
BYD සහ එහි ශ්‍රී ලංකාවේ එකම බලයලත් බෙදා හරින ආයතනය වන John Keells CG Auto එක්ව නව BYD Mobile App නිල වශයෙන් හඳුන්වා දී ඇත. මෙරට මෝටර් රථ ක්ෂේත්‍රයට නවීනතම තාක්ෂණික පද්ධතියක් මේ හරහා හඳුන්වා දෙන අතර මෙය BYD සන්නාමයේ ඩිජිටල් සේවා ඉදිරියටම රැගෙන යාමේ තවත් එක් වැදගත් පියවරක් ලෙස හැඳින්විය හැකිය.
BYD Mobile App හඳුන්වා දුන් දින සිට මේ දක්වා පාරිභෝගිකයන් 4,000කට වැඩි පිරිසක් එය download කර ඇත. ඒ අනුව ශ්‍රී ලංකාවේ මෝටර් රථ ක්ෂේත්‍රයේ ඉතා කෙටි කලකදී පාරිභෝගිකයන් 4000කට වැඩි පිරිසක් තම තාක්ෂණික පද්ධතිය සමග සම්බන්ධ කරගත් පළමු සමාගම බවට BYD පත් වූ අතර, එය සුවිශේෂී අවස්ථාවක් ලෙස සැලකිය හැකිය. එමෙන්ම, මෙරට ශීඝ්‍රයෙන් වර්ධනය වන BYD පාරිභෝගික ප්‍රජාව අතර ඇති වාහන තාක්ෂණය සඳහා වන දැඩි උනන්දුව ද මෙයින් මනාව පෙන්නුම් කරයි.
මෙමගින් ශ්‍රී ලංකාවේ වාහන හිමියන්ට තම වාහනය භාවිත කිරීමේදී ලැබෙන අත්දැකීමේ කැපී පෙනෙන වෙනසක් සිදුවනු ඇත. ඒ අනුව වාහනයක් යනු හුදෙක් මාර්ගයේ ධාවනය කිරීමට පමණක් සීමා වූවක් නොවන අතර, තමන් යන එන ඕනෑම තැනකදී වාහනය පාලනය කළ හැකි සැබෑ ස්මාර්ට් රිය පැදවීමේ අත්දැකීමක් හිමිකර ගැනීමට මින් අවස්ථාව සැලසේ. මීට අමතරව මෙරට BYD පාරිභෝගිකයන්ට ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව, නව බලශක්ති වාහන (NEV) තාක්ෂණය ඉතා පහසුවෙන් භාවිත කිරීමේ අවස්ථාව උදා වේ.
John Keells CG Auto ප්‍රධාන විධායක නිලධාරී චරිත් පණ්ඩිතරත්න මහතා සඳහන් කළේ, BYD Mobile App හඳුන්වා දීම හරහා මෙරට ස්මාර්ට් වාහන තාක්ෂණයේ නව පෙරළියක් සිදු කර ඇති බවයි. එහි ඇති ඉහළ තාක්ෂණික සන්නිවේදන හැකියාව, ඕනෑම තැනක සිට වාහනය දුරස්ථව පාලනය කිරීමේ හැකියාව මෙන්ම වාහනයේ තොරතුරු ක්ෂණිකව ලබාගත හැකි වීම වැනි ක්‍රමවේදයන් නිසා, මෙම යෙදවුම මෙරට වෙළෙඳපොළේ සැබෑ වෙනසක් සිදුකරනු ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd