IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


2020 දී ඩොලර් බිලියන 25ක අපනයන ආදායම් ඉලක්කයක්

(හර්ෂණ තුෂාර සිල්වා)

වසර 2020 වනවිට අපනයන ආදායම එක්සත් ජනපද ඩොලර් බිලියන 25ක් දක්වා වැඩි කර ගැනීම අපනයන සංවර්ධන මණ්ඩලයේ ඉලක්කය යැයි එහි සභාපතිනි ඉන්දිරා මල්වත්ත මහත්මිය අද (7) ප්‍රකාශ කළාය. 

පසුගිය වසරේදී අපනයන ආදායම එක්සත් ජනපද ඩොලර් බිලියන 15.2ක් වූ බවත් මේ වසරේදී අපනයන ආදායම එක්සත් ජනපද ඩොලර් බිලියන 17.4ක් වනු ඇතැයි අපේක්ෂා කරන බවත් ඉන්දිරා මල්වත්ත මහත්මිය සඳහන් කළාය. 

කොළඹ සිනමන් ග්‍රෑන්ඞ් හෝටලයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මල්වත්ත එම කරුණු කීවාය.

මේ වසරේ පළමු අර්ධයේ අපනයන දත්ත වාර්තා සලකා බැලීමේදී මේ වසර සඳහා තබා තිබෙන ඉලක්කයෙන් සියයට 60ක් සපුරා ගැනීමට හැකියාව ලැබී ඇතැයි ද මල්වත්ත මහත්මිය මෙහිදි පැවැසුවාය.භාණ්ඩ හා සේවා අපනයන වර්ධනය කිරීමෙන් එක්සත් ජනපද ඩොලර් බිලියන 25 ඉලක්කය සපුරා ගත හැකි බව ද ඇය සඳහන් කළාය. 

තවදුරටත් අදහස් දැක්වූ ඉන්දිරි මල්වත්ත මහත්මිය මෙසේ ද කීවාය.

      “වසර 2020 වනවිට අපනයන ආදායම එක්සත් ජනපද ඩොලර් බිලියන 25ක් දක්වා වැඩි කිරීමේ ඉලක්කයක් අප සතුව තිබෙනවා. එය කරන්න පුළුවන්. පසුගිය වසරේ අපේ අපනයන ආදායම එක්සත් ජනපද ඩොලර් බිලියන 15.2ක් වුණා. මේ වසරේදී අපි එක්සත් ජනපද ඩොලර් බිලියන 17.4ක අපනයන ආදායමක් අපේක්ෂා කරනවා. පසුගිය වසරේදීත් මේ වසරේ පළමු අර්ධයේදීත් අපි හොඳ වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා. සාමාන්‍යයෙන් දෙවැනි අර්ධයේදී අපනයන ආදායම වර්ධනය වෙනවා. අර්බුද බාධක හමුවේ වුවද අපනයනකරුවන් ඉතා හොඳ කාර්යභාරයක් කර තිබෙනවා.

අපනයන සංවර්ධන මණ්ඩලය පමණක් නොව ආණ්ඩුවේ සියලු දෙනා අපනයන ක්ෂේත්‍රයට සම්බන්ධ විය යුතුයි.

අපනයන සංවර්ධනය වෙනුවෙන් කැප වී කටයුතු කළ යුතුයි. සෑම අමාත්‍යාංශයක්ම, සෑම අමාත්‍යවරයෙක්ම සෑම නිලධාරියෙක්ම අපනයන සංවර්ධනය වෙනුවෙන් කටයුතු කළ යුතුයි. අපනයන සංවර්ධනය එක් ආයතනයක, එක අමාත්‍යාංශයක හෝ එක් සංවිධානයක වගකීමක් හෝ කර්තව්‍යයක් නෙවෙයි.

අපනයන යනු අපේ රටේ ආර්ථික සංවර්ධනයේ එක් ප්‍රමුඛ අංගයක්.  අප සියලු දෙනාම ශ්‍රී ලංකාවේ අපනයන සංවර්ධනය වෙනුවෙන් කැප විය යුතුයි. අනෙක් දේ සෘජු විදෙස් ආයෝජනයි. අපනයන සහ සෘජු විදෙස් ආයෝජන අපේ රටේ ආර්ථික සංවර්ධනයේ ප්‍රමුඛතම අංගයි.

අපි ලබාගෙන තිබෙන ණය සම්බන්ධයෙන් නිතරම කතා කරනවා. ණය පියවන්න තිබෙන හොඳම ක්‍රමවේදයක් ලෙස අපනයන ආදායම පෙන්වා දෙන්න පුළුවන්. අපි හැමෝම එක්වෙලා තිස් වසරක යුද්ධයක් අවසන් කළා නම්, අපි හැමෝම එකතු වෙලා අපනයන සංවර්ධනය වෙනුවෙන් කටයුතු කළොත් අපිට ආර්ථික යුද්ධය ජයගන්න පුළුවන්” යැයි ද ඇය කීවාය. 

ශ්‍රී ලංකා මහ බැංකුව මැයි මාසයේ නිකුත් කළ විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වය අනුව මේ වසරේ ජනවාරි මස සිට මැයි මස දක්වා කාලයේදී අපනයන ආදායම එක්සත් ජනපද ඩොලර් බිලියන 4.7ක් වන අතර පසුගිය වසරේ එම කාලය හා සැසඳීමේදී එය සියයට 6.7ක වර්ධනයකි. 



අදහස් (5)

2020 දී ඩොලර් බිලියන 25ක අපනයන ආදායම් ඉලක්කයක්

Bamunuarachchi Tuesday, 07 August 2018 03:31 PM

හම්බවේවි බලාගෙන ඉන්න

:       426       409

Saman Wednesday, 08 August 2018 01:06 AM

ඔන්න ඔහොමයි වෙන්න ඕන. ණය ගෙවන්න තියෙන එකම ක්‍රමය අපනයනය වැඩි කිරීමයි. ඔහොම යං.. ඔහොම යං..

:       27       64

Senarath Wednesday, 08 August 2018 03:23 AM

ඔය කියන විදියට 2015 න් පස්සේ වැඩි උනා නම් මොනවටද ටැක්ස් ගහල බඩුමිල වැඩිකරලා ජනතාව මරාගෙන කන්න හදන්නේ. එතකොට කියන්නේ අයවැය පරතරය පියවගන්න කියලා. අපිටනම් එකම ක්ෂත්‍රයක් වත් දියුණු වීමක් පෙනෙන්න නැහැ , පසු බෑමක් මිසක. මොකද මේ ගැන මහා බැංකු වාර්තාවල නැත්තේ.

:       79       287

Sanath Kandy Wednesday, 08 August 2018 08:22 AM

නෝනලා මහත්වරු AC කාමරවල ඉඳන් සැලසුම් හැදුවට වැඩක් නෑ. ප්‍රායෝගික වැඩපිළිවෙලක් තමා අවශ්‍ය. අවුරුදු 70ක් තිස්සේ රට දුවන පීල්ල මාරු කරන්නේ නැතුව හදන සැලසුම් කවදාවත් ක්‍රියාත්මක වෙන්නේ නෑ.

:       1       29

desta Friday, 10 August 2018 08:09 AM

කුඩු විකුණලද? මත් පෙති විකුණලද?

:       0       1

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් සේවිකාවන්ට ගෞරවය පුදකරයි
2024 අප්‍රේල් මස 26 21 0

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්, 7 Starවෙළඳ නාමය යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ තිරිඟු‍ පිටි නිෂ්පාදන සහ බෙදාහැරීමේ සමාගමක් ලෙස කීර්තියක් දිනා ඇත. සෙරන්ඩිබ් සේවා බ


රත්නදීප විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 104 0

අයිටීසී රත්නදීප හෝටල් සහ සුපිරි නිවාස ව්‍යාපෘතිය (ITC Ratnadipa Colombo) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) විවෘත කරනු ලැබීය.


Westbury රෙසිඩන්සීස් විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 73 0

මෙරට ප්‍රමුඛ පෙළේ දේපොළ වෙළෙඳ සමාගමක් වන Westbury Suites සමාගම ඒකක 35කින් සමන්විත වන සිය නවතම මහල් නිවාස සංකීර්ණය වන Westbury Residencies - Colombo 10 පසුගියදා විවෘත කළේය.


‘වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව’ කොමර්ෂල්
2024 අප්‍රේල් මස 22 108 0

කොමර්ෂල් බැංකුව 2024 කැන්ටාර් ජනතා සම්මාන උළෙලේ දී අඛණ්ඩව දෙවැනි වසරටත් වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව ලෙස කිරුළු පැළඳ, ශ්‍රී ලාංකේය ජනතාවට සමීපතම බැංක


සෙලාන් බැංකුව වී මිලදීගැනීමේ ණය නිකුත් කිරීම අරඹයි
2024 අප්‍රේල් මස 21 71 0

සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී ඇති වී මිලදී ගැනීමේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාවට නංවන මූල්‍ය ආයතන අතරට සෙලාන් බැංකුව තෝරාගෙන තිබේ. මෙම පු


INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 53 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 326 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1552 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site