IMG-LOGO

2024 ජුලි මස 14 වන ඉරිදා


හම්බන්තොට වරායේ ව්‍යාපාර පර්යේෂණ වාර්තාව CIPM අවදානයට

වරලත් පිරිස් කළමනාකරණ ආයතනයේ පස්වැනි ජාත්‍යන්තර පර්යේෂණ සම්මන්ත්‍රණයේ ව්‍යාපාර පර්යේෂණ වාර්තාවක් වශයෙන් සිය විශිෂ්ට කළමණාකරන භාවිතයන් ඉදිරිපත් කිරීමට තෝරාගත් සමාගම් හතෙන් එකක් ලෙස හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය (HIPG) තේරී පත් විය.

ඔවුන්ට මෙම අවස්ථාව හිමි වූයේ ඔවුන් විසින් අනුගමනය කරන ලද නිවැරදි සෞඛ්‍ය හා ආරක්‍ෂක නීති රෙගුලාසි හේතුවෙනි.

HIPG මානව සම්පත් කළමනාකරණ කණ්ඩායම නියෝජනය කරන HIPG  හි, ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරී, මානව සම්පත් සහ පරිපාලන -  ජීවන් එම්. ප්‍රේමසර, ජ්‍යෙෂ්ඨ කළමනාකාර මානව සම්පත් හා ප්‍රාදේශීය කටයුතු - බුද්ධික සඳරුවන්, මානව සම්පත් සහ පරිපාලන කළමනාකරු -  හසිත ලක්මාල් යන මහත්වරුන් විසින් “හම්බන්තොට වරාය සමූහයට සම්බන්ධව පශ්චාත් කොවිඩ්-19 වසංගතය තුළ මානව සම්පත් කළමනාකරණ වෘත්තිකයන්ගේ අභියෝග හා කාර්ය භාරය” යන මැයෙන් සම්පාදිත ව්‍යාපාර පර්යේෂණ වාර්තාවක් ඉදිරිපත් කරනු ලැබීය.

මෙවර සම්මන්ත්‍රණයේ තේමාව ‘‘ගෝලීය අර්බුද සහ අනාගතයේ කාර්යයන් සිදු කිරීම” වූ අතර දේශීය හා ජාත්‍යන්තර මට්ටමේ, පෞද්ගලික, රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධානවල කාර්ය සාධනය තුළ මානව සම්පත් කළමනාකරණ භාවිතයන්හි සඵලතාව කෙරෙහි සම්මන්ත්‍රණයේදී අවධානයට යොමු විය.

වසංගතය අතරතුර වරාය සිය එදිනෙදා මෙහෙයුම් කටයුතු කිසිවක් නතර නොකර තම කාර්යය මණ්ඩලය සාර්ථකව හසුරුවා ගත් ආකාරය මෙම ව්‍යාපාර පර්යේෂණ වාර්තාව මගින් ඉදිරිපත් කර තිබුණි.



අදහස් (0)

හම්බන්තොට වරායේ ව්‍යාපාර පර්යේෂණ වාර්තාව CIPM අවදානයට

ඔබේ අදහස් එවන්න

දියත

පැමිණිල්ල විභාග නොකළ සැරයන්ගේ වැඩ තහනම්
2024 ජුලි මස 14 133 0

කාන්තාවකට අතවර කළ බවට 119 මධ්‍යස්ථානයෙන් කුලියාපිටිය පොලිසියට ලබාදුන් පැමිණිල්ලක් විමර්ශන නොකළ බව කියන ජංගම සංචාරක රාජකාරියේ යෙදීසිටි සැරයන්වරයකුගේ


මුදල් වංචාවකට මාණ්ඩලික සැරයන්වරයෙක් අත්අඩංගුවට
2024 ජුලි මස 14 355 0

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ වැටුප් ලේඛන අංශයේ සිදුවී ඇතැයි කියන රුපියල් ලක්ෂ 180 ක මුදල් වංචාවක් සම්බන්ධයෙන් මාණ්ඩලික සැරයන්වරයෙකු අත්අඩංගුවට ගත් බව අපර


ට්‍රම්ප්ට තැබූ වෙඩිල්ලට ජනපති කම්පා වෙයි
2024 ජුලි මස 14 495 0

ඇමරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතන තැත සම්බන්ධයෙන් කම්පනයට පත් වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසය


වෙඩික්කරු 20 හැවිරිදි තරුණයෙක්
2024 ජුලි මස 14 1799 0

හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි තැබුවේ තෝමස් මැතිව් කෲක්ස් නමැති 20 හැවිරිදි තරුණයා බව නිව්යෝක් පෝස්ට් පුවත් සේවය පවසයි.


බස් නැවතුමේ ගැටුණු සුපවේදීයා මරුට
2024 ජුලි මස 14 1025 0

මොරන්තුඩුව බණ්ඩාරගම මාර්ගයේ දැල්කඩ හන්දියේ දි ස්කූටර් වර්ගයේ යතුරුපැදියකින් යමින් සිටි 19 හැවිරිදි තරුණයකු අද (14) බස් නැවතුමක ගැටීමෙන් මියගොස් ඇතැයි


බසයේ යමින් සිටි තරුණියගේ කොණ්ඩය කපලා
2024 ජුලි මස 14 1560 0

බස් රථයක ගමන් කරමින් සිටි 27 හැවිරිදි තරුණියකගේ කෙස් කළඹ අඩියක පමණ ප්‍රමාණයක් කතුරකින් කපා ඉවත් කළ බව කියන මුරුතලාව ප්‍රදේශයේ පල්ලියක මවුලවිවරයෙකු බව


මේවාටත් කැමතිවනු ඇති

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 10 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 912 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1789 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

Our Group Site