IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


සූර්යා සුවඳ මාතලේ අලූ විහාරයට

සූර්යා සුවඳකූරු ලංකාදීප ඔන්ලයින් සමග එක්ව කරනු ලබන සිය සදහම් සැරිසර  බක් පුන් පොහෝ දා වැඩසටහන ඓතිහාසික මාතලේ අලුවිහාරයේ දී පොහොය දින, වැඩසටහන් ගණනාවකින් යුතුව සංවිධානය කර තිබුණි.

සූර්යා සුවඳ කූරු ‘‘සදහම් සැරිසර’’ සෑම පොහෝ   දිනකම දිවයිනේ විවිධ ප‍්‍රදේශවල බෞද්ධ සිද්ධස්ථාන මූලික කරගෙන ක‍්‍රියාත්මක  කරයි.

පසුගිය මැදින් පොහොය දින මෙන්ම, මෙවර බක් පොහෝ දින ද ‘‘සූර්යා සුගන්ධ ධූප පූජා’’ සුව`ද දුම් පෙරහැර ද ක‍්‍රියාත්මක කෙරිනි. විහාරස්ථානය අවට ප‍්‍රදේශවාසීන්, උපාසක උපාසිකාවන් සහ සූර්යා කාර්ය මණ්ඩලයේ ද සහභාගිත්වයෙන් මෙම විශේෂ සුවඳ දුම් පූජාව සිදුකෙරිනි.

ශක්තිමත් හා විශ්වාසනීය සන්නාමයක් ලෙස සූර්යා දශක හතරකට ආසන්න කාලයක් මෙරට ජනතාවගේ ආදරය විශ්වාසය දිනා ගත් සන්නාමයකි. දේශීය වෙළඳ පොල තුළ සිය විශ්වාසය පරිපූර්ණ කළ සූර්යා ගමයි, පන්සලයි වැවයි දාගැබයි යන ලාංකේය සංස්කෘතික උරුමයේ වටිනා දායදමය බැඳීමට උර දෙමින් සදහම් සැරිසර දියත් කරයි. හෙට දිනයට ගුණධර්ම වලින් හෙබි පරපුරක් බිහි කළ යුතු බවත් ආදරණීය බැඳීම් වලින් හුදු සමාජය ආකල්පමය වශයෙන් ද වෙනස් කළ යුතු බවත් සන්මැච් ආයතනයේ අධ්‍යක්ෂිකා සහ ප‍්‍රධාන වෙළඳ නිලධාරිනි ගෞරි රාජන් මෙනවිය පවසයි.

එහිදී ව්‍යාපාර වලට එහා ගොස් සමාජය වෙනුවෙන් කළ යුතු වගකීම් සමුදායක් ජනාදරය දිනා ගත් ආයතනයක් ලෙස සූර්යා පවුලට ඇති බව පැවසීය.

දශක හතරකට ආසන්න කාලයක් ජනතා විශ්වාසය දිනූ සූර්යා ගිනිපෙට්ටි නිෂ්පාදන ආයතනය වන සන්මැච් පෞද්ගලික සමාගමේ සාඩම්බර නිෂ්පාදකයක්වන සූර්යා සුව`ද කූරු එකිනෙකට වෙනස් සුවඳ වර්ග 14කින් වෙළෙඳපොළට හදුන්වා දී ඇත.

කෙටි කාලයක් තුල ජනතා ආකර්ෂණය දිනා ගත් සූර්යා සුවඳ කූරු, සූර්යා ගිනි පෙට්ටි සේම ජනතාවගේ හදවතේ මේ වන විට ලැඟුම් ගෙන අවසන්ය. සූර්යා සුවඳ කූරු ගැන අදහස් දක්වමින් බොහෝ දෙනෙක් අප සමඟ පැවසුවේ එහි ඇති සුවඳ, ආරක්ෂිත බව, සාධාරන මිල වැනි බොහෝ සාධක හමුවේ සූර්යා සුවඳ කූරු ඔවුන්ට සමීප වී ඇති බවයි. ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධානම ගිනි පෙට්ටි නිෂ්පාදකයා ‘‘සූර්යා’’ සන්නාම තානාපතිනිය ලෙස ප‍්‍රවීණ සහ සම්මානලාභී රංගන ශිල්පිනී යශෝධා විමලධර්ම මෙනවිය පසුගිය දා ගිවිසුම්ගත වූවාය.

ලී නිමැයුමෙන් පැවැති ගිනිකූරු ඉටි ආලේපිත ආරක්‍ෂිත ගිනිකූරක් බවට පත්කරමින් ශ‍්‍රී ලාංකිකයන්ට වැඩි ආරක්ෂාවක් සැපයූ ‘සූර්යා ගිනිපෙට්ටි මේ වන විට සමස්ථ ශ‍්‍රී ලාංකිකයන්ට නැතුවම බැරි නිෂ්පාදනයක් බවට පත්ව ඇති අතර සූර්යා මේ වන විට ශරීරයට හිතකර සුවඳ වර්ග 14 කින් යුත් සුවඳ කුරූ හා විවිධ ප‍්‍රමාණයේ නොවැගිරෙන ඉටි පන්දම් නිෂ්පාදනය කර ජනතා ආකාර්ශනය දිනාගෙන තිබේ.

එමෙන්ම ඉදිරියේදී සුවඳ කුරූවලට සමගාමී නිෂ්පාදන කීපයක් ද වෙළෙඳපොලට ඉදිරිපත් කිරීමට සැළසුම් කර තිබේ.

සූර්යා සදහම් සැරිසර වැඩසටහනේ ගුවන් විදුලි මාධ්‍ය දායකත්වය සිටි එෆ් එම් ගුවන් විදුලි නාලිකාව දරන අතර මුද්‍රිත, වෙබ් සහ සමාජ මාධ්‍ය දායකත්වය ලංකාදීප පුවත්පත, ලංකාදීප ධබකසබැ විසින් සිදු කරයි.

 

 



අදහස් (0)

සූර්යා සුවඳ මාතලේ අලූ විහාරයට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31332 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13540 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11003 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 119 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 942 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 281 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site