- NSEIX හි ලැයිස්තුගත කෙරුණු පළමු නීල බැඳුම්කරයද මෙයයි
භානුක අමරසිංහ
DFCC බැංකුව කොළඹ කොටස් හුවමාරුවේදී නිකුත් කළ රුපියල් බිලියන 3ක් වටිනා නීල බැඳුම්කරය, අතිරේක ජාත්‍යන්තර ලැයිස්තුගත කිරීමක් (supplementary international listing) ලෙස ඉන්දියාවේ NSEIX (NSE International Exchange) හුවමාරුවෙහිදීත් සාර්ථක ලෙස ලැයිස්තුගත කළ බව පවසයි.
මෙම නීල බැඳුම්කරය ශ්‍රී ලංකාවේ පළමු නීල බැඳුම්කරය ලෙස සැලකෙන අතර, NSEIX හි ලැයිස්තුගත කළ පළමු නීල බැඳුම්කරය ලෙසින් ද ඉතිහාසයට එක්ව තිබේ. එසේම කොළඹ කොටස් හුවමාරුව සහ NSEIX අතර පසුගියදා ඇති කරගත් අවබෝධතා ගිවිසුමෙන් අනතුරුව සිදුකළ පළමු ලැයිස්තුගත කිරීම ලෙසින් ද මෙය සැලකෙයි.
මෙලෙස එම නීල බැඳුම්කරය NSEIX හි ලැයිස්තුගත කිරීම හරහා ඊට ජාත්‍යන්තර අවධානය වැඩි වශයෙන් යොමුකර ගැනීම අදහස බව DFCC පවසයි. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව තුළ සිදු කරන සමුද්‍රීය සම්පත් ඇතුළුව පානීය ජල සැපයුම් ආශ්‍රිත තිරසාර ව්‍යාපාර සඳහා අවශ්‍ය මූල්‍ය පහසුකම් සැලසීම වෙනුවෙන් අරමුදල් සම්පාදනය මෙම නීල බැඳුම්කරයේ අරමුණ වී තිබේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී තිමාල් පෙරේරා මහතා, “NSEIX වැනි ජාත්‍යන්තර වේදිකාවක ලැයිස්තුගත කිරීමත් සමගින්ම ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳපොළේ පවතින අවස්ථා ගෝලීය ප්‍රමිති අනුව සමපාත වෙමින් ආයෝජක විශ්වාසය තවදුරටත් වර්ධනය කිරීමට අවස්ථාවක් සලසා දෙනවා.” යනුවෙන් පවසයි.
DFCC බැංකුව සිය රුපියල් බිලියන 2.5 ක් වටිනා හරිත බැඳුම්කරයක් ද මෙලෙස පසුගිය වසරේදී NSEIX හි ලැයිස්තුගත කිරීමට පියවර ගත්තේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd