
ශ්රී ලංකාවේ ගෘහ පෞද්ගලික සත්කාර අංශයේ ප්‍රමුකු වනHemas Consumer Brands හි ශ්‍රී ලාංකේය සන්නාමයක් වන Diva, මෑතක දී පැවති 2024 Effie සම්මාන උළෙලේ දී නිවාස සැපයුම් සහ සේවා කාණ්ඩය යටතේ ලෝකඩ සම්මානයත් සමාජ සුබසාධන කාණ්ඩයේ Finalist සම්මානයත් දිනාගනු ලැබීය.
වසර ගණනාවක් පාරිභෝගිකයන් විසින් Diva සන්නාමය පිළිබඳව තබා ඇති අප්‍රමාණ විශ්වාසය මෙම ජයග්‍රහණවලින් තව තවත් තහවුරු වෙයි. පසුගිය අභියෝගාත්මක කාල වකවානුවේ දී පවා ශ්‍රී ලංකාවේ පාරිභෝගික ජනතාවට සහනයක් සහ ශක්තියක් වෙමින් ඔවුන් බලගන්වන්නට කළ කැපකිරීම මෙම ගෞරව සම්මානවලින් වඩා වඩාත් ඇගයීමට ලක්විය.
දශක දෙකකට වැඩි කාලයක සිට පැවත එන සිය උරුමය සමඟ පාරිභෝගික ජනතාවට ඉහළ සේවාවක් ලබා දෙමින් ඉදිරියට යන Diva සන්නාමය, උසස් තත්වය, සාධාරණ මිල සහ විශ්වාසනීයත්ව යන මූලික ගුණාංග මත පදනම්ව, වෙනස්වන පාරිභෝගික අවශ්‍යතා හඳුනා ගනිමින් ඒවා නිවැරදිව සපුරාලීමට ගුණාත්මක නිෂ්පාදන සපයයි. රටේ ප්‍රධානතම අලෙවිකරණ ආයතනයක් වූ ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) සමඟ එක්ව සංවිධානය කළ Effie සම්මාන උළෙලේ දී සිය පාරිභෝගිකයන්ට වඩාත් ඵලදායී සේවාවක් ලබාදීම වෙනුවෙන් Diva සන්නාමයේ කාර්යසාධනය ඇගයීමට ලක්විය.
ලබාගත් ජයග්‍රහණය පිළිබඳව සිය අදහස් දැක්වූ ගෘහ සත්කාර කාණ්ඩ කළමනාකරු (Diva සන්නාමය), නාමල් ප්‍රනාන්දු මහතා මෙසේ පැවසීය. “අප සන්නාමය ආරම්භ කළ දා පටන් මේ දක්වා අපත් සමඟ විශ්වාසයෙන් සිටින සියලු පාරිභෝගික ජනතාවට මේ සම්මානය ඉතාම සතුටින් පුදකරන්න කැමතියි. අපගේ සාර්ථකත්වයේ රහස ඔවුන් අප කෙරෙහි තැබූ විශ්වාසය සහ සහයෝගයයි. අපි ඉදිරියටත් ඔවුන්ගේ අවශ්‍යතා අනුව වඩාත් හොඳ සේවාවක් ලබාදීමට කැපවී සිටිනවා.”
2025 දෙසැම්බර් මස 04
694
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
Effie සම්මාන උළෙලේ දී DIVA සන්නාමයට සම්මාන ද්විත්වයක්