IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


හිම ක්‍රීඩා ආදර්ශ නිපදවීමට SkiPod සහ BOI ඩොලර් මිලියන 3ක ආයෝජන එකඟතාවක්

ශ්‍රී ලංකාව තුළ පළමුවරට හිම ක්‍රීඩා සඳහා යොදා ගන්නා සැබෑ ප්‍රමාණයේ ආදර්ශ නිපදවීම වෙනුවෙන් SkiPod Manufacture (පෞද්) සමාගම එක්සත් ජනපද ඩොලර් මිලියන 3ක ආයෝජනයක් කරන බව පවසයි. ඊට අදාළව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයත් (BOI) සමගින් වන එකඟතාවට අත්සන් තැබීම පසුගියදා සිදුව තිබේ.
SkiPod යන ජනප්‍රිය නාමයෙන් ඉදිරිපත් වන එම නිෂ්පාදන ලොව පළමු ගෘහස්ත හිම සහ ස්නෝබෝර්ඩින්ග් ක්‍රීඩාව සඳහා යොදා ගන්නා සැබෑ ප්‍රමාණයේ ආදර්ශ ලෙස සැලකෙයි. එම සමාගමේ ප්‍රමුඛතම වෙළෙඳපොළ ලෙස උතුරු ඇමෙරිකාව, යුරෝපය සහ එක්සත් අරාබි එමීරය හඳුනාගෙන තිබේ. ඇමෙරිකාව පදනම් කරගත් ආයෝජනයක් ලෙස මෙම ආයෝජනය මෙරට වෙත හිමිවන බව සඳහන් වෙයි. ඒ අනුව නිව්යෝර්ක් නුවර සහ කොළඹ ක්‍රියාත්මක Continam Group නම් සමාගමක් මෙම ආයෝජනය වෙත පහසුකම් සපයයි.
මෙම අවස්ථාව සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති අර්ජුන හේරත් මහතා, “මෙලෙස නවීනතම තාක්ෂණය සහ ක්‍රීඩා අංශයේ ආයෝජන මෙරට වෙත හිමිවීමත් සමගින්ම ශ්‍රී ලංකාව විවිධ ආකාරයේ අංශ වෙත දක්වන සේවාව සම්බන්ධයෙන් ලෝකයට යම් පණිවුඩයක් සපයනවා. විශේෂයෙන්ම මෙම නිෂ්පාදන තාක්ෂණය හරහා ලැබෙන දෘඩාංග සහ මෘදුකාංග හැසිරවීමත් සමගින්ම මෙරට තරුණයන්ටත් ඒ පිළිබඳව උගෙනීමටත් වැඩි අවස්ථාවක් හිමි වෙනවා.“ යනුවෙන් පවසයි.

 



අදහස් (0)

හිම ක්‍රීඩා ආදර්ශ නිපදවීමට SkiPod සහ BOI ඩොලර් මිලියන 3ක ආයෝජන එකඟතාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 120 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 361 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 375 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site