IMG-LOGO

2025 ජුලි මස 08 වන අඟහරුවාදා


සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට ඩයලොග් ව්‍යාපාරික පැකේජ

ව්‍යාපාර හිමියන්ගේ විශේෂ සන්නිවේදන අවශ්‍යතා මැනවින් හඳුනාගනිමින් සිය ව්‍යාපාරික පරිභෝගිකයන් වෙනුවෙන් වාසිදායක ඇමතුම් සහ ඬේටා පහසුකම්වලින් යුත් සුවිශේෂී පසුගෙවුම් පැකේජ රැසක් හඳුන්වාදීමට ඩයලොග් ආසිආටා පීඑල්සී කටයුතු කර ඇත. හඳුන්වාදෙන ඩයලොග් ව්‍යාපාරික පැකේජ මගින් පාරිභෝගිකයන්ට එකම ගාස්තුවක් යටතේ ඇමතුම් සහ ඩේටා සේවා ලබාගත හැකි අතර, ව්‍යාපාරික සම්බන්ධතා අතර අසීමිත ඇමතුම් සමඟ අමතරD2D/D2ND මිනිත්තු හිමිවේ. මේ තුළින් ව්‍යාපාරවලට සන්නිවේදන පහසුකම් වෙනුවෙන් දැරීමට සිදුවන පිරිවැය කැපී පෙනෙන අයුරින් අවම කරන බව එම සමාගම සඳහන් කරයි.

රු. 277 සිට ආරම්භ වන ඩයලොග් ව්‍යාපාරික පැකේජයෙන් සමාගමක සම්බන්ධතා අතර අසීමිත ඇමතුම් D2D මිනිත්තු 1000 ක්, D2D SMS 1000 ක් සහAnytime data GB 1.5 ක් හිමිවන අතර, රු. 1777 ක පැකේජයෙන් අසීමිතD2D ඇමතුම් සමග D2ND මිනිත්තු 500 ක්, D2D SMS 1000 ක් සහ Anytime data GB 20 ක්සමඟ සමාගමේ සම්බන්ධතා අතර අසීමිත ඇමතුම් ලබාගැනීමේ හැකියාව ඇත. මෙම විශේෂ ව්යාපාරික පැකේජයත් සමඟ අමතරව රු.100ක ගාස්තුවටකට තවත් පෞද්ගලික ඩයලොග් අංක 2 ක් අතර අසීමිත කතා කාලයක් ලබාගැනීමට හැකිවීම තවත් විශේෂ වාසියක් වේ. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හිමියන් ඇතුළුව ඕනෑම ව්‍යාපාරික හිමිකරුවකුට මෙම සුවිශේෂී ප්‍රතිලාභය ලබාගැනීමේ හැකියාව ඇත.

මොබයිල් ව්‍යාපාරික පැකේජ හඳුන්වාදීමට අමතරව ව්‍යාපාරික අවශ්‍යතාවලට ගැළපෙන විශේෂ ස්ථාවර දුරකතන පහසුකම් සහ ඩිජිටල් රූපවාහිනී පහසුකම් සපයනු ලබයි. මේ වන විට ඩයලොග් සමාගමට අයත් ආයතනික ගනුදෙනුකාර භවතුන් BixCare වෙබ්අඩවිය තුළින් බලගැන්වීමට පියවර ගෙන තිබෙන අතර, මේ හරහා ඔවුන්ට සිය සන්නිවේදන කටයුතුවලට අදාළ කාර්යයන් ඕනෑම තැනක, ඕනෑම වේලාවක පහසුවෙන් කරගැනීමට හැකියාව සලසයි

 



අදහස් (0)

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට ඩයලොග් ව්‍යාපාරික පැකේජ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 126 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 580 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1012 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site