IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


හම්බන්තොට වරාය නෞකා ඉන්ධන තොග වශයෙන් සැපයීම අරඹයි

හම්බන්තොට ජාත්‍යන්තර වරාය තම සේවාවල සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්,  ලොව ප්‍රමුඛ පෙළේ ගෝලිය ක්‍රියාකරුවෙකු වන සයිනොපෙක් ඔයිල් සමාගමේ මෙරට නියෝජිත සමාගම වන  සයිනොපෙක් ලංකා සමාගම (SFOL) සමඟ හවුල් වී වරාය සතු එම්.වී කුමන  ඉන්ධන යාත්‍රාව හරහා ඉන්ධන තොග වශයෙන්  සැපයීම පසුගියදා ආරම්භ කළේය.

IMO 2020 හෙවත් අවම සල්ෆර් සංයුතියකින් යුත් ඛනිජ තෙල් (VISFO), මිළඳි ගත් ප්‍රථම ගැනුම්කරු බවට පත් වෙමින්  වෙළෙඳ නෞකා සඳහා ඉන්ධන සැපයීමේ වෙළෙඳපොල ප්‍රමුඛ‍යා වන ලංකා මැරීන් සර්විසස් සමාගම (LMS), හම්බන්තොට වරායේද සහය ඇතිව, තම සේවාදායකයා වූ, ඉන්දියාවේ චෙන්නායි සිට සූවස් දක්වා යාත්‍රා කරමින් තිබූ එම්.වී සූවස් හාන්ස් නැමැති ඉන්ධන ප්‍රවාහන නෞකාව වෙත ඉන්ධන සපයනු ලැබීය. 

මෙහෙයුම පිළිබඳ අදහස් දක්වමින්, හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ ප්‍රධාන මෙහෙයුම්  නිලධාරි, තිස්ස වික්‍රමසිංහ  මහතා මෙසේ පැවසීය. මෙය ශ්‍රී ලංකාවේ වරායවලට සහ කාර්යබහුල නැගෙනහිර-බටහිර නැව් මාර්ගයේ ගමන් කරන යාත්‍රා සඳහා ඉන්ධන සපයන මෙරට සියලු‍ම බලපත්‍රලාභී ඉන්ධන සැපයුම්කරුවන්ට අගනා අවස්ථාවක්. එක්සත් අරාබි එමිර් රාජ්‍යය, සිංගප්පූරුව සහ ඩුබායි වැනි රටවලින් නාවික ඉන්ධන  තෙල් ආනයනය කිරීම හා වරායෙන් පිටත වරාය වෙත සැපයීම සඳහා පමණක් සීමා කොට තිබූ  නැව් වලට ඉන්ධන සැපයීමේ කර්මාන්තය, මෙම මෙහෙයුම් හරහා  ප්‍රථම වතාවට සයිනෝපෙක් ඔයිල්  සමාගමට IMO 2020 හෙවත් අවම සල්ෆර් සංයුතියකින් යුත් ඛනිජ තෙල් අපනයනය කිරීමට අවස්ථාව උදා වූවා.

නැව්වලට ඉන්ධන සැපයීමේ කර්මාන්තය වෙත නව මානයන් ගෙන එමින්,කලාපීය වෙළෙදපොළ තුල ශ්‍රී ලංකාවේ ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම මෙහි අරමුණයි.

ලොව විශාලතම ඉන්ධන සැපයුම් සේවා සපයන්නකු සමඟ හම්බන්තොට ජාත්‍යන්තර වරාය ඇති කරගත් හවුල්කාරිත්වයෙන් වරාය තම ගනුදෙනුකරුවන්ට සාධාරණ පිරිවැයකට, උසස් තත්ත්වයේ නිෂ්පාදන සහ ආරක්ෂිත සේවා සපයනවා පමණක් නොව, දකුණු ආසියාවේ ඉන්ධන සැපයුම් මධ්‍යස්ථානයක් ලෙස හම්බන්තොට වරාය ස්ථාපිත කිරීමේ ඉලක්කය කරාද ගෙන යනු ඇති.

 



අදහස් (2)

හම්බන්තොට වරාය නෞකා ඉන්ධන තොග වශයෙන් සැපයීම අරඹයි

sunil gikiyanage Saturday, 20 March 2021 01:46 AM

හම්බන්තොට වරායට නැව් දාහක් ආවත් අපිට වැඩක් තියෙනවායැ.. චිනෙට හොඳයි.

:       3       18

Thiw Sunday, 21 March 2021 08:45 AM

වරාය දෙන්න සැලසුම් කරපු අයගේ සහ ස්ටේජ් උඩ කට උල් කරගෙන අනුමත කරපු.දේශපාලකයන්ගේ කුහකකම් පිරිමහගන්න යාමෙන් රටට නැති වුනා මහා සම්පතක්...

:       5       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 690 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 449 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site