IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocycleසමාගමවිසින් 2024 මාර්තු 21 වැනි දින, සිය සාඩම්බර 21 වැනි සංවත්සරය සමරන ලදී. 

මෙම සුවිශේෂී සන්ධිස්ථානයසැමරීම වෙනුවෙන් INSEE Ecocycleකණ්ඩායමවිසින් අනුරාධපුර මහ නගර සභාව, පාසල් සිසුසිසුවියන්, රතු කුරුස සංවිධානය සහ තවත් රාජ්‍ය ආයතන රැසක් සමඟ එක්ව ඓතිහාසික අනුරාධපුර නගරය පිරිසුදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරිණි.

මෙම වැඩසටහනට සමගාමී ව අනුරාධපුර නගර සභාවහා එක් ව ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය එක්රැස් කිරීමේ වැඩසටහනක් සහ තිරසාර අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ පාසල් සිසුසිසුවියන් දැනුවත් කිරීමේ වැඩසටහන් කිහිපයක් ද ක්‍රියාත්මක කෙරිණි.INSEE Ecocycleසමාගමේ ආයතනික සමාජ සත්කාරක (CSR) වැඩසටහන් මාලාවේ කොටසක් වන අනුරාධපුර නගරය  පිරිසුදු කිරීමේවැඩසටහන අඛණ්ඩවක්‍රියාත්මක කෙරුණු තෙවන අවස්ථාව මෙය වීම ද විශේෂත්වයකි.

2003 වසරේ ආරම්භකෙරුණු  INSEE Ecocycleසමාගම අපද්‍රව්‍ය කළමනාකරණ ක්ෂේත්‍රය ආශ්‍රිතව නවෝත්පාදන හඳුන්වා දෙමින් විශිෂ්ටත්වයට පත් වී ඇති අතර, එම සමාගම මෙරට රාජ්‍ය හා පෞද්ගලික ආයතනික හවුල්කරුවන් මෙන් ම ප්‍රතිචක්‍රීකරණ හවුල්කරුවන් ඇතුළු පාරිභෝගිකයන් 1,500කට අධික සංඛ්‍යාවක් සමඟ අත් වැල් බැඳ ගනිමින් වර්තමානය වන විට අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් මිලියන 1කට අධික ප්‍රමාණයක් සාර්ථකලෙස කළමනාකරණය කර ඇත.

සමාගමේ ගමන් මඟ පිළිබඳ ව අදහස් දක්වමින්,INSEE Ecocycleහි සාමාන්‍යාධිකාරී සුජිත් ගුණවර්ධන මහතා , “INSEE Ecocycleකියන්නෙ පසුගිය වසර 21 තුළ අප හා බැඳුණු සියලු ම පාර්ශ්වයන්ගේකැප වීමේ ප්‍රතිඵලයක්.INSEE Ecocycleසමාගමේ 21වන සංවත්සරය අර්ථවත් ලෙස සැමරීම වෙනුවෙන් ඓතිහාසික අනුරාධපුර නගරය පිරිසිඳු කිරීමට කටයුතු කිරීම තුළින් පිරිසිදු හා හරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීම වෙනුවෙන් අපගේ කැපවීම පිළිබිඹුකරනවා." යනුවෙන් ප්‍රකාශ කළේය.

2011 වසරේ සිට, ප්‍රතිචක්‍රීකරණය කළ නොහැකි නාගරික ඝන අපද්‍රව්‍යසහ  දිරාපත් නොවන ප්ලාස්ටික් හා පොලිතින්වැනි අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 30,000කට වැඩි ප්‍රමාණයක් නිසි ලෙස බැහැර කරමින්, ශ්‍රී ලංකාවේ ජාතික ඝන අපද්‍රව්‍ය ආශ්‍රිත කළමනාකරණ ගැටලු විසඳීමවෙනුවෙන් INSEE Ecocycleසමාගම සුවිශේෂී කාර්යභාරයක් ඉටු කර ඇත. 

වර්තමානය වන විට INSEE Ecocycleසමාගම මෙරට පළාත් පාලන ආයතන 100කට අධික සංඛ්‍යාවක් සමඟ අත්වැල් බැඳ ගනිමින්,සිය සහ-සැකසුම්කසළ කළමනාකරණ සේවාව හරහා මාසිකව වර්ග කරන ලද නාගරික ඝනඅපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 1500කට අධික ප්‍රමාණයක් පරිසරයට හානියක් නොවන අයුරින් බැහැර කිරීමට සමත් වී ඇත.

-595

 



අදහස් (0)

INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 353 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2155 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1634 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site