IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


Brandview Labels Lanka සමාගමට විශිෂ්ටම ජාතික කර්මාන්ත සන්නාම සම්මාන


Brandview Labels Lanka පෞද්ගලික සමාගම ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේදී නිර්මාණ, ඇසුරුම් සහ කඩදාසි සම්බන්ධ කර්මාන්ත අංශයේ (කුඩා පරිමාණ) විශිෂ්ටම ජාතික කර්මාන්ත සන්නාමය ලෙස සම්මාන ලැබුවේය. රෙදිපිළි සහ ඇගැලු‍ම් කර්මාන්තයට අවශ්‍ය ප්‍රින්ටඩ් ෆැබ්රික් ලේබල්, වියන ලද ලේබල්, කෙයාර් ලේබල්, ස්ටිකර්, Hang Tag සහ RFID විසඳුම් වැනි නිෂ්පාදන සහ සේවා සපයන ආයතනයක් ලෙස Brandview සමාගම ඇරැඹිණි. 

සමාගමේ නිර්මාතෘ Siemon Luvi ශක්තිමත් නායකත්වය යටතේ විවිධ අභියෝග ජය ගනිමින් සාර්ථකත්වය කරා පිය නැගීමට Brandview සමාගමට හැකි විය. Siemon Luvi රෙදිපිළි සහ ලේබල් කර්මාන්තයේ වසර 30කට වැඩි අත්දැකීම් සහිත අයෙකි. Brandview ක්ෂේත්‍රයේ හොඳම සමාගම බවට කිරීම සඳහා ඔහු කැපවීමෙන් කටයුතු කරයි. පාරිභෝගිකයන්ට විශිෂ්ට සේවාවක් සපයමින් සමාගමේ සේවක සේවිකාවන්ගේ යහපත ප්‍රමුඛ කර සැලකීම ඔහු සතු සුවිශේෂ ගුණාංගයකි.

Brandview සමාගම වර්තමානයේදී සන්නාම-කරණය, POS, ඇසුරුම්කරණය, ට්‍රැක් ට්‍රේස්, සැපයුම්, උත්සව අවස්ථා කළමනාකරණය, සන්නිවේදන විසඳුම් සහ තවත් බොහෝ සේවා සහ නිෂ්පාදන සපයයි. Brandview සමාගම 2023දී ප්‍රධාන පෙළේ ජපාන සහ චීන සමාගම් සමඟ එක් වී 2026 වන විට මධ්‍යම යුරෝපය තුළ ක්‍රියාත්මක වනු ඇති බවට අනුමාන කෙරෙන ඩිජිටල් ප්‍රොඩක්ට් පාස්පෝට්වලට (DPP) අදාළ අවශ්‍යතා ඵලදායි ලෙස සැපිරීමට උපකාර වන පුළුල් මෘදුකාංග විසඳුම් නිෂ්පාදනය කරයි. පකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවර පිහිටි සිය ප්‍රධාන කර්මාන්තශාලාවට අමතරව ඉන්දියාවේ නිෂ්පාදන පරිශ්‍රයක් ස්ථාපනය කිරීම ඔවුන්ගේ මීළඟ සැලසුම වේ. පසුගිය වසර පහ තුළදී Brandview සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය ශ්‍රී ලාංකික කළමනාකරණ කණ්ඩායම සමඟ එක් වී දීර්ඝ කාලීන සැලසුම් කෙරෙහි අවධානය යොමු කරන අතර කෙටි කාලීන සැලසුම් සාර්ථක කර ගැනීමට කටයුතු කර ඇත. 



අදහස් (0)

Brandview Labels Lanka සමාගමට විශිෂ්ටම ජාතික කර්මාන්ත සන්නාම සම්මාන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 95 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 34 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 738 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site