුකළ හැකි බවත් සමාගම පවසයි. 

2025 වසරේදී ආරම්භ කෙරුණු මෙම කොළඹ - චෙන්නායි ගුවන් ගමන් 2026 අගෝස්තු මාසයේදී තාවකාලිකව අත්හිටුවීමට FitsAir සමාගම පියවර ගත්තේය. එසේම එතෙක් කොළඹ සහ මැලේසියාවේ ක්වාලම්පූර් දක්වා සිදුකළ මෙහෙයුම්ද අත්හිටුවුණි. සමාගමේ පැවැති අභ්‍යන්තර ගැටලු‍ මේ තීරණය සඳහා හේතු විය. 

FitsAir අද වනවිට එක්සත් අරාබි එමීරයේ ඩුබායි, මාලදිවයින, බංග්ලාදේශයේ ඩකා අගනුවර සහ ඉන්දියාවේ අහමදාබාද් වෙත සිය ගුවන් මෙහෙයුම් සිදු කරයි.