IMG-LOGO

2025 නොවැම්බර් මස 03 වන සඳුදා


DFCC බැංකුවෙන් ප්‍රථම වරට පෞද්ගලික උපකාරක පන්ති ගුරැ වෘත්තිකයන්ට විශේෂිත වූ බැංකු සේවාවක්

DFCCබැංකුව මෙරට උපකාරක පන්ති ක්ෂේත්‍රයේ අවශ්‍යතාවලට සරිලන පරිදි, DFCC Freelancer බැංකු සේවාව යටතේ තවත් සේවාවක් හඳුන්වා දී තිබේ. මෙය උපකාරක පන්ති ගුරු වෘත්තිකයන්ගේ අවශ්‍යතාවලට ගැළපෙන පරිදි බැංකුවක් විසින් බැංකු සේවා රැසක් වෘත්තිකයන්ට හඳුන්වා දුන් පළමු අවස්ථාවයි.

මෙරට උපකාරක පන්ති ක්ෂේත්‍රය, රුපියල් බිලියන ගණනක ගනුදෙනු සිදුවන විශාල ක්ෂේත්‍රයක් වන අතර, සිසුන් මිලියන 3කට අධික සංඛ්‍යාවකට සේවා සපයන අතර, දිවයින පුරා ගුරු වෘත්තිකයන් 100,000ක් පමණ සේවයේ නියුක්තව සිටින බවට ඇස්තමේන්තු ගතකර තිබේ. එහෙත් බොහෝ උපකාරක පන්ති ගුරු වෘත්තිකයන්ට ඔවුන්ගේ අවශ්‍යතා සපුරාලන විධිමත් බැංකු සේවාවලට පිවිසීම සීමා වී තිබුණි.

DFCC බැංකුව, මෙම හිඩැස පුරවමින්, පුද්ගලික ණය වශයෙන් රුපියල් මිලියන 5ක් දක්වා ණය පහසුකම්, දින දහයක් ඇතුලත අරමුදල් නිකුත් කෙරෙන කඩිනම් නිවාස ණය, සහ දිනක් ඇතුළත ලබා දෙන ලීසිං පහසුකම් ඇතුළත් පරිපූර්ණ මූල් මාසයේ විසඳුම් මාලාවක් ඔවුන්ට හඳුන්වා දී තිබේ. මෙම නව සේවාවේ තවත් ප්‍රධාන ප්‍රතිලාභයක් වන්නේ සුවිශේෂී ප්‍රතිලාභ රැසක් සහිතව උපකාරක පන්ති ගුරු වෘත්තිකයන් සඳහා ලබාදෙනු ලබනDFCC Prestige ක්‍රෙඩිට් කාඞ්පතයි.

මෙම ක්‍රෙඩිට් කාඩ්පතට කිසිදු අයදුම් කිරීමේ හෝ වාර්ෂික සේවා ගාස්තුවක් අය නොකරන අතර, රුපියල් 5,000ට වැඩි සෑම ගනුදෙනුවකටම සියයට 1ක මුදල් ආපසු (Cashback) ලබාදෙනු ඇත. තවද, ඉන්ධන සහ උපයෝගිතා බිල්පත් සේවා සපයන්නන්ට සෘජුවම ගෙවීම් කිරීමේදී අමතර සියයට 2ක මුදල් ආපසු ලැබෙනු ඇත. මීට අමතරව කාඩ්පත් හිමියන්ට රුපියල් 25,000ට වැඩි ගනුදෙනු සඳහා මාස හයක සියයට 0 ක පොලී රහිත Easy Payment Plans පහසුකම් භුක්ති විඳිය හැකිය. එමෙන්ම කාඩ්පත මගින් වසරකට එක් වතාවක් නොමිලේ ලැබෙන ගුවන් තොටුපොළ විවේකාගාර සංචාරයක් සහ නැවත ගුවන් ටිකට් පතක් මිලදී ගැනීමේදී නොමිලේ ලැබෙන සංචාරක රක්ෂණ සේවා වැනි වරප්‍රසාද ලබා දෙනු ලැබේ.

තවද මෙම සේවාව යටතේ, DFCC බැංකුවේ DMT (Doorstep Money Transfer)  සේවාව හරහා දෛනික ආදායම් එකතු කිරීමේ පහසුකමද ඇතුළත් වේ. එමගින් ගුරු වෘත්තිකයන්ට තම ආදායම්, බැංකු ශාඛාවකට නොගොස් පහසුවෙන් මුදල් තම ගිණුමේ තැන්පත් කිරීමට හැකි වන අතර, වඩාත් කාර්යක්ෂම මුදල් කළමනාකරණයකට ඉඩ සලසමින්, ආරක්ෂිතව මුදල් තම බැංකු ගිණුම්වල තැන්පත් කිරීමේ විසඳුමක් සපයයි.



අදහස් (0)

DFCC බැංකුවෙන් ප්‍රථම වරට පෞද්ගලික උපකාරක පන්ති ගුරැ වෘත්තිකයන්ට විශේෂිත වූ බැංකු සේවාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1904 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1521 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 533 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site