IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


Facebook සහ වෘත්තීය පුහුණු අධිකාරියෙන් ශ්‍රී ලංකාවට ඩිජිටල් හැකියා පුහුණු වැඩසටහනක්

Facebook සමාගම, ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය (VTA) සමග ඇතිකරගත් සහයෝගීතාව අනුව, ශ්‍රී ලාංකිකයන්ගේ ඩිජිටල් තාක්ෂණ හැකියාව සංවර්ධනය වෙනුවෙන් පුහුණු වැඩසටහන් මාලාවක් හඳුන්වාදී තිබේ. Facebook සමාගමේ We Think Digital වැඩසටහනෙහි වැදගත් කොටසක් වශයෙන් මෙම ඩිජිටල් හැකියා පුහුණු වැඩසටහන් මාලාව සංවිධානය කෙරේ.

එමෙන්ම රැකියා වෙළෙඳපොළේ ඩිජිටල් තාක්ෂණ හැකියාවෙන් යුක්ත වෘත්තීය පුහුණුවක් සහිත පිරිස් වෙත ඉහළ වටිනාකමක් හිමිවන අතර, ඩිජිටල් දැනුමින් පොහොසත් සිසුවෙකු හෝ සිසුවියක වීම අනාගතයේ වඩාත් සාර්ථක රැකියාවක හිමිකරුවකු වීම සඳහා අවශ්‍ය පදනම වනු ඇත.

‘‘Train the Trainer˜වැඩසටහන හරහා 1,300කට ආසන්න වෘත්තීය පුහුණු අධිකාරියේ පුහුණුකරුවන් පිරිසක් වෙත අවශ්‍ය පුහුණුව ලබාදීමට නියමිත අතර, ඩිජිටල් විෂය ක්ෂේත්‍රයෙහි වෙනස්කම්, ඊ-ඉගෙනුම් ක්‍රියාවලින්, අන්තර්ජාලයෙහි අන්තර්ගතයන් නිර්මාණය ^online content creation& ව්‍යාපාර සඳහා ඩිජිටල් මෙවලම් ‘digital tools for businesses‘ සහ වගකීම්සහගත ඩිජිටල් පුරවැසිභාවය ^responsible digital citizenship& යන විෂය මාතෘකා පිළිබඳව සිසුන්ට දැනුවත්භාවය දීමට නියමිතය.

වෘත්තීය පුහුණු අධිකාරිය වාර්ෂිකව සිසුන් 40,000කට අධික පිරිසක් වෙත පුහුණුව ලබා දෙන අතර, ඒ හරහා ඩිජිටල් යුගයට සරිලන දැනුමින් පිරිපුන් පරපුරක් නිර්මාණය කිරීමට විශාල සහයෝගයක් ලැබේ.

මෙම වැඩසටහන දියත් කිරීමේ උත්සවයට අගමැති මහින්ද රාජපක්ෂ මහතා සුබපැතුම් පණිවිඩයක් එවා තිබුණි.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා, කම්කරු සහ වෘත්තීය පුහුණු අමාත්‍යවරයාව සිටිය දී ජාතික වෘත්තීය පුහුණු අධිකාරිය නිර්මාණය කිරීමේ පුරෝගාමීයා විය.

වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපති දමිත වික්‍රමසිංහ මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් මෙසේ පැවැසීය. “මෙරට යොවුන් පරපුර වෙත වෘත්තීය පුහුණු අවස්ථා වැඩි වශයෙන් නිර්මාණය කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය කැපවීමෙන් කටයුතු කරනවා.

මෙම ඉලක්කය සාර්ථක කරගැනීම සඳහා සිසුන් ආකර්ෂණය කරගැනීමේ නව්‍යකරණ මාර්ග සොයාගැනීම යුගයේ අවශ්‍යතාවක්.

Facebook සමාගම සමග අප ඇතිකරගත් සහයෝගීතාව විශිෂ්ට ඩිජිටල් දැනුමක් නිර්මාණය කිරීමට හේතුවන බව අපට විශ්වාසයි. යොවුන් පරපුර කියන්නේ රටක අනාගතය. නවීන ලෝකයට ගැළපෙන හෙට දවසක් වෙනුවෙන් අපි තවදුරටත් යොවුන් පරපුරට අවස්ථා නිර්මාණය කරදෙන්නට කැපවීමෙන් වැඩකරනවා.”

‘‘Deloitte Digital Tools in Crisis and Recovery Report˜ නමින් Facebook සමාගම හා Deloitte ආයතනය එක්ව සිදුකළ අධ්‍යයනයකින් හෙළිවූ කරුණු අනුව කුඩා පරිමාණ නව ව්‍යාපාර පවත්වාගෙන යන පාරිභෝගිකයන් සියයට 70ක් පමණ පවසා ඇත්තේ මෙම කුඩා ව්‍යාපාර පිළිබඳව ඔවුන් දැනුවත් වූයේ සමාජ මාධ්‍යයන් ඔස්සේ බවයි.

 



අදහස් (1)

Facebook සහ වෘත්තීය පුහුණු අධිකාරියෙන් ශ්‍රී ලංකාවට ඩිජිටල් හැකියා පුහුණු වැඩසටහනක්

Nishshanka Silva Sunday, 29 August 2021 04:47 PM

මට මේ සඳහා ලියාපදිංචි විය යුතුයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 677 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site