IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


Dearo Agri සමාගම එක මිටට ගොවි බිමට’ ව්‍යාපෘතිය සමග එක් වේ

ව්‍යාපාර සහ කෘෂිකර්ම ක්ෂේත්‍රවල දියුණුවට නිරන්තරයෙන් අනුග්‍රහය දක්වනDearo Investment  සමාගම් සමූහයට අනුබද්ධDearo Agri  සමාගම රට සහලින් ස්වයංපෝෂිත කිරීමේ අරමුණෙන් රජය දියත් කර ඇති පුරන් කුඹුරු අස්වැද්දීමේ එක මිටට ගොවි බිමට’ ජාතික වැඩසටහනට අනුග්‍රහය දක්වයි. ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රංවල මහතාගේ දායකත්වය සහිතව රජයේ නව සංකල්පයක් අනුව මෙම වැඩසටහන දියත් කෙරේ. 
රජය සමග එක් වී මෙම වැඩසටහන දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට Dearo Agri  සමාගම අපේක්ෂා කරයි. ස්වයංපෝෂිත රටක් සහ ඉසුරුබර අනාගතයක් උදෙසා ජාතිය ගොඩ නගන ශ්‍රී ලාංකික හදගැස්ම’ යන්න තේමාව කර ගත් Dearo Agri සමාගම ගම්පහ, කඩුවෙල සහ බියගම යන ප්‍රදේශවල ඇති පුරන් කුඹුරු හෙක්ටයාර 50කට වැඩි ගණනක් අස්වැද්දීම සඳහා මූල්‍ය අනුග්‍රාහකත්වය දැක්වීමට නියමිතය.
Dearo Agri සමාගම ගොවීන්ට අවශ්‍ය මූල්‍ය පහසුකම් පොලී රහිතව සපයයි. අස්වැන්න නෙළා ගත් පසු මුදල් ආපසු ගෙවිය හැකිය. මේ හරහා ඉතා ඉහළ පොලී අනුපාත යටතේ ණය මුදල් ගැනීමෙන් තොරව සිය වගා කටයුතු කර ගැනීමට ගොවීන්ට අවස්ථාව ලැබේ. බිම් සැකසීමේ පටන් අස්වැන්න නෙළීම දක්වා සෑම අවස්ථාවකදීම සමාගම සතු ට්‍රැක්ටර් හා අනෙකුත් කෘෂි යන්ත්‍රෝපකරණ ගොවි සමිති හරහා ගොවීන් වෙත සැපයීමටද නියමිතය. අදාළ නිලධාරීන් සහ ආයතන හරහා අවශ්‍ය දැනුම සහ උපදෙස් සපයන බැවින් ගොවීන්ට අවම පිරිවැයක් සහ ශ්‍රමයක් යටතේ උපරිම අස්වැන්නක් ගත හැකිය. ගොවීන්ට අමතර ආදායම් මාර්ග නිර්මාණය කර දීමටද Dearo Agri සමාගම කටයුතු කරයි. Dearo Investment සමාගම් සමූහයට අයත් අනෙකුත් ආයතනද ඒ සඳහා විවිධ අයුරින් දායකත්වය සැපැයීමට සූදානමින් සිටී. “වර්තමානයේදී බොහෝ දෙනෙක් කෘෂිකර්මාන්තයෙන් ඈත් වෙනවා. එවැනි තත්වයක් තුළ මෙවැනි ජාතික වැඩසටහනක කොටස්කරුවෙක් බවට පත් වීමට ලැබීම අපට විශාල ආඩම්බරයක්.” Dearo Investment සමාගම් සමූහයේ කළමනාකරණ අධ්‍යක්ෂ ප්‍රසන්න සංජීව මහතා පැවසීය. නවීන තාක්ෂණය සහ ඩිජිටල්කරණය උපයෝගී කර ගනිමින් පුළුල් පරාසයක විහිදී ඇති මූල්‍ය සේවා සපයන Dearo Investment  සමාගම් සමූහය පාරිභෝගික විශ්වාසය ඉහළින්ම දිනා ඇත. පෞද්ගලික හා ව්‍යාපාර ණය යෝජනා ක්‍රම, සුහුරු ආයෝජන සැලැසුම් ඒ අතර ප්‍රධාන වේ. ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ සහ හවුල් ව්‍යාපාරවල ප්‍රාග්ධනය ඉහළ නැංවීමට අවශ්‍ය ව්‍යවසායක ණය යෝජනා ක්‍රම රැසක්ද ඔවුන් හඳුන්වා දී ඇත. 



අදහස් (0)

Dearo Agri සමාගම එක මිටට ගොවි බිමට’ ව්‍යාපෘතිය සමග එක් වේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 406 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16750 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site