බ්‍රිටිෂ් ස්කූල් ඔෆ් කොමස්හි ප්‍රධාන විධායක නිලධාරී කිෂෝ පීටර් මහතා වෙත මැලිබන් සමූහයේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී සහ බ්‍රිටිෂ් ස්කූල් ඔෆ් කොමස්හි පාලක මණ්ඩල ප්‍රධානී රවි ජයවර්ධන මහතා විසින් අත්සන් කරනු ලැබූ
අවබෝධතා ගිවිසුමේ පිටපතක් පිරිනමන අයුරු
විමුක්ති එස්. රුද්‍රිගු
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ පැවැති හිඩැසක් පිරවීමේ අරමුණින් රැකියා වෙළෙඳපොළට ගැළපෙන උපාධිධාරීන් බිහිකිරීමේ සඳහා නව උසස් අධ්‍යාපන මාර්ග තුනක් හඳුන්වා දෙන වැඩසටහනක් British School of Commerce (BSC) උසස් අධ්‍යාපනික ආයතනය පසුගියදා හඳුන්වා දුන්නේය.
බ්‍රිතාන්‍යයේ ලන්ඩන් ස්කූල් ඔෆ් කොමස් සමග අනුබද්ධ British School of Commerce ආයතනය 2010 වසරේදී ස්ථාපිත කර ඇති අතර නව වැඩසටහන මගින් ව්‍යාපාර අධ්‍යනය, ජාත්‍යන්තර අලෙවිකරණය සහ මූල්‍ය ක්ෂේත්‍රය පිළිබඳව හැදෑරීමටත් උනන්දුවක් දක්වන සිසු සිසුවියන්ට බ්‍රිතාන්‍යයේ සෆක් විශ්ව විද්‍යාලයෙන් පිරිනමන ජාත්‍යන්තරව පිළිගත් උපාධියක් ලබා ගැන්මටත් අවස්ථාව සැලසෙන බව බ්‍රිටිෂ් ස්කූල් ඔෆ් කොමස් ආයතනය ප්‍රකාශ කළේය.
එසේම නව වැඩසටහන යටතේ කොලිෆිකේෂන් ස්කොට්ලන්ඩ් හි පදනම් හෝ උසස් ජාතික ඩිප්ලෝමාවක් හැදෑරිය හැකි බවත් උසස් ජාතික ඩිප්ලෝමාව සම්පූර්ණ කරන්නන්ට සෆක් විශ්වවිද්‍යාලය පිරිනමන උපාධියේ අවසන් වසරට ඇතුළත් විය හැකි බවත් එම ආයතනය පෙන්වා දුන්නේය. කොලිෆිකේෂන් ස්කොට්ලන්ඩ් යනු එරට මෙන්ම ලෝකයේ ඉහළම පිළිගත් වෘත්තීය සුදුසුකමක් බවද එම ආයතනය ප්‍රකාශ කළේය.
මේ අතර මෙරට උපාධි ප්‍රධානය කිරීම සඳහා පිළිගත් ආයතනයක් ලෙස මෙරට අධ්‍යාපන අමාත්‍යාංශය පිළිගෙන තිබෙන බවද බ්‍රිටිෂ් ස්කූල් ඔෆ් කොමස් ආයතනය සඳහන් කළේය.
බ්‍රිටිෂ් ස්කූල් ඔෆ් කොමස්හි ප්‍රධාන විධායක නිලධාරී කිෂෝ පීටර් මහතා වෙත මැලිබන් සමූහයේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී සහ බ්‍රිටිෂ් ස්කූල් ඔෆ් කොමස්හි පාලක මණ්ඩල ප්‍රධානී රවි ජයවර්ධන මහතා විසින් අත්සන් කළ අවබෝධතා ගිවිසුමේ පිටපතක් පිරිනැමිණි. මෙම ගිවිසුම යටතේ බ්‍රිටිෂ් ස්කූල් ඔෆ් කොමස්හි අධ්‍යාපනය ලබන සිසුසිසුවියන්ට මැලිබන් සමූහය තුළ කර්මාන්ත පුහුණුව, සීමාවාසික පුහුණුව සහ රැකියා අවස්ථා ලබාගැනීමට අවස්ථාව සැලසේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd