IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


2025 වසරේ විශිෂ්ටතම දූරදර්ශී නායකයා NSBM හරිත සරසවියේ නිර්මාතෘ උපකුලපති මහාචාර්ය ඊ. ඒ. වීරසිංහ

ශ්‍රී ලංකා වෘත්තීය හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය මගින් සංවිධානය කරන Sri Lankan Entrepreneur of the Year සම්මාන උළෙල පුරා වසර විසිපහක් විශිෂ්ටතම නායකයන් සහ ව්‍යවසායකයන් සම්මානයට පාත්‍ර කර ඇති අතර මෙම 25 වැනි රිදී ජුබිලියේදී NSBM හරිත සරසවියේ උපකුලපතිවරයා 2025 වසරේ විශිෂ්ටතම දූරදර්ශී නායකයා ලෙස සම්මානයට පාත්‍ර කිරීම සුවිශේෂීය. එසේම මෙහිදී මහාචාර්ය වීරසිංහ මහතාගේ දුරදර්ශී නායකත්වයෙන් නිර්මාණය වූ NSBM හරිත සරසවියේ ජාතික මෙහෙවර සහ විශිෂ්ටත්වය තවදුරටත් සනාථ කරමින් ජාතික අති විශාල කාණ්ඩයේ රන් සම්මානය සහ බස්නාහිර පළාත් අති විශාල කාණ්ඩයේ රන් සම්මානය ද පිරිනමන ලදී.


මෙම සම්මාන උළෙල විශිෂ්ටතම දූරදර්ශී නායකයා තෝරා ගැනීමේදී රටේ පවත්නා සමාජ ගැටලු‍වක් විසඳාලීමට අදාළ සම්මානලාභියා ලබා දී තිබෙන නායකත්වය පිළිබඳ විශේෂයෙන් සලකා බැලෙයි. ඒ අනුව රජයේ විශ්වවිද්‍යාලවලට ඇතුළුවීමට සුදුසුකම් සැපිරූවන්ට විශ්වවිද්‍යාල පහසුකම් ප්‍රමාණවත්ව නැති නිසා ඉහළ අධ්‍යාපන අවස්ථාව අහිමිවන සිසු දරුවන්ට උසස් අධ්‍යාපනය ලැබීමට අවස්ථාව සැලසෙන ආකාරයේ දැවැන්ත නිර්මාණශීලී ව්‍යවසායක් ගොඩනගමින් මහාචාර්ය ඊ.ඒ. වීරසිංහ මහතා දේශයට කළ මෙහෙවර මෙසේ සම්මානයට පාත්‍ර කෙරිණි. එසේම මෙරට රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ඇතුළුවීමට පහසුකම් නොමැති නිසා මෙරට සිසුන් විදේශ රටවල උසස් අධ්‍යාපනයට යොමුවීමෙන් රටට අහිමිවන විශාල විදේශ විනිමය මෙරට රඳවා ගැනීමට ඔහුගේ නිර්මාණශීලී හරිත සරසවි සංකල්පයට හැකි වී ඇත.
මෙරට අධ්‍යාපනය ලබමින්ම බ්‍රිතාන්‍යය, ඇමෙරිකාව, ඔස්ට්‍රේලියාව ආදී රටවල ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවලින් පිරිනමන උපාධි ලබා ගැනීමට ද හරිත සරසවිය මග පාදා දීම එහි ඇති සුවිශේෂ ආදර්ශයය. දැනටමත් සිසුන් 13,000 ක් ඉගෙනුම ලබන හරිත සරසවියට වසරකට සිසුන් 3500 ක පමණ පිරිසක් වාර්ෂිකව විවිධ පාඨමාලා යටතේ බඳවා ගැනේ. මේ වන විටත් වසර කිහිපයකදී ජාතික ව්‍යාපාර විශිෂ්ටත්වය සඳහා පිදුන රන් සම්මාන, වාර්ෂික ගිණුම් වාර්තාකරණයට රන් සම්මාන මෙන්ම ජනාධිපති පාරිසරික රන් සම්මානයත්, 2023 දී ශ්‍රී ලංකාවේ විශිෂ්ට සන්නාම සියය අතර සිව්වැනි ස්ථානයට හිමි සම්මානයත් NSBM හරිත සරසවිය දිනාගෙන හිඳී.



අදහස් (0)

2025 වසරේ විශිෂ්ටතම දූරදර්ශී නායකයා NSBM හරිත සරසවියේ නිර්මාතෘ උපකුලපති මහාචාර්ය ඊ. ඒ. වීරසිංහ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 574 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1087 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site