IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


CDB SMB ව්‍යවසායිකාවන් සවිබල ගන්වයි

සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී සමාගම (CDB), දේශීය ව්‍යවසායිකාවන් බල ගැන්වීමේ උත්සාහයේ කොටසක් වශයෙන්, patpat.lk සමග එක්ව ශ්‍රී ලංකා යුද හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකායේ ව්‍යවසායිකාවන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් පසුගියදා සංවිධානය කළේ ය. මෙහිදී CDB SMB Friday වැඩසටහන සහ patpat Marketplace මගින් පිරිනමනු ලබන සේවා භාවිත කරමින් තම ව්‍යාපාර දියුණු කරගන්නා ආකාරය සම්බන්ධයෙන් මෙම ව්‍යවසයිකාවන්ට මගපෙන්වීමක් ලබාදෙන ලදි.

Patpat Marketplace හි තවත් කොටසක් ලෙස පසුගියදා පැවැත්වූ වැඩමුළුවේ දී හඳුන්වාදෙනු ලැබූ ‘විරු ලිය‘ වෙබ් පිටුව මෙම රෙජිමේන්තුවේ ව්‍යවසායිකාවන්ට තම පාරිභෝගිකයන් වෙත වඩාත් සමීප වීම උදෙසා අවස්ථාව උදා කර දී තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් CDB සමාගමේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (අලෙවි) දර්ශන ජයසිංහ මහතා මෙසේ පැවසීය. CDB ආයතනය කවදත් ව්‍යවසායකයන්ගේ අභිලාෂයන් සවිබල ගැන්වීමට කටයුතු කරනවා. ‘‘CDB SMB Friday වැඩසටහන සහ patpat Marketplace එකාබද්ධව තැබූ ප්‍රථම පියවරක් වශයෙන් ශ්‍රී ලංකා යුද හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකායේ ව්‍යවසායිකාවන්, patpat.lk ඔස්සේ නිර්මාණය වී ඇති සුවිශාල වෙළඳපොළට සම්බන්ධ කිරීමට අප කටයුතු කළා. ‘විරු ලිය’ නමින් හැඳින්වෙන එම වෙබ් පිටුව මගින් අදාළ ව්‍යවසායිකාවන්ට මුළු ලෝකයම විවෘත කර දෙමින්, ඔවුන්ට තම භාණ්ඩ අලෙවි කිරීමටත්, එකිනෙකා සමග සම්බන්ධතා ගොඩනංවා ගැනීමටත් අවස්ථාව සලසා දෙනු ඇති.”

පසුගියදා පැවති වැඩමුළුවට සහභාගී වූ ව්‍යවසායිකාවන්ගේ නිෂ්පාදන රැගත් ප්‍රදර්ශනයක්ද එහිදී සිදු කළ අතර ඒ තුළින් ඔවුන්ගේ හැකියාව මනාව පිළිබිඹු වන ලදී. තවද, ජපන් ජබර භාවිතයෙන් සිදුකරන අත්කම් නිර්මාණ වෙනුවෙන් සම්මාන ලැබූ ව්‍යවසායිකාවක වන ආර්. පී. කුසුමාවතී මහත්මිය තම අත්කම් නිර්මාණ සිදුකිරීම පිළිබඳව වන තම දැනුම පිරිස සමඟ බෙදා ගන්නා ලදී.

2018 වසරේ දී ආරම්භ වූ CDB SMB Friday වැඩසටහන, මෙරට කුඩා හා මාධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට තම නිෂ්පාදන සහ සේවා CDB නිල වෙබ් අඩවිය සහ සමාජ මාධ්‍ය හරහා පාරිභෝගිකයන් වෙත සමීප කරවීමට උපකාර වූ අතර එහි දෙවැනි අදියර වශයෙන් නගරයට පමණක් සීමා නොවී කොළඹින් පිට පළාත්වල කුඩා හා මාධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් හඳුනාගෙන ඔවුන් දිරිගැන්වීමේ අරමුණින් CDB SDB Friday 2.0 වැඩසටහන ආරම්භ කරන ලදි. මෙමගින් හුදෙක් සමාජ මාධ්‍ය තුළ මෙම ව්‍යාපාර ප්‍රවර්ධනය කිරීමෙන් නොනැවතී, patpat Marketplace හරහා ඩිජිටල් වෙළඳපොළටත් භෞතික වෙළඳපොළටත් මෙම නිෂ්පාදන රැගෙන යාමට ව්‍යවසායක ව්‍යවසායකාවන්ට අත්වැලක් සැපයීම සිදුවේ.

595



අදහස් (0)

CDB SMB ව්‍යවසායිකාවන් සවිබල ගන්වයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 344 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site