IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


Cinnamon Hotels & Resorts ශ්‍රී ලංකාව සිනමාවේ තෝතැන්නක් කිරීමේ හවුල්කාරීත්වයක

ආකර්ෂණීය බව හා විවිධත්වයෙන් නව මංපෙත් සොයා යන ගෝලීය චිත්‍රපට කර්මාන්තයේ තෝතැනනක් බවට ශ්‍රී ලංකාව පත්කිරීමේ ප්‍රයත්නය තව දුරටත් ඉදිරියට ගෙන යාමට  Cinnamon Hotels & Resorts  කැපවී කටයුතු කරයි. ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශය (SLTPB) සමඟ උපායමාර්ගික හවුල්කාරීත්වයක් ඇති කර ගැනීමට Cinnamon Hotels & Resorts  පසුගියදා කටයුතු කරනු ලැබීය.

ශ්‍රී ලංකාවේ සංස්කෘතික විවිධත්වය, පාරිසරික විවිධත්වය ඇතුලු‍ බොහෝ සාධක එය සිනමාකරණයේ සුවිශේෂී ස්ථානයක් බවට පත් කිරීමට සුවිසල් අවස්ථාවක් නිර්මාණය කර දී ඇති අතර මෙම හවුල්කාරීත්වයෙන් ජාත්‍යන්තර චිත්‍රපට නිෂ්පාදකයන්ට එම අවස්ථාව විවර කිරීමට කටයුතු කරනු ලබයි. Cinnamon Hotels & Resorts  හි මෙම අරමුණ සාක්ෂාත් කරගැනීම වෙනුවෙන් සිනමාව සම්බන්ධයෙන් වගකියන මෙරට ජාතික ආයතනය වන ජාතික චිත්‍රපට සංස්ථාව චිත්‍රපට යටිතල පහසුකම් හා ප්‍රතිපත්ති නිර්මාණය වෙනුවෙන් සිය විශ්වසනීය දායකත්වය ලබා දෙයි. එමෙන්ම ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය Cinnamon Hotels & Resorts  හි අරමුණට ශක්තියක් වෙමින් මෙරට සංචාරක ආකර්ෂණය දිනා ගැනීම සඳහා සිනමාව සතු හැකියාව පිළිබඳව අවධානය යොමු කරමින් ජාත්‍යන්තරය තුළ ශ්‍රී ලාංකේය සංස්කෘතික පොහොසත් බව, ස්වභාව සෞන්දර්යය හා අලංකාරත්වය පිළිබඳව බොහෝ දේ බෙදාහදා ගැනීමට කටයුතු කරනු ලබයි.

මෙම හවුල්කාරීත්වයේ ශක්තිය හා ක්‍රියාකාරීත්වයෙන් ශ්‍රී ලංකාව සිනමා නිර්මාණකරණයේ පාරාදීසයක් බවට පත් වන අතරම සංචාරක ආකර්ෂණය ඉහළ යාම හේතුවෙන් ආර්ථික ඉලක්ක ජය ගැනීමටද සුවිසල් අවස්ථාවක් නිර්මාණය වේ.

මෙම දැවැන්ත වැඩපිළිවෙළෙහි සමාරම්භය සනිටහුන් කරමින් ඔස්කාර් සම්මාන සඳහා තේරුණු චිත්‍රපට නිෂ්පාදිකා දීපා මෙහෙතා සහ දිගු කාලීන නිෂ්පාදන හවුල්කරු ඬේවිඞ් හැමිල්ටන් ගේ සහභාගීත්වයෙන් 2025 මැයි 30 වැනි දින සිට ජූනි 01 වැනි දින දක්වා Signature Weekend සංවිධානය කරනු ලැබීය. ලොව ජයගත් ශ්‍රී ලංකාවේ රූගත කළ ඔවුන්ගේ  Midnight’s Children, Water  හා Funny Boy  චිත්‍රපට පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණේ ඒවා රස විඳීමේ අවස්ථාවද ප්‍රේක්ෂකයන් වෙත ලබා දෙමිනි.

Cinnamon Hotels & Resorts  හි මෙම සුවිසල් අරමුණ සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ගෝලීය සන්නාම වනHSBC Sri Lanka  සහ  Mastercard Sri Lanka  එක්ව සිටියි. එහි මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය විජය පුවත්පත් සමාගමයි. 

Signature Weekend  හි තවත් විශේෂත්වයක් වන්නේ Cinnamon Bentota Beach – Signature Selection  සහ කොළඹ Cinnamon Life at City of Dreams  යන විචිත්‍රවත් පරිශ්‍රයන් දෙකෙහිදීම වැඩසටහන් පැවැත්වීමට කටයුතු කර තිබීමයි. චිත්‍රපට නැරඹීම පමණක් නොව ඒ පිළිබඳව නිර්මාණකරුවන් සමඟ සිදුකරන කතා බහ සහභාගී වන්නන් හට වින්දනීය හා අවබෝධාත්මක අත්දැකීමක් හිමිකර දෙනු නොඅනුමානය.

ශ්‍රී ලංකාව, ලෝක සිනමාවේ ආකර්ෂණීය තෝතැන්නක් බවට පත් කිරීම උදෙසා Cinnamon Hotels & Resorts  හි මෙම ප්‍රයත්නයෙන් මෙරට සංස්කෘතික පෝෂණය වෙනුවෙන් ඔවුන් සිදු කරන අඛණ්ඩ කැපවීම මනාව පිළිබිඹු වේ. 



අදහස් (0)

Cinnamon Hotels & Resorts ශ්‍රී ලංකාව සිනමාවේ තෝතැන්නක් කිරීමේ හවුල්කාරීත්වයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 688 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17828 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 758 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site