දේශීය වෙළෙඳපොළ සඳහා ආනයනය කරන ලද දෙවැනි වාහන තොගය පසුගිය සතියේ හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP) සේන්දු විය. ග්ලෝවිස් සෙන්චරි නමැති නෞකාවෙන් රැගෙන ආ වාහන තොගයේ, ශ්‍රී ලංකා වෙළඳපොළ සඳහා BYD වාහන 462ක් ඇතුළත් වූ අතර වාහන 669 ක් ප්‍රතිනැව්ගත කර ඇත. ග්ලෝවිස් සෙන්චරි නෞකාව සඳහා HIP විසින් හසුරුවන ලද මුළු වාහන ගණන 1,159 කි.
‘‘කලාපයේ මෝටර් රථ සැපයුම් දාමය තුළ, විශේෂයෙන්ම වේගයෙන් වර්ධනය වන විද්‍යුත් වාහන (EV) වෙළෙඳපොළේ, හම්බන්තොට ජාත්‍යන්තර වරාය (HIP), ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් ලෙස ප්‍රසිද්ධ වෙමින් සිටිනවා. එයට විශේෂ හේතුව, අපගේ මනා සංවිධනාත්මකභාවය මෙන්ම විද්‍යුත් වාහනවල අවශ්‍යතා සපුරාලීම සඳහා විශේෂඥ ලෙස සකස් කර ඇති නවීනතම සහ ආරක්ෂිත යටිතල පහසුකම්. විද්‍යුත් වාහන සඳහා උසස් තත්වයේ පහසුකම් සැපයීමෙන් කලාපයේ මෝටර් රථ කර්මාන්තයේ වර්ධනය උදෙසා අපගේ කැපවීම සනාථ කරනවා,’’ යි හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ (HIPG) වාණිජ හා අලෙවි කටයුතු පිළිබඳ සාමාන්‍යාධිකාරී ලාන්ස් සූඕ මහතා ප්‍රකාශ කරයි.
සිංගප්පූරුවේ සිට පැමිණි, කොරියානු ධජය යටතේ යාත්‍රා කරන ග්ලෝවිස් සෙන්චරි නෞකාව, HIP හි සිය මෙහෙයුම් සාර්ථකව නිමවා, ඕමානයේ සොහාර් වරාය වෙත ගමන් ආරම්භ කළේය.
2025 දෙසැම්බර් මස 18
172
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
154
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
BYD ඉලෙක්ට්‍රික් වාහන 462ක් හම්බන්තොට ජාත්‍යන්තර වරායට