වෙළඳපොලේ සහල් මිල ඉහළ යාම පාලනය කිරිම සඳහා සහල් මෙට්‍රික් ටොන් 10,000 ක් ආනයනය කිරිමට ගොවි කටයුතු හා පර්යේෂණ ආයතනය පවසයි.
තායිලන්තයෙන් හෝ ඉන්දියාවෙන් සහල් තොගය ඉදිරි සතියේ ආනයනය කිරිමට සැලසුම් කර ඇත.
මේ වන විට වෙළඳපොලේ නාඩු සහල් කිලෝ ග්‍රෑමයක් 85 -90 ත් අතර මිලකට සහ සම්බා කිලෝ ග්‍රෑමයක් 95 -100ත් අතර මිලකට අලවි වෙයි.
COMMENTS
මට මතකයි ටික කාලෙකට කලින් කෘෂිකර්ම ඇමතිතුමා කයිවාරු ගැහුවා සහලින් ස්වයංපෝෂිතයි කියලා. ගොවි මහත්වරුන්ට වී ගොවිතැනින් අයින් වෙන්න කියලත් කිව්වා නේද. (නි)
ශ්‍රී ලංකාවේ සහල් අතිරික්තයක් තියෙනවා කියලා සමහරු පාරම්බානවා. අනිත් පැත්තෙන්, සහල් මෙට්‍රික් ටොන් 10,000 ක් ආනයනය කිරිමට තව අය කැසකවනවා. මේකට යන වියදම කීයද? ශ්‍රී ලක්වැසි ජනතාව බත්කන මී හරක් කියලද හිතන්නේ? (නි)
කෘෂිකර්ම අමාත්‍යන්ශේ ගොඩනැගිල්ල මිලදී ගැනීම නිලියෙකුගේ ලිංගික අල්ලසක්. (බ)
මෙවැනි විලිලැජ්ජාවක් නැති පාලකයෝ සිටින රටක් ලෝකයේ නොමැත. සිංහල ගොවි රජුන්ට ගොවි ආම්පන්න දීලා වතුර ටික දීලා, නිෂ්පාදන වියහියදමට සරිලන මිලක් කලින්ම නියම කරලා වී ගබඩා ස්ථාපිත කරලා, රජය මැදිහත් වී දිරිගැන්වුවොත් විශ්මිත ප්‍රතිපල පෙන්වයි. අපේ ලේ නරක් කරගෙන වැඩක් නැහැ. අපිට සැබෑ රජෙක් ඕනෑ (නි)
මහජන මුදල් කෝටි 30-40 වියදම් කරලා ,තවත් මුදල් විනාශ කරලා කුලී පදනම මත ගත්තු කෘෂිකර්ම මධ්‍යස්ථාන කොළඹ පිහිටි ගොඩනැගිල්ල දැක්කම අපි හිතුවේ ලෝකෙටම සහල් ලංකාවෙන් දෙන්න පුළුවන් කියලනේ.රටේ පාලකයෝ ලජ්ජා වෙන්න ඕනේ. (බ)
අපි සහල් වලින් ස්වයංපෝෂිතයිනේ? (නි)
ලංකාවේ මිනිස්සු හූරාගෙන කන මොකක්හරි හොරයක් තියෙනවා. කාලා බීලා ඉන්න පුලුවන්නම් ජීවත්වෙන්න පුලුවන් එකේ, ලංකාවට මොකක්ද තියෙන අඩුව? මේකත් කාවහරි සතුටු කරන්න කරන වැඩක් වෙන්න ඇති. ලොකු එකගේ සිට පොඩි එකා දක්වා තියෙන්නේ ප්‍රෝඩාව. ස්වයං පාලනයක් නැති ක්‍රමයක්. (නි)