
DFCC බැංකුව කාන්තාවන් වෙනුවෙන්ම හඳුන්වා දී ඇති ‘DFCC ආලෝකා’ සේවාව සහ Fonterra සමාගම එක් වී මෙරට කාන්තාවන් වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් ආරම්භ කර තිබේ. ඒ මෙරට කිරි කර්මාන්තයේ නියුතු කාන්තාවන්ට වඩාත් පහසුවෙන් මූල්‍ය පහසුකම් ලබාගැනීමට අවස්ථාව සලසා දීමේ අරමුණිනි.
මෙම හවුල්කාරීත්වයේ ප්‍රතිඵලයක් ලෙස ක්‍රියාවට නැංවූ ‘කිරි ගොවි කාන්තාවන් සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය’ යටතේ DFCC බැංකුව දැනටමත් කාන්තාවන් 30 දෙනකුට තම කිරි ගොවි ව්‍යාපාර සහ නිෂ්පාදන කටයුතු පුළුල් කිරීම සඳහා මූල්‍ය පහසුකම් ලබාදීමටත්, ඔවුන්ගේ හැකියාව වැඩිදියුණු කිරීමටත් පියවර ගෙන තිබේ.
මෙම ව්‍යාපෘතිය DFCC බැංකුව සහ Fonterra සමාගම මෙන්ම කිරි ගොවි කර්මාන්තයට සම්බන්ධ තවත් ප්‍රධාන පාර්ශ්ව රැසකට එකට එක් වී, කර්මාන්තය තුළ කාන්තාවන් මුහුණ දෙන අභියෝග අවම කිරීම සඳහා ලැබී ඇති කදිම අවස්ථාවකි. මේ සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවට පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය, සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සහ පෞද්ගලික අංශය නියෝජනය කරන නිලධාරීන් පිරිසක් සහභාගී වූ අතර, එහිදී කාන්තාවන්ට වඩාත් පහසුවෙන් මූල්‍ය පහසුකම් ලබාගැනීමට අවස්ථාව සලසා දීම, කෘෂිකාර්මික තාක්ෂණය වැඩිදියුණු කිරීම සහ කාන්තාවන්ගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වන කෘෂි ව්‍යාපාරවලට ලැබෙන වෙළෙඳපොළ අවස්ථා පුළුල් කිරීම යනාදී කරුණු සාකච්ඡා කරන ලදි.

‘Fonterra ආලෝකා’ හරහා කාන්තාවන්ට තම අවශ්‍යතාවලට අනුව විවිධාකාර වූ මූල්‍ය සේවා රාශියක් ලබාගත හැකි වේ. දෛනික ව්‍යාපාර කටයුතු සඳහා අවශ්‍ය වන කාරක ප්‍රාග්ධන පහසුකම්, විශේෂ පොලී අනුපාත යටතේ ණය පහසුකම් සහ ව්‍යාපාරවල ක්‍රමෝපායික වර්ධනය සඳහා මගපෙන්වන උපදේශන සේවා ආදිය ඒ අතරින් ප්‍රධාන තැනක් ගනී. එමෙන්ම Fonterra ආලෝකා හරහා ලැබෙන ඩිජිටල් බැංකුකරණ සේවා පහසුකම් කාන්තාවන්ට තම ව්‍යාපාර කටයුතු වඩාත් නිවැරදි සහ කාර්යක්ෂම ලෙස කළමනාකරණය කරගැනීමට උපකාරී වෙයි. මීට අමතරව කාන්තාවන්ට තම ව්‍යාපාර දියුණු කරගැනීමට අවශ්‍ය මූල්‍ය දැනුම ලබාදීම සඳහා මූල්‍ය සාක්ෂරතා වැඩසටහන් මාලාවක්ද ‘DFCC ආලෝකා’ හරහා ක්‍රියාවට නංවා තිබේ.
මෙබඳු සේවා ඔස්සේ කාන්තාවන්ට මූල්‍ය ස්වාධීනත්වය ළඟා කරගැනීමට අත්වැලක් වීම සඳහා DFCC බැංකුව සෑම විටම සූදානමින් සිටින අතර, එම සේවාවන් භාවිත කරමින් තම ව්‍යාපාර වැඩිදියුණු කරගන්නා මෙන් DFCC බැංකුව රට පුරා විසිරී සිටින ව්‍යවසායිකාවන්ට ආරාධනා කර සිටී.
2025 දෙසැම්බර් මස 04
701
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
DFCC සහ Fonterra එකතුවෙන් කිරි කර්මාන්තයේ නියුතු කාන්තාවන්ට මූල්‍ය පහසුකම්