මෙරට බලපත්‍රලාභී වාණිජ බැංකුවක් වන DFCC බැංකුව රුපියල් බිලියන 12.5 ක මුදලක් රැස් කරගැනීමේ අපේක්ෂාවෙන් පසුගියදා කොළඹ කොටස් හුවමාරුවේ සිදුකළ ණයකර නිකුතුව සඳහා ඉල්ලු‍ම්පත් 117 ක් හරහා රුපියල් බිලියන 14.76ක වටිනාකමක් ලැබී ඇතැයි පවසයි. 

මෙහිදී චෙක්පත් සහ RTGS හරහා සිදුකළ ගෙවීම් යටතේ ඉල්ලු‍ම්පත් 115 ක්ද, බැංකු ඇපකර හරහා ඉල්ලු‍ම්පත් 2ක්ද හිමිව තිබේ. මේ අතරින් චෙක්පත් සහ  RTGS  හරහා ණයකර කොටස් 108,682,500ක් මිලදී ගෙන ඇති අතර, එහි වටිනාකම රුපියල් බිලියන 10.86ක් (10,868,250,000ක්) වෙයි. එසේම බැංකු ඇපකර හරහා ණයකර කොටස් 39,000,000ක් මිලදී ගෙන ඇති අතර, එහි වටිනාකම රුපියල් බිලියන 3.90 ක් (3,900,000,000ක්) වෙයි. 

ඒ අනුව මෙම ක්‍රම දෙක හරහාම මිලදී ගත් සමස්ත ණයකර කොටස් සංඛ්‍යාව 147,682,500ක් වන අතර, කොටසක් රුපියල් 100ක් බැගින් එහි වටිනාකම රුපියල් 14,768,250,000 ක් වෙයි. බැංකුව මෙම නිකුතුව යටතේ ණයකර කොටස් 125,000,000ක් නිකුත් කෙරිණි.