IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ෆෙයාෆස්ට් ඉන්ෂුවරන්ස් නව ප්‍රධාන විධායක නිලධාරී සන්දීප් ගෝපාල්

සන්දීප් ගෝපාල් මහතා 2021 මැයි 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි ෆෙයාෆස්ට් ඉන්ෂුවරන්ස් සමාගමේ නව ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස වැඩ භාරගත්තේය.

ෆෙයාෆස්ට් යනු ජාත්‍යන්තර තලයේ සේවාවක් සිය ගනුදෙනුකරුවන් වෙත ලබාදෙන ප්‍රමුඛ පෙළේ රක්ෂණ සමාගමකි. මීට ඉහත එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස කටයුතු කළ ආචාර්ය සංජීව් ජා මහතා ෆෙයාෆැක්ස් සමූහයේ උපදේශකවරයෙකු ලෙස ජාත්‍යන්තර තනතුරකට පත්කර තිබේ.

මීට වසරකට පෙර ප්‍රධාන ක්‍රමෝපාය නිලධාරී ලෙස ෆෙයාෆස්ට් සමාගම හා එක්වූ සන්දීප් ගෝපාල් මහතා එතැන් පටන් සමාගමේ දීර්ඝකාලීන ක්‍රමෝපාය සකස් කිරීම සඳහා විශාල කාර්යභාරයක් ඉටුකර තිබේ. විශේෂයෙන් නව සේවා හඳුන්වා දීම, පාරිභෝගික සේවා සහ සේවක දායකත්වය යනාදී අංශ සම්බන්ධයෙන් ඒ මහතාගේ දායකත්වය හිමි විය. මීට පෙර එක්සත් රාජධානිය, හොංකොං සහ සිංගප්පූරුව වැනි රටවල රටවල Barclays, RSA, Allied World සහ Swiss Re වැනි ජාත්‍යන්තර සමාගම් වල සේවය කිරීමෙන් ලද අත්දැකීම් සම්භාරයක් ගෝපාල් මහතා සතුය. එමෙන්ම ක්‍රමෝපාය, පොදු කළමනාකරණය, පාරිභෝගික සම්බන්ධතා කළමනාකරණය, අවදානම් කළමනාකරණය සහ තාක්ෂණය යනාදී අංශ සම්බන්ධයෙන් තමන් සතු අත්දැකීම් සමගින් ලොව සමාගම් කිහිපයක ආයතනික පරිවර්තන සඳහා නායකත්වය දීමටද ඒ මහතාට හැකියාව ලැබී තිබේ.

නව තනතුර සම්බන්ධයෙන් අදහස් දක්වමින් සන්දීප් ගෝපාල් මහතා මෙසේ පැවසීය. ”‍ෆෙයාෆස්ට් සමාගම සතු මේ විශිෂ්ට කණ්ඩායමට නායකත්වය දීමට හැකිවීම මට මහත් සතුටක්. ශ්‍රී ලංකාව තුළ අපගේ ව්‍යාපාර කටයුතු තවදුරටත් වර්ධනය කරගැනීම සඳහා විශාල ඉඩකඩක් පවතිනවා. පුද්ගලයන්ට සහ ව්‍යාපාර වලට රැකවරණය ලබාදීම සම්බන්ධයෙන් පුරෝගාමී භූමිකාවක් ඉටුකිරීමේ හැකියාව ෆෙයාෆස්ට් සමාගම සතු බව මගේ විශ්වාසයයි.

ඡායාරූපය: ෆෙයාෆස්ට් ඉන්ෂුවරන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සන්දීප් ගෝපාල් මහතා

 



අදහස් (0)

ෆෙයාෆස්ට් ඉන්ෂුවරන්ස් නව ප්‍රධාන විධායක නිලධාරී සන්දීප් ගෝපාල්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 138 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site