IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


2024 වසරේ සියයට 5 ක සමස්ත ආර්ථික වර්ධනයක්

  •  2023 වසරේ සියයට 2.3 කින් සංකෝචනය වූ මෙරට ආර්ථිකය පසුගිය වසරේදී සියයට 5 කින් වර්ධනය වෙලා
  •  පසුගිය වසරේ සිවු වැනි කාර්තුවේදී ආර්ථික වර්ධනය සියයට 5.4 ක් 
  •  2023 වසරට සාපේක්ෂව පසුගිය වසරේදී කෘෂිකාර්මික ක්‍රියාකාරකම් සියයට 1.2 කින් පහළ ගිහින් සිවු වැනි කාර්තුවේදී 2023 වසරේ සිවු වැනි කාර්තුවට සාපේක්ෂව කෘෂි කාර්මික ක්‍රියාකාරකම් සියයට 2.2 කින් පහළට
  • කර්මාන්ත හා සේවා අංශය සියයට 11 කින් සහ 2.4 කින් වර්ධනය වෙලා 

විමුක්ති එස්. රුද්‍රිගු


ශ්‍රී ලංකාවේ ආර්ථිකය පසුගිය වසරේ සිව් වැනි කාර්තුවේදී සියයට 5.4 කින් වර්ධනය වී ඇති බවත් සමස්තයක් ලෙස පසුගිය වසරේදී මෙරට ආර්ථිකය සියයට 5 කින් වර්ධනය වී ඇති බවත් ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පසුගියදා නිකුත් කළ නවතම දත්ත වාර්තාවල සටහන් විය.

එයට පහළ ගිය උද්ධමනය සහ විනිමය හුවමාරු ස්ථාවරත්වය උපකාරී වී ඇතැයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපර්තමේන්තුව ප්‍රකාශ කළේය. අඛණ්ඩව පහළ ගිය උද්ධමනය මෙරට ආර්ථිකය පිළිබඳව ධනාත්මක ආකල්ප ගොඩනැගීමට උපකාරී වී ඇතැයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකශ කළේය.

පසුගිය වසරේදී මෙලෙස මෙරට ආර්ථිකය කැපී පෙනෙන අයුරින් වර්ධනයවීමට 2023 වසරේදී සියයට 9.2කින් සහ 0.2 කින් හැකිළුණු කර්මාන්ත සහ සේවා අංශය පසුගිය වසරේදී සියයට 11 කින් සහ 2.4 කින් වර්ධනයවීම ප්‍රධාන හේතුවක් වේ. කෙසේ නමුත් 2023 වසරේදී සියයට 2.6 කින් වර්ධනය වූ කෘෂි කර්මාන්ත අංශය පසුගිය වසරේදී වර්ධනය වී ඇත්තේ සියයට 1.2 කින් පමණි.

කෘෂි කර්මාන්තය, කර්මාන්ත සහ සේවා අංශය පිළිවෙළින් සියයට 8.3, 25.5 සහ 57.5 කින් වත්මන් මිල ගණන් යටතේ පසුගිය වසරේදී මෙරට දළ දේශීය නිෂ්පාදිතයට දායක වී ඇත.

ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත වාර්තාවලට අනුව පසුගිය වසරේ සිවු වැනි කාර්තුවේ මෙරට ආර්ථික වර්ධනය සියයට 5.4 ක් වේ. 2023 වසරේ සිවු වැනි කාර්තුවේ මෙරට ආර්ථික වර්ධන වේගය සියයට 4.3 ක් ලෙස සටහන්ව තිබිණ. සිවු වැනි කාර්තුවේදී කෘෂි කාර්මික ක්‍රියාකාරකම් සියයට 2.2 කින් පහළ ගොස් ඇති නමුත් කර්මාන්ත හා සේවා ක්‍රියාකාරකම් පිළිවෙළින් සියයට 13.1 කින් සහ 2.5 කින් වර්ධනය වී ඇත.
මෙරට ඉදිරි අනාගතය සුබවාදී වනු ඇතැයි අපේක්ෂා ඇති කරමින් 2022 සහ 2023 වසර සංකෝචනය වූ මෙරට ආර්ථිකය පසුගිය වසරේදී ධනාත්මකව වර්ධනය වී ඇතැයි සඳහන්ය. 2023 වසරේ තෙවැනි කාර්තුවේදී වර්ධනයවීමට පටන්ගත් මෙරට ආර්ථිකය කාර්තුමය වශයෙන් සය වැනි වරටත් පසුගිය වසරේ සිවු වැනි කාර්තුවේදී වර්ධනය වී ඇතැයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.

පසුගිය වසර පුරාවට අපනයන සහ ආනයන පරිමා දර්ශක දෙකම කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බවත් ශ්‍රී ලංකා වරායන්හි බහාලු‍ම් සහ භාණ්ඩ හැසිරවීම්ද ඉහළ ගොස් ඇති බවත් ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත වාර්තා පෙන්නුම කළේය. ශ්‍රී ලංකා රුපියලේ බාහිර අගය පසුගිය වසර අවසාන වනවිට තවදුරටත් ස්ථාවර වී ඇති බවද එම දත්ත වාර්තාවල දැක්වේ.

එසේම පසුගිය වසරේ සිවු වැනි කාර්තුවේදී වාහන, විශේෂයෙන් භාණ්ඩ ප්‍රවාහන, කෘෂි කාර්මික වාහන සහ යතුරුපැදිවල නව ලියාපදිංචි කිරීම්වල වැඩිවීමක්ද දක්නට ලැබුණු බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.

මෙරට කාර්මික ක්‍රියාකාරම් පසුගිය වසරේදී සියයට 11 ක වර්ධනයක් පෙන්නුම් කළ අතර එයට ඉදිකිරීම් සහ පතල් කැණීම් අංශ දෙකම කැපී පෙනෙන දායකත්වයක් ලබාදී ඇත. එම අංශ දෙකම 2024 වසරේදී සියයට 19.4 කින් වර්ධනය වී තිබිණ. එසේම සමස්ත නිෂ්පාදන කර්මාන්ත ක්‍රියාකාරකම් සියයට 7.6 කින් වර්ධනය වී ඇත.

එසේම එම අංශයට අදාළව එක උප ක්‍රියාකාරකම් අංශයක් ඇරෙන්නට අනෙකුත් සියලු‍ම උප ක්‍රියාකාරකම් අංශවල වර්ධනයක් පෙන්නුම් කළේය.

පසුගිය වසරේදී සමස්ත සේවා අංශය සියයට 2.4 කින් වර්ධනය වී ඇති අතර, එයට ‘නවාතැන්, ආහාර පාන සේවා කටයුතු’ සහ ‘තැපැල් සහ භාණ්ඩ බෙදාහැරීමේ සේවා කටයුතු’ ප්‍රධාන දායකත්වයක් ලබාදී තිබේ. ‘නවාතැන්, ආහාර පාන සේවා කටයුතු’ පසුගිය වසරේදී සියයට 31.4 කින් වර්ධනය වූ අතර ‘තැපැල් සහ භාණ්ඩ බෙදාහැරීමේ සේවා කටයුතු’ සියයට 6.3 කින් වර්ධනය වී තිබිණ.

තවද සමස්ත සේවා අංශයට අදාළව තොරතුරු තාක්ෂණ ක්‍රම ලේඛන උපදේශනය සහ ඒ ආශ්‍රිත ක්‍රියාකාරකම් සියයට 6 කින් වර්ධනය වී තිබූ අතර විදුලි සංදේශ කටයුතු සියයට 4.2කින් වර්ධනය වී ඇත.
පසුගිය වසරේදී මෙරට කෘෂි කාර්මික ක්‍රියාකාරකම්වල වර්ධනය සියයට 1.2 ක් ලෙස වාර්තා වූ අතර එයට පෙර වසරට සාපේක්ෂව වර්ධනයේ පහළ යෑමක් වීම විශේෂත්වයක් විය.



අදහස් (1)

2024 වසරේ සියයට 5 ක සමස්ත ආර්ථික වර්ධනයක්

ගුණරත්න Thursday, 20 March 2025 10:03 PM

ඇත්තටම කිව්වොත් පසුගිය වසරට සාපේක්ෂව සියයට 7.8 ක වර්ධනයක්, සුළුපටු ජයග්‍රහණයක් නොවෙයි එක. සීයා ඇත්තටම බොහොම දක්ෂ මනුස්සයෙක්, ඒත් අපේ කාලකන්නි මෝඩ මිනිස්සුන්ට ඒවා තේරෙන්නේ නැහැ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 703 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site