IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


‘වසරේ බැංකු සේවා සැපයුම්කරු’ ලංකා බැංකුව

2021 SLIM - නීල්සන් ජනතා සම්මාන උළෙලේ දී ‘වසරේ බැංකු සේවා සැපයුම්කරු’ ලෙස සම්මාන දිනා ගැනීමට ලංකා බැංකුව (BOC) සමත් විය. මෙරට ප්‍රමුඛතම බැංකුව වන ‘ලංකා බැංකුව’ සන්නාමයක් ලෙස ජනතාව තුළ නිර්මාණය කර ඇති ශක්තිය හා හැඟීම මෙම සම්මානය මගින් පිළිබිඹු වන බව එම බැංකුව සඳහන් කරයි.

 ශ්‍රී ලංකා අළෙවිකරණ ආයතනය (SLIM) විසින් සංවිධානය කරන දෙ මෙම වැඩසටහන, ලොව සුප්‍රසිද්ධ ජාත්‍යන්තර සමීක්ෂණ සමාගමක් වන නීල්සන් සමාගම සමඟ ඒකාබද්ධව දිවයිනේ කීර්තිමත් සන්නාම සහ ආයතන ඇගයීමට ලක්කරන ප්‍රමුඛතම වැඩසටහනකි.  සියලු‍ම සම්මානලාභීන් තෝරාගනු ලබන්නේ නීල්සන් සමාගම විසින් දිවයින පුරා සිදු කරන ලද සමීක්ෂණයක් මගිනි.

‘BOCසන්නාමය මේ රටේ ජනතාවගේ සිත් සතන් තුළ සනිටුහන් කිරීමට අපි ගත් උපායමාර්ගික ක්‍රියාමාර්ග සහ ආයෝජනය ඉතාමත් සාර්ථක බව මෙම ජයග්‍රහණයෙන් සනාථ වෙනවා. ජනතාවගේ විශ්වාසය දිනාගනිමින් BOC සන්නාමය ජනප්‍රිය සහ ශක්තිමත් සන්නාමයක් බවට පත්කිරීමට දැරූ වෙහෙස හා කැපවීම පිළිබඳව අපගේ කාර්ය මණ්ඩලයට ස්තුතිය පුද කිරීමට මම මෙය අවස්ථාවක් කරගන්නවා. විශිෂ්ටත්වය කරා යන ගමනට සහයෝගය දක්වමින් අප හා අත්වැල් බැඳගැනීම පිළිබඳව අපගේ වටිනා ගනුදෙනුකරුවන් ඇතුළු සියලු‍ම ශ්‍රී ලංකිකයන්ට මම ස්තුතිවන්ත වෙනවා.”‍ යනුවෙන් ලංකා බැංකුවේ මහා කළමනාකරු ඩී.පී.කේ. ගුණසේකර මහතා පැවසීය.

ලංකා බැංකුව දශක 8කට වැඩි කාලයක් පුරා මෙරට ගනුදෙනුකරුවන්ගේ විශ්වාසනීය මූල්‍ය හවුල්කරුවා ලෙස කටයුතු කරන අතර මෙරට තනි ආයතනයක් සතු ඉහළම වත්කම් පදනම වන රුපියල් ට්‍රිලියන 2.8 කට හිමිකම් කියයි. එහි ණය සහ අත්තිකාරම් කළඹ රුපියල් ට්‍රිලියන 1.9 ඉක්මවන අතර, තැන්පතු රු. ට්‍රිලියන 2.3 ඉක්මවයි.



අදහස් (0)

‘වසරේ බැංකු සේවා සැපයුම්කරු’ ලංකා බැංකුව

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 30 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site