IMG-LOGO

2025 නොවැම්බර් මස 03 වන සඳුදා


Cap Snap Lanka ජාතික තත්ව සහ ඵලදායීතා සම්මේලනයේදී රන් සම්මාන හතරක් දිනයි

කේ. එම්. එන්. ආර්. කුමාර (සහකාර නිෂ්පාදන කළමනාකරු), එම්. එම්. එම්. කලීත් (කළමනාකරු - නිෂ්පාදන, ගබඩා, නඩත්තු), කේ. ඒ. ටී. යශේන්ද්‍ර (ජ්‍යෙෂ්ට කළමනාකරු - තත්ව පාලන, අනුකූලතා සහ නිෂ්පාදන සංවර්ධන), රිස්වාන් ජලීල් (සමූහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී), ෆාරිහ් ෆසාල් (අධ්‍යක්ෂ / සමූහ ප්‍රධාන විධායක නිලධාරී), ආර්. ඒ. එස්. කරුණාරත්න (ජ්‍යෙෂ්ඨ කර්මාන්තශාලා කළමනාකරු), ඒ. සී. මාපිටියගේ 
(සහකාර කළමනාකරු - තත්ව පාලන), ඩබ්ලිව්.එම්. එස්. රම්බණ්ඩාර (සහකාර සාමාන්‍යධිකාරී - විකුණුම්, අලෙවි)


Cap Snap Lanka  පෞද්ගලික සමාගමSri Lanka Association for the Advancement of Quality and Productivity (SLAAQP)  සංවිධානය කළ 2025 තත්ව සහ ඵලදායිතා ජාතික සම්මේලනයේදී රන් සම්මාන හතරක් දිනා ගත් අතර ඊට අනුබද්ධ සමාගමක් වනAmerican Polymers  පෞද්ගලික සමාගම රිදී සම්මානයක් දිනා ගත්තේය. 

Cap Snap Lanka  සමාගමට රන් සම්මාන හිමි වූයේ ක්‍රිස්ටල්  (QCC2510276),  ඉකෝ ගාඩියන්ස් (QCC2510278),  පර්ෆෙක්ට් ෆයින්ඩර්ස්  (QCC2510280),  ක්ලැරිටි අචීවර්ස්  (QCC2510279)  යන තත්ව පාලන කව ලැබූ ප්‍රගතිය වෙනුවෙනි. American Polymers  සමාගමේ කවුන්ටින් ආර්ක් තත්ව පාලන කවය  (QCC2510272) රිදී සම්මානයක් දිනා ගත්තේය. 

2003දී ඇරැඹුණු Cap Snap Lanka සමාගම වර්තමානයේදී මෙරට ප්‍රමුඛ පෙළේ ඇසුරුම් විසඳුම් සැපයුම්කරුවකු බවට පත් වී තිබේ. එම සමාගම පානීය ජලය, තේ, තීන්ත, ඖෂධ, කිරි, විවිධ පාන වර්ග, ආහාරයට ගන්නා තෙල්, ඩිටර්ජන්ට් වැනි කර්මාන්ත අංශ රැසකට ඇසුරුම් නිපදවයි. එම සමාගමට අයත් නවීන කර්මාන්තශාලා හෝමාගම සහ ආටිගල පිහිටා තිබේ. ඒවායේ සම්පූර්ණ වපසරිය වර්ග අඩි 300,000කට අධිකය. 1,000කට වැඩි පිරිසකට සෘජු රැකියා සපයා ඇති එම සමාගම තවත් 5,000කට වැඩි පිරිසකට වක්‍ර ආදායම් මාර්ග සලසා තිබේ. 250කට වැඩි ප්‍රමුඛ සන්නාම රැසකට එම සමාගම සේවා සපයයි. මෙරට බරින් අඩුම PET බෝතල් නිෂ්පාදනය කරන එම සමාගම ප්‍රතිචක්‍රියකරණ පද්ධතියකට හිමිකම් කියන මෙරට එකම ඇසුරුම් නිෂ්පාදකයාද වේ. 

ඔවුන් සියයට 50කට වැඩි විදුලි ප්‍රමාණයක් ඉතිරි කරන අධිවේගී නිෂ්පාදන ක්‍රියාවලියක්ද හඳුන්වා දී ඇත. අවම මිනිස් ශ්‍රමයක් අවශ්‍ය වන, සම්පූර්ණ ස්වයංක්‍රීය ක්‍රියාවලියක් යටතේ නිෂ්පාදන කටයුතු සිදු කරන එම සමාගම සෑම නිෂ්පාදනයකම ගුණාත්මකභාවය සහතික කරයි. Cap Snap Lanka සහ American Polymers  දේශීය සහ විදේශීය සම්මාන රැසක් දිනා ඇත.  FSSC 22000, ISO 22000, ISO 14001, ISO 9001, HACC සහ GMP යන දේශීය සහ ජාත්‍යන්තර තත්ත්ව සහතිකද එම සමාගම්වලට හිමි වී ඇත.



අදහස් (0)

Cap Snap Lanka ජාතික තත්ව සහ ඵලදායීතා සම්මේලනයේදී රන් සම්මාන හතරක් දිනයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1920 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1528 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 535 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site