IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


2025 වසරේ “විශිෂ්ටතම කාන්තාව” ස්වදේශී සභාපතිනි අමරි විජයවර්ධන

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සියවස් සැමරුමට සමගාමීව පැවැත්වුණු Top C සඟරා උත්සවයේ දී, 2025 වසරේ “විශිෂ්ටතම කාන්තාව” (Iconic Woman 2025) ලෙස ස්වදේශී සමාගමේ සභාපතිනි අමරි විජයවර්ධන මහත්මිය සම්මානයට පාත්‍ර වුවාය. සමාගම ලැබූ විශාලතම ගෞරවයක් සේ සලකන මෙම සම්මානය, කාන්තාවන් සවිබල ගැන්වීම, ශ්‍රී ලාංකේය උරුමය සංරක්ෂණය කිරීම සහ සදාචාරාත්මක ව්‍යාපාර පිළිවෙත්වලින් තිරසාර වර්ධනයක් සඳහා ඇය ලබා දුන් විශිෂ්ට නායකත්වය, දැක්ම සහ කැපවීම වෙනුවෙන් පිරිනමන ලදී. ස්වදේශී කර්මාන්තායතනයේ නියෝජ්‍ය සභාපතිනි/කළමනාකාර අධ්‍යක්ෂිකා චුලෝධරා සමරසිංහ මහත්මිය මෙසේ පැවසුවාය. “අපගේ සභාපතිනිය ස්වදේශී සමාගමේ ශක්තිය හා දැක්ම බවට පත්ව සිටිනවා. ඇයගේ නායකත්වය යටතේ අපගේ නිෂ්පාදන පෙළ පුළුල් කිරීම, නව වෙළෙඳපොළවල් වෙත පිවිසීම සහ ගුණාත්මකභාවය රැක ගනිමින් නවෝත්පාදන ප්‍රවර්ධනය කිරීමට අපට හැකියාව ලැබුණා. තවද ඇය සතුන් ආශ්‍රිත පර්යේෂණ සිදු නොකරන, ශාක මත පදනම් වූ සහ පරිසර හිතකාමී නිෂ්පාදන ක්‍රියාවලි වෙනුවෙන් අපට සහයෝගය ලබා දුන්නා. ස්වදේශී නිෂ්පාදන බ්‍රිතාන්‍ය නිර්මාංශ සංගමයේ පිළිගැනීමට ලක්ව තිබීම, අපගේ සමාගමේ ඉදිරි පිළිවෙත් පරිසර හිතකාමී, සදාචාරාත්මක තෝරා ගැනීම් කිරීමට පාරිභෝගිකයන්ට උපකාර කිරීම සඳහා වූ කැපවීම පිළිබඳ සාක්ෂියක්. නායකත්වය දරන කාන්තා ප්‍රජාව වෙත ඇය ආදර්ශයක්. දේශීය උරුමයෙන් පිහිටුවා ඇති සමාගමක් ලෙසත්, තිරසාර සහ සදාචාරාත්මක සුන්දරත්වය සංවර්ධනය කිරීමට නිරන්තරයෙන් කටයුතු කරන සමාගමක් ලෙසත් ස්වදේශී සමාගම ඉදිරියට ගෙන යාමට ඇයගේ ජයග්‍රහණ අප දිරිමත් කරනවා.” 



අදහස් (0)

2025 වසරේ “විශිෂ්ටතම කාන්තාව” ස්වදේශී සභාපතිනි අමරි විජයවර්ධන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 739 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site