
ලෝක වෙළෙඳපොළේ පවතින ඉන්ධන මිල ගණන් සමගින් දැනට සිදු කර ඇති ඇස්තමේන්තුව අනුව මේ වසරේ ඉන්ධන ආනයනය සඳහා වන වියදම එක්සත් ජනපද ඩොලර් බිලියන 5ක් - 6ක් දක්වා ඉහළ යනු ඇති බවත්, සුනිත්‍ය බලශක්තිය සහ විදුලි වාහන සඳහා යොමුවීම හරහා මෙම මුදල රට තුළ ඉතිරි කරගත හැකි වනු ඇති බවත් හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ හසිත් ප්‍රේමතිලක මහතා සඳහන් කරයි.
හේලීස් සමූහයේ අලුත්ම සාමාජිකයා වන හේලීස් මොබිලිටි මගින් මෙරටට හඳුන්වාදුන් නවතම හයිබ්‍රිඩ් මෝටර් රථය එළිදැක්වීමේ අවස්ථාවේදී ඒ මහතා මෙම අදහස් පළ කළේය. හේලීස් ෆෙන්ටන්ස් හි මොබිටිලි අංශය ලෙස හේලීස් මොබිලිටි ස්ථාපිත කර තිබේ.
“ඉන්ධන ආනයනයට යන ඩොලර් බිලියන 4ක විදේශ විනිමය මේ වසරේදී තවත් සියයට 25 කින් සියයට 50 කින් වැඞ්වේවි කියලා ගණන් බලා තිබෙනවා. දැනට ඇස්තමේන්තු කරලා තියෙනවා ඩොලර් බිලියන 5ක් - 6ක් අපිට ඉන්ධනවලට වැය කරන්න වේවි කියලා. මෙච්චර ඉර එළිය තියෙන, සුළං බලය තියෙන රටට පුළුවන් මේ සුනිත්‍ය බලශක්තිය අරගෙන විදුලියෙන් ක්‍රියාත්මක වාහන දුවන්න, ලංකාවෙන් එළියට යන මේ ඩොලර් ටික ඉතුරු කරගන්න පුළුවන්.“
විශේෂයෙන්ම හේලීස් ෆෙන්ටන්ස් හරහා මේ වනවිට මෙගාවොට් 500 ක ධාරිතාවකින් යුත් වහළ මත සවි කළ සූර්ය පැනල පද්ධති, මෙගාවොට් 300 ක ධාරිතාවකින් යුත් පොළොව මත සවි කළ සූර්ය පැනල පද්ධති සහ මන්නාරම සහ කල්පිටියේ මෙගාවොට් 50ක් බැගින් වූ සුළං විදුලි බලාගාර පද්ධති ක්‍රියාත්මක වන බවත් ඒ මහතා මෙහිදී සඳහන් කළේය.
“හේලීස් මොබිටිලි හරහා ඉදිරියේදී අපි ප්‍රයිම්මුවර්, බස්, වාණිජ වාහන, මගී ප්‍රවාහන වාහනවල සිට යතුරු පැදි දක්වා අපි හඳුන්වා දෙන්න උත්සාහ කරනවා. ඒ අතරේ විදුලි සහ හයිබ්‍රිඩ් මාදිලියෙන් ක්‍රියාත්මක වන වාහන සඳහා ප්‍රමුඛතාව දෙනවා.“
මෙම පියවරත් සමගින් වසර 2030-35 වන විට ලංකාවේ වාහනවලින් සියයට 50ක් පමණ විදුලියෙන් ක්‍රියාත්මක වාහන බවට පත් කිරීමට හැකියාව ලැබෙනු ඇති බවත් ඒ මහතා පවසා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd